IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අවසාන තීරණය ළඟදීම

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකන් ගුවන්  සේවය, ශ්‍රී ලංකන් කේටරින් ආයතනය  සහ භූමි සේවා සැපයුම්  අංශය (Ground handling) යන අංශයන්හි පරිපාලනය කිසියම් හෝ ආයෝජකයකුට එකට දෙනවාද නැතහොත් වෙන වෙනම දෙනවාද යන්න ගැන ළඟදීම අවසන් තීරණයක් ගන්නා බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් මේ දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.

එම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය  සඳහා මහා භාණ්ඩාගාරයේ කමිටුවක්  මග පෙන්වීම් ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය   ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන්  අවසාන තීරණය ගනු ඇතැයිද  ප්‍රකාශ කළේය.

මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ගන්නාවූ තීරණ  තමා පළමුවෙන්ම පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවද  නිමල් සිරිපාල ද සිල්වා මහතා  අවධාරණය කළේය.

විශාල මුදල් කන්දරාවක් කාබාසිනියා කරන ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැරෙන්නට වෙනත් කිසිම විකල්පයක් නැතැයි පැවසූ අමාත්‍යවරයා එම ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විරුද්ධ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් කෝටි  සියයකට වැඩි මුදලක්  ණයවී  සිටින බවත් ගුවන් සේවය සතු සියලු යානා බද්දට ගත් ඒවා බවත්  ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ ඒ කොටස්වලින්   සියයට 51 ක් රජය සතුව තබා ගෙන බවද හෙතෙම පැවැසුවේය.

මේ අතර එයාර් බස් සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විධායක නිලධාරියකුට  පගාවක්දී ඇතැයි අමාත්‍යවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුණු බව  පැවසූ අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳව එයාර් බස් සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

නඩු පවරා වන්දියක්  අය කර ගැනීමට බලාපොරොත්තු වන බවත්  එම කටයුත්ත එංගලන්තයේ නීතිඥ  සමාගමකට පවරා ඇති බවත් හෙතෙම වැඩිදුරටත්  පැවසුවේය.



අදහස් (17)

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අවසාන තීරණය ළඟදීම

කිරිපුතා Saturday, 10 December 2022 11:22 AM

විදෙස් රටකට නොදී ලාංකික ව්‍යාපාරයෙකුට දුන්න නම් තමයි හොඳ... නමුත් වැඩිම කොමිස් මුදල ඇමැතිට ලැබෙන තැනටනේ යන්නේ... ඒක තමයි අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම න්‍යාය. ජ.වි.පෙ. නම් සුදු වුණත් විරුද්ධයි, කළු වුණත් විරුද්ධයි. ඒක තමයි එයාලගේ රස්සාව NGO වලින් බරට ලැබෙන්නේ ඕනෑම දේකට විරුද්ධ වුණාමනේ...

:       30       15

vinividaSaturday, 10 December 2022 08:57 PM

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමිසේවා සැපයුම් අංශය (Ground handling) යන අංශයන්හි පරිපාලනය ඇතුළුව සමස්ත ශ්‍රී ලංකන් ගුවන් සේවයම "විදේශ ආයෝජකයකුට" ලබදිය යුතුවේ. ලාභ ලබන්නා වූ ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමි සේවා සැපයුම් අංශය හැර පාඩු ලබන්නා වූ සියලු අංශ පමණක් ගැනීමට කිසිඳු ආයෝජකයකු ඉදිරිපත් වන්නේ නැත. එවිට එම ආයෝජකයා සමස්ත ශ්‍රී ලංකන් ගුවන් සේවයම තීරණයක් ගනු ඇත. එහි දිගුකාලීන වාසිය ශ්‍රී ලංකාවට ලැබේ. කිසිසේත්ම ශ්‍රී ලාංකික ආයෝජකයකුට ලබානොදිය යුතුවේ. මෙතෙක් දේශීය ආයෝජකයින් කිසිවකු ඉදිරිපත් නොවිම සහ නැවත දේශපාලන මැදිහත්වීම කිසිසේත්ම සිදුනොවිය යුතු ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවය පාලනය විය යුතුවේ.

:       0       0

vinividaSaturday, 10 December 2022 08:57 PM

ලාබ ලබන්නා වූ ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමි සේවා සැපයුම් අංශය සමග "විදේශ ආයෝජකයකුට" ලබාදීමේදී රජයට අවශ්‍ය වනුයේ 51% shares තබාගැනීමට රජය කටයුතු කළයුතුවේ. එසේ වීමෙන් ( win-win situation for both parties ) රජයට හෝ ආයෝජකයාට ගැටළු නොමැතිව සියල්ල නිරාකරණය කරගත හැකිවනු ඇත. රජයේ මූලික අරමුණ විය යුතුවනුයේ ටැක්ස් ලබාගැනීම මිස business කිරීම නොවේ. ගැටලුවට විසඳුම පළමු අවස්ථාවේම දියයුතු අතර නැවත නැවත සාකච්ඡා කරමින් bargain කිරීම කිසිසේත්ම සිදු නොවිය යුතුවේ...

