IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතයි:රටවල් 14ක් ඡන්දය නොදෙයි

(තිළිණි ද සිල්වා සහ හර්ෂණ තුෂාර සිල්වා)

ජීනිවා මානව හිමිකම් කවුන්සිලියේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් හයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 11 කින් ඊයේ (23) සම්මත විය.

යෝජනාවට පක්ෂව රටවල් 22 ඡන්දය දුන් අතර රටවල් 11ක් යෝජනායට විරුද්ධව ඡන්දය දුන්නේය. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

යෝජනාවට පක්ෂව (ශ්‍රී ලංකාවට විරුද්ධව) ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, අයිවරි කෝස්ට්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි දූපත්, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, බ්‍රිතාන්‍යය සහ උරුගුවේ යන රටවල් 22 ඡන්දය දුන්නේය.

බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව යන රටවල් 11 යෝජනාවට විරුද්ධව (ශ්‍රී ලංකාවට පක්ෂව) ඡන්දය දුන්නේය.

බහරේනය, බුර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබෝන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මොරිටානියාව, නැමීබියාව, නේපාලය, සෙනගල්, සූඩාන් සහ ටොගෝ රටවල් 14 ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගකීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය මැයෙන් මෙම යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබුවේ බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිසෝනියාව මොන්ටිනිග්‍රෝ සහ මලාවි රාජ්‍ය විසිනි.


( තිළිණි ද සිල්වා )

බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව රටවල් 22ක් විපක්ෂව තවත් රටවල් 11ක්  ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ජීනිවා තනාපති ආරංචි මාර්ග කියයි.


( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 6ක් ඒකාබද්ධව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධව රටවල් 14ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය.

ඉවත දමන්නැයි චීනය , රැසියාව , වෙනිසියුලාව ,පකිස්තානය , කියුබාව එම කවුන්සිලයට දන්වයි.

ජපානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.

අදාළ යෝජනාව පිළිබඳ කවුන්සිලයේ සාමාජික රටවල කරුණු දැක්වීම තවදුරටත් සිදු කෙරේ. ඉතා ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාස්තාව සංශෝධනය කිරිම ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ඉන්දිය රජයේ නියෝජිතයා කවුන්සිලය හමුවේ කියයි.

 



අදහස් (29)

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතයි:රටවල් 14ක් ඡන්දය නොදෙයි

C.K. Lankaputhra Tuesday, 23 March 2021 11:31 AM

දැන් ඉතින් කෙස් පැලෙන තර්ක ගෙනැල්ලා පෙන්නයි අපි දිනුවා කියලා... කට්ටිය පාරවල් වල කිරිබත් උයලා හොඳට කාලා බීලා පස්ස පැත්තේ අතපිහගෙන වැනි වැනී ගෙදර යයි. ඊට පස්සේ රටට අබ සරණයි.

:       155       80

kapilaTuesday, 23 March 2021 01:37 PM

හරි නේ දැන් ඕකටනෙ දැගලුවේ

:       0       0

sathyapalaWednesday, 24 March 2021 12:41 AM

ඉන්දියාවේ අදාණිට ගෙඩිය පිටින් නැගෙනහිර ජැටිය දුන්නා නම්, MCC ගිවිසුමට කණා අත්සන ගැහුවා නම් ඉන්දියාව, ඇමෙරිකාව මේක ගෙනෙන්නේ නෑ. මද්‍රසා පාසල් පවත්වාගෙන යන්න දුන්නා නම්, මුස්ලිම් මළසිරුරු පමණක් වලදාන්න දුන්නානම් අරාබි රටවලුත් මේකෙදී ලංකාව පැත්තේ. මේ හැම තර්ජනයක්ම තම රටට වාසි ලැබෙන ගිවිසුම්වලට පොඩි රටවල් නම්මවා ගැනීම. ඒකයි "ගෝඨා ෆේල්" "සර් ෆේල්" කියන්නේ. "සර් ෆේල්" වෙන්නේ රට පාස් කරගන්න. ජනප්‍රිය වෙන්න සහ සුළු ජාතික ඡන්ද ගන්න වැඩ කළා නම් සර් පාස් හැබැයි රට ෆේල්...

