සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2023 නිලAPEX ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්හි තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස අඛණ්ඩව පස්වන වසරටත් එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සමත් වීම විශේෂත්වයකි.
ගුවන් සමාගම් 600කට ආසන්න සංඛ්‍යාවක මිලියනයකට අධික ගුවන් ගමන් වලින් එකතු කරන ලද නිර්නාමික සහ මධ්‍යස්ථ මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙමAPEX passenger Choice Awards සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් ලබාදීම සිදුකරනු ලැබේ. APEX Passenger Awards හි ජයග්‍රාහකයන් තෝරා ගැනීමේ දී ගුවන් යානයේ ආසන පහසුවල මැදිරි සේවාල ආහාර පාලන විනෝදාස්වාදය සහ Wifi යන උප කාණ්ඩ පහක් යටතේ ගුවන් සමාගම්වල මගීන්ගේ ශ්‍රේණිගත කිරීම් සලකා බලනු ලැබේ.
මෙම සම්මානය හිමිවීම පාරිභෝගිකයන්ට උසස් නිෂ්පාදනයක් සහ උණුසුම් සත්කාරය සහ සුවපහසු සේවාවක් මෙන්ම නිවසේ මෙන් හුරුපුරුදු බවක් ගුවන් යානය තුළ දී ලබාදීම වෙනුවෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන අඛණ්ඩ උත්සාහය ඇගයීමට ලක් කිරීමකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන් සතුටු කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙස, වරින් වර එහි ආහාර මෙනුව ප්‍රති නිර්මාණය කරයි. ගුවන් සමාගම මෑතක දී ශ්‍රී ලාංකීය කෑම වර්ග සහ පාන වර්ග කිහිපයක් හඳුන්වා දුන්නේය. සෑම ආහාර වට්ටෝරුවක්ම ඉතා සූක්ෂම ලෙස තෝරාගෙන එහි අමුද්‍රව්‍යවල පෝෂණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි මට්ටමට ගෙන ඒම සඳහා සකස් කර ඇත. ශ්‍රී ලාංකිකයන් සඳහා සුව පහසු ආහාර වේලක් ලබා දීමට අමතරවල ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අරමුණයි.
මේ පිළිබඳව අදහස් දක්මින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය. යළිත් වරක් අපගේ වටිනා පාරිභෝගිකයන් විසින් සිය විශිෂ්ට ගුවන් ගමන් අත්දැකීම ලබා දීමත් ගුවන් සේවය පිළිගැනීමට ලක් කිරීමත් සම්බන්ධයෙන් අපගේ ගෞරවය ඔවුන්ට ලබා දෙනවා. අපගේ ගනුදෙනුකරුවන් සඳහා හොඳම දේ අඛණ්ඩව පිරිනැමීමේ අපගේ අරමුණ මෙමගින් මෙය තවදුරටත් ශක්තිමත් වෙනවා. මේ සෑම සම්මානයක්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාජිකයන්ගේ වෙහෙස නොබලා දරන උත්සාහය කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ නිර්මාණශීලිත්වයට උපහාරයක් වනු ඇත. ඒ වගේම ගුවන් සේවය ජාත්‍යන්තර අවධානයට යොමු කිරීම පිළිබඳව ශ්‍රීලංකන් පවුලේ සෑම සාමාජිකයෙකුටම මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
595
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වි
කොස්ලන්ද අලුත්වෙල හාමිනාකන්ද රක්ෂිතයේ තිබි හිසකදින් වෙන්ව ඝාතනයට ලක්වූ තරුණයකුගේ මළසිරුරක් අද (22) පස්වරුවේ සොයාගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථ
වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු ඇතැයි කියන ස්ථානයක් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරන ලෙස
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන