IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘ශ්‍රී ලංකන්’ තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව

(නිමල කොඩිතුවක්කු)
 

තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන් ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය  දැනුම්දෙයි.
 
ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ -ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ - පැරිසිය හා ඕස්ට්‍රේලියාවේ - සිඩ්නි යන ගමනාන්ත සඳහා මෙලෙස අඛණ්ඩව ගුවන්ගමන් ක්‍රියාත්මක කරන බව සමාගම සඳහන් කරයි.
 
මෙම ගුවන්ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ පිහිටි කාර්යාල මගින් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකි බවද ගුවන් සමාගම සඳහන් කරයි.
 
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකන් වෙබ් අඩවිය මගින් ලබාගත හැකි බවද  ශ්‍රී ලංකන් ගුවන්සේවය නිවේදනය කරයි.



අදහස් (5)

‘ශ්‍රී ලංකන්’ තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව

manjula Friday, 28 August 2020 10:46 AM

මද පෙරදිග අයත් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් එකට හෙන ගහනවද?

:       31       137

Nandalal DE SILVA - France Friday, 28 August 2020 10:55 AM

පසුගිය කාලෙදී ලාභ නැතැයි කියමින් පැරිස් දක්වා පියාසර කරපු ශ්‍රී ලංකන් ගුවන්යානාම කිහිප විටක්ම ගමේ ගිහින් තිබෙන නමුත් එම සේවය අත්හිටවුණාට පසුව මගේ මවිබිමට ගියේ නැත. නැවත ලෝකයේ සුන්දරම නගරයක් වන පැරිස් නුවරට ශ්‍රී ලංකන් යානා එන බව මට යළිත් වරක් ගෙදර ගිහින් එන්න පුළුවන් වීම ගැන ඉතාම සතුටු වෙමි.

:       217       30

බද්රානි Friday, 28 August 2020 03:53 PM

මොනවා නැතත්, ලාංකිකයින්ව රටෙන් පිටමන් කරවලා හරි ලංකාවට විදේශ විනිමය ගේනවා නම් ඒ හොඳටම ඇති... බැරි වෙලාවත් මේ වගේ හිඟන රටවල් වල තියන කොරෝනා නීති, ඒ වගේ සංවර්ධිත රටවලත් දැම්මා නම්, මේ හිඟන්නන්ට බඩගින්නේ තමයි මැරෙන්න වෙන්නේ... මේ ලෝකේ බදාගෙන සදාකාලිකවම ජීවත් වෙන්න පෙරුම්පුරන අපි විතරක් ඉතුරු වෙලා පිටරටවල සුද්දෝ ටික කොරෝනා හැදිලා මැරුණත් අපට ඉතින් මොකද නේද? හැබැයි රට ගිහිල්ලා බඩකට පිරෙද්දී නම් දේශප්‍රේමේ ඔලුවට ගහලා කල්ලි කණ්ඩායම් හදාගෙන ලංකාවේ දේශපාලකයින්ට ආවඩනවා. ලොකුකම පෙන්වන්න ආධාරත් කරනවා. ඊට පස්සේ අතේ තියන තුට්ටු දෙක නිකරුනේ වියදම් කරගෙන දෙතුන් ගුණයක් ගෙවලා වැඩි ගාණට දේශීය ගුවන් යානයෙන් නැවත පිටරටටම යනවා. අනේ මෙහෙමත් සුන්දර ජීවිත නේද?

:       303       239

Saman dubaiSaturday, 29 August 2020 05:03 AM

සහතික ඇත්ත ඩුබායිවල ඉන්න අපටත් ලියුම් ලැබුණා ශ්‍රී ලංකන් එකෙන්...එවපු එකේ හැටියට ඩිරාම් 4800ක් හෙවත් රැපියල් 250000ක් ගෙවලා ගෙදර එන්න පුළුවන්. නුවර එළියේ හෝටලයක දින 14ක් නිරෝධායනෙත් ඇතුළුව.. පුදුම වැඩක්... අමාරුවේ වැටිලා ඉන්න මිනිස්සුන්ව හූරන් කනවා. වෙනදා සාමාන්‍ය යටිකට් එකක් රුපියල් 30000ක්වත් වෙන්නේ නැහැ. මේක ආණ්ඩුවේ කෙනෙක්ගේ බිස්නස් එකක්.

:       0       0

විජේ Saturday, 29 August 2020 05:04 AM

මෙල්බර්න් අපි පව්, අනේ අපිවත් අරන් යන්ඩෝ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 18 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 572 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 445 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1022 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 509 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 2306 2

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1908 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site