:       18       9

මුණසිංහWednesday, 24 March 2021 01:57 AM

පක්ෂ දේශපාලනය සහ බලයට ඇති කෑදරකම නිසා රට පාවලා දෙන කාලකණ්නින් රටින්ම එළවිය යුතුයි. අපි මොකටද එක එකාට කොන්ද නවන්නේ...? ඇයි ජාතියක් ලෙස විදෙස් අත පෙවීම්වලට විරුද්ධව එකා මෙන් හිටගන්න බැරි? අපේ රටේ තියෙන සම්පත් වලටයි රටේ පිහිටීමේ වැදගත්කමයි ප්‍රයෝජනයට ගෙන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ප්‍රමුඛ විදෙස් බලවේග මේ කරන විගඩම්වලට එරෙහිව එකට ඉන්න බැරි ඇයි?

:       7       5

fairoos Tuesday, 23 March 2021 11:49 AM

ඉන්දියාවේ සහයෝගය ලැබුණද? අයියෝ

:       13       64

chinthaka Tuesday, 23 March 2021 11:53 AM

එහෙනම් අපිට හරි

:       56       28

Raveendra Tuesday, 23 March 2021 11:55 AM

ඔන්න රිසාල්ට් ඇවිත්

:       72       50

RaveendraWednesday, 24 March 2021 01:13 AM

ඔබ සහ මම දෙදෙනෙක් බව පළමුව සඳහන් කරන්නෙමු. මක්නිසාදයත් එකම නමින් අදහස් ප්‍රකාශ කිරීමේදී කියවන අය වැරදි වැටහීමක් ලබාගන්න බැවින් අප එසේ සඳහන් කරන්නෙමු. තවද මේ මාගේ සත්‍ය නම බවත් සඳහන් කරන්නෙමු. ඔබගේ මේ සඳහන්ව ඇත්තේ සත්‍යයක් යැයිද නොදන්නෙමි. කෙසේවෙතත් මෙහි අදහස් කියවීමේදී වැඩි පිරිසක් තමන්ගේ පක්ෂ පෙරදැරි කරගෙන තම අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව අප අවංකව කණගාටු වන්නෙමු. රටක් හැටියට එකා මෙන් සිටිය යුතු මොහොතක අප අපගේ පක්ෂ ඔලුව උඩ තබාගෙන අප උපන් අපේම ලංකා මාතාවට අපහාස කරමින් උඩබලාගෙන කෙල ගැසීම සුදුසුදවත් නොදන්නා බව සමහර අදහස් කියවීමේදී හොඳින් පැහැදිලි වන අවාසනාවන්ත කරුණකි. එවන් වැදගත් කරුණු කාරණා නොතේරුණු මිනිසුන් කෙසේ රටදැය වෙනුවෙන් සටන් කරයිද, රටදැය වෙනුවෙන් වැඩකරයිද යන්න තේරුම් ගැනුමට අපහසු නොවෙන බව කණගාටුවෙන් සඳහන් කරන්නෙමු...

:       7       5

Ranjith Tuesday, 23 March 2021 12:00 PM

අපි කාටද බය. සෝමාලියාවත් අපේ පැත්තේ. ශ්‍රී ලන්කන් ගුවන්යානාත් දැන් නිකන් තියෙන එකේ අගමැතිතුමා වහාම සංචාරයකට යන්න වටිනවා.

:       63       64

සෙනෙවිරත්න Tuesday, 23 March 2021 12:11 PM

රජය යථාර්ථයට මුහුණ දිය යුතුයි. මෙහෙ බොරු රඟපෑම් කරලා වැඩක් නැහැ. මේකේ හොඳපැත්ත තමයි මේ කට්ටියට යම්තාක් ප්‍රජාතන්ත්‍රවාදීව ඉන්න හිතනවා.. දිනුවා නම් ඒක පවුලේ ජයග්‍රහණයක් ලෙස හිතලා පරණ සෙල්ලම් කරනවා..

:       104       114

mohomed Tuesday, 23 March 2021 12:14 PM

ජාතිවාදය අවුස්ස අවුස්සා නටපු නරි මෝඩයින්ට දැන් ඉතින් සතුටු ඇති.

