(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව මහජන ප්‍රදර්ශනයට විවෘත බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි.
යුද්දය හේතුවෙන් 2002 වසරේදී තෝණිගල සෙල්ලිපිය විනාශ වේයැයි පැවති අවදානම නිසා වැලි සහ පස් යොදා වසදමා තිබූ අතර පසුව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි ඉල්ලීමකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව වසදමා තිබූ පස් සහ වැලි ඉවත් කොට නැවත පිටපත් කරගැනීම සිදුවූ අතර එහිදී සෙල්ලිපියේ අක්ෂරවලට කිසිදු හානියක් සිදු නොවී ඇති බවටද පුරාවිද්‍යා නිලධාරීන් පවසූහ.
ලාංකේය ඉතිහාසය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රීලාංකේය ආර්ථික ඉතිහාසය සම්බන්ධයෙන් සුවිශේෂි තොරතුරු රාශියක් මෙම තෝණිගල සෙල්ලිපි මගින් අනාවරණය වේ.
මෙම ගල් තලාවේ ප්‍රධාන සෙල්ලිපියට අමතරව තවත් සෙල්ලිපි දෙකක් පිහිටා ඇත. ඊට අමතරව වෘත්තාකාර පුරාවිද්‍යා ව්‍යුහ 2ක්, කණු පාදම් සහිත ස්ථානයක් සහ පොකුණු දෙකක් අවට දැකගත හැකිය. ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් සාධකද ගල් තලාවේ තැනින් තැන විසිර පවතී.
මෙම සෙල්ලිපිය මහසෙන් රජුගේ පුත් ශ්‍රී මේඝවර්ණාභය රජු (ක්‍රී.ව. 303-331) විසින් කරවා ඇත. එහි ආරාම පාලනය, ආගමික චාරිත්‍ර, ධාන්‍ය තැම්පත් කළ වෙළඳ මධ්‍යස්ථානයක පොළී ක්‍රම සහ මුදල් ක්‍රම පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අන්තර්ගත වේ .
එය වර්තමානයේ බැංකුවකට සමාන ස්ථානයකි. වී සඳහා 50 % ක පොළියක් ද අනෙක් ධාන්‍ය සඳහා 25% ක පොළිවක් ද ගෙවූ බව දක්වයි. එසේම මෙම කාලයේ යළ මහ සහ මැද යනුවෙන් කන්න තුනකට වී වගා කළ බව ලිපියේ සඳහන්ව තිබේ. එමෙන්ම ‘යහිස පවත’ විහාරය වර්තමාන මඩුකන්ද ශ්‍රී දලදා විහාරය බව ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීමයි.
සෙල්ලිපි අක්ෂර පිටපත් කර ගැනීමේ අවස්ථාව සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මණතුංග මහතාගෙ උපදෙස් පරිදි අභිලේකන හා නාණක විද්‍යා අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් අභිලේකන හා නානක විද්‍යා අංශයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරීන් පිරිසක් විසින් තෝණිගල සෙල්ලිපි නැවත පිටපත්කරගැනීම සිදුකරන ලද අතර ඒසඳහා වව්නියාව දිස්ත්‍රීක් පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ආර්.ජී ජයතිලක මහතා, ප්‍රාදේශීය ගවේෂක පියුම් පෙරේරා මිය, පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී වික්‍රමසිරි පියදාස, සංවර්ධන නිලධාරී අනුරාධ බණ්ඩාර යන අය පූර්ණ සහය ලබා දී ඇත.
කෙසේ වෙතත් ඓතිහාසික තෝණිගල සෙල්ලිපි මහජන ප්‍රදර්ශනය සඳහා වව්නියාව සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂාව සහ මගපෙන්වීම් යටතේ සිදුවන අතරම සෙල්ලිපි දැකබලා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැපයීමේදී යම් බාධාවන් පවතින බවටද වාර්ථා වෙයි.
එමෙන්ම තෝණිගල සෙල්ලිපි නියමු සැල්ස්මට මුදල් ප්‍රතිපාදන වෙන්වී නොමැති බවටත් එසේ මුදල් ප්‍රතිපාදන වෙන්වන්නේ නම් ජනතාවට පහසුකම් සපයා සේල්ලිපි ආරක්ෂා කිරීමට විධිමත් සැලස්මක් ක්‍රියාත්මක කිරීමට හැකි බවටද වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලාංකේය ඉතිහාසේ ආර්ථිකය ගැන කියන තෝණිගල සෙල් ලිපිය බලන්න අවසර
කිරි පුතා Monday, 22 August 2022 12:30 PM
බොහෝම පරිස්සමෙන් කරන්න ඕනෑ. නැත්නම් ඔය පැතිවල ඉන්න නඩුකාරයෙක් කියන්න ඉඩ තියෙනවා.. ඒකෙ තියෙන්නේ ඊලාම් සිතියම කියලා. එහෙව් අය ඒ පැත්තේ ඉන්නේ..!
maha zen Monday, 22 August 2022 01:36 PM
ළමයි දැනුවත් කරන්නේ කවදාද?
sharm warn Monday, 22 August 2022 01:51 PM
මේ සෙල්ලිපියේ ෆයිබර් අනුරුවක් බැංකුවක කුඩා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. එහි ප්‍රධාන කාර්යාලයට යන කෙනෙකුට මෙය දැකගන්න පුළුවන්.
සමන් - ඕමානයMonday, 22 August 2022 02:34 PM
එම ෆයිබර් ග්ලාස් අනුරුව තබා ඇත්තේ මොන බැංකුවේද යන්න දැනුවත් කලොත් වටිනවා.
samanMonday, 22 August 2022 05:50 PM
ඒ බැංකුවත් 50% පොලී ගෙවනවද?
Tissera Monday, 22 August 2022 02:24 PM
මහ බැංකුවේ අයට මේක පෙන්නුවා නම් හොඳයි..!
siril Monday, 22 August 2022 04:04 PM
මෙච්චර සම්පත් තියෙන රටේ. හරියට ආර්ථිකයක් තිබිල, මිනිස්සු බුද්දිමත් ලෙස ජීවත් උනා නම් මෙහෙම ලොකෙ කාලකන්නි රටක් වෙයිද?
ගමේ එකාලා Monday, 22 August 2022 04:15 PM
ලන්කාවේ දුෂිත දේසපාලුවෝ ඔය දේවල් ගැන දන්නෙත් නැතුව ඇති .
වසන්ත පුංචිහේවා Monday, 22 August 2022 08:12 PM
මෙම සෙල්ලිපිය හා එහි අන්තර්ගතය ගැන අප දිවයිනේ සෑම කෙනෙක්ම දැනගත යුතුයි. එය ආර්ථික, ඉතිහාස හා සමාජ විද්‍යාව හදාරන සෑම දෙනෙකුත් දැනගෙන සිටිය යුතුයි. මෙයත් දඩයමේ ගිය තිස්ස රජතුමාට, මිහිඳු මාහිමියන් “පරිසරය” ගැන දුන් අවවාදය වගේම වැදගත්...