:       1       3

Sunil Saturday, 10 December 2022 11:58 AM

හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට.. පවරා සිංහරාජය ලී මෝලකට.

:       19       8

de silva Saturday, 10 December 2022 01:34 PM

ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ඕක සම්පූර්ණයෙන්ම විකුණලා දාන්න. ලාබ ලබන කොටස් විකුණලා, පාඩු ලබන කොටස් තියාගත්තොත් වෙන්නේ විශාල පාඩුවක්...

:       1       21

Prase Sunday, 11 December 2022 02:17 AM

ආර්ථිකය නොදන්නා මිනිස්සු මේවගේ කොමෙට් දාලා වැඩක් නැහැ.

:       0       1

දාස Saturday, 10 December 2022 02:48 PM

කවුරු ගත්තත් සිරිපාල තමන්ගේ කට් එක තියාගන්න එක නම් ෂුවර්..!

:       3       19

Rohitha Saturday, 10 December 2022 02:49 PM

කෝ මේ හොරාකාපු කට්ටිය...? කලින් හිටපු සභාපතිලා...! මේකෙන් හොරාකාපු සල්ලි පිටරටවල... අර පානම පේපර්වල නම් ගිය අය කෝ දැන්? ඔවුන් පිටරටවල ෆුල් ආතල් ගන්නවා ලංකාවෙන් හොරාකාලා. අපේ මිනිස්සු ලංකාවේ ඉඳන් පවු ගෙවනවා. මිහින් ලංකා එකෙන් ඒක නැත්තටම නැතිකළා... ඒත් කාටද දඬුවම් දුන්නේ?

:       0       17

Rexi Saturday, 10 December 2022 03:01 PM

අපිත් 225 සහ අනිත් දේශපාලුවෝ ගැනනම් අවසන් තීරණය අරන් ඉවරයි. ඉන්නේ කතිරේ ගහන දවස එනකන්...විශේෂයෙන් කොමිස් කුක්කෝ නම් ගේන්නම ඕනෑ නැහැ.

:       2       8

sugath Saturday, 10 December 2022 03:32 PM

ප්‍රතිව්‍යුහගත කරණයට විරුද්ධ වන උදවිය ඊට ප්‍රායෝගික විකල්ප ඉදිරිපත් නොකරන්නේ නම්, විරුද්ධ වීමේ අර්ථයක් නොමැත.

:       2       18

ranjith Saturday, 10 December 2022 03:41 PM

පාර්ලිමේන්තුවේ දශක ගාණක් එහාට මෙහාට පනිමින් මේ 225 රට විනාශකර තවත් බේගල් දොඩමින් මැරෙනකම්ම ඉන්න තමයි කල්පනාව... රටට කරපු යහපතක් නැහැ. කළේ රට බංකොළොත් කරපු එක තමයි...

:       2       10

Prabha Saturday, 10 December 2022 04:20 PM

මාර බඩුවක්නේ පගා ගැන හොයන්න යන්නේ...!

:       1       15

විපරමා Saturday, 10 December 2022 04:41 PM

මැදමූලනේ හොර දූෂිතයින් සෙට් එකටම දුන්නා නම් හරිනේ...!

:       1       13

Lalith premalal Saturday, 10 December 2022 10:44 PM

ප්‍රතිව්‍යුහ ගත කරනවා කියන්නේ විකුණන් කනඑක නේද? ඔක්කෝම විකුණන් කාපල්ලා. හිටපු මහ එවුන් පවුල් පිටින් ඔවුන්ගේ බූදලේ වගේ ඒ කාලේ මස්සිනා තනියම ප්ලයිට් අරන් ලෝකය වටේ රවුම් ගහද්දී පැටව් ශ්‍රී ලන්කන් ජොබ් දීලා කාන්තාවන් තමන්ගෙ ඔෆිස් වල රාජකාරි කෙරෙව්වා.. ඉතින් ලාභ තියෙයිද?

:       2       1

Sam Gamage Saturday, 10 December 2022 11:47 PM

මෙයාට වැඩේ බාර දුන්නොත් අපූරුවට කරාවි.

:       0       3

fairoos Sunday, 11 December 2022 12:41 PM

රටට හෙණ ගැහුවත් කමක් නෑ... මොවුන්ගේ මඩිය තරවෙනවා නම්... කාලකණ්ණි රට කෑවා...

:       0       0

Lalla Sunday, 11 December 2022 07:31 PM

මෙතෙක් කල් රට කන්න දායක වුණු මේ කාලකන්නි කොහොමද මේවා කරන්නේ...? මොවුන්ට වැඩ බැරි නිසා නේද රටට මේ විනාශයට මුහුණ දෙන්න වුනේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 142 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 437 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 277 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4811 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 389 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 908 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 412 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site