:       26       107

jayasekaraWednesday, 24 March 2021 03:55 AM

හරි ආස ඇති නේද? උපන් රට අමාරුවේ වැටෙනවට.. මම හිතන්නේ ඔයා අරාබි රටකද කොහේද ඉපදිලා තියෙන්නේ..?

:       23       8

RaveendraWednesday, 24 March 2021 05:40 AM

ඔබගේ අදහස් නිවැරදිය... වැඩිදෙනෙකු තමන්ගේ දේශපාලන අරමුණු පෙරදැරි කරගෙන තමන් උපන් තමන්ගේම මාතෘභූමියට වචනයකින් හෝ විනකිරීමට පහත හෙලීමට ඇත්තේ පුදුමාකාර කැමැත්තකි. එය ඉතාම අවාසනාවන්ත තත්වයකි...

:       14       8

siri Tuesday, 23 March 2021 12:16 PM

මේ වැඩේ හිතන තරම් ගුණදායක නැත. "ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් 14 සහ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් රටවල් 11 එකතුව අපේ පැත්තට රටවල් 25 ක් තියෙනවා. එ් නිසා අපි තමා දිනුම්" කියලා දැන් කයිවාරු ගහයි ඔන්න... ඒ වුණාට මේ යෝජනාවේ වැදගත්ම කොටස ලෙසට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට පැවරෙන “ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට" ගන්නා ලද තීරණය බවයි සමහරු කියන්නේ. ඒ අනුව " මහ කොමසාරිස්වරියගේ කාර්යාලයෙහි නීතිවේදීන්ද ඇතුළත් විශේෂ ඒකකයක් ස්ථාපිත කරන අතර ඒ සඳහා ඉදිරි මාස 22 වෙනුවෙන් ඩොලර් මිලියන 2.8ක වැය ශීර්ෂයක් ලැබූ බවත් කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු මෙම ඒකකය මගින් ලබා දෙන බවත්" තතු දන්නා අය අනතුරු අඟවා ඇත...

:       103       65

ජේ පී ආර් කරුණාරත්න Tuesday, 23 March 2021 01:08 PM

ධනාත්මක චින්තනය ගැන පොත් කියෙව්වාට නිවුස් එකකට පාවිච්චි කරන්න ඉගෙන ගත්තේ අද තමයි. අතිවිශිෂ්ඨයි සෑර්...

:       50       41

බද්රානි Tuesday, 23 March 2021 01:56 PM

ඔය පරණ මානව හිමිකම් කතා නෙමේ, අදත් ශ්‍රී ලංකා රජය මේ රටේ ජනතාවගේ මානව හිමිකම් කඩ කරනවා. තමන්ගේම රටේ ජනතාව පිටරටවල අතරමන් කරලා ඔවුන්ට තමන්ගේම රටට එන්න බැහැ. ආවොත්, වත්මන් පාලකයින්ට සම්බන්ධ හොර තක්කඩි කල්ලියක් විසින්. හම්බ කරපු සේසතම සූරාගෙන කනවා. ආයේ මීටත් වඩා මොන මානව හිමිකම් උල්ලංඝනයක් ලෝකයේ කොහෙද තියෙන්නේ...? හරි නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ යුත්තේ, ඔවුන්ගේ භට හමුදාවන් මේ රටට බස්සවා මේ රටේ ජනතාව මේ හොර නඩයෙන් බේරා ගැනීමයි. තවදුරටත් මේ රට ජාතියක් නියෝජනය කරන රටක් නොවේ.. රටේ ජීවත් වෙන සියලුම ජාතීන් මේ හොර තක්කඩි මාෆියා කල්ලියේ ගොදුරක් පමණයි...

:       89       80

sharm warnWednesday, 24 March 2021 04:44 AM

බද්‍රානි, ඔයා කියන දේවල් නොතේරෙන කට්ටියක් මෙව්වා කියවනවා... ඒගොල්ලෝ හිතන්නේ මේ කමෙන්ට් වලට අකමැත්ත සඳහන් කළාම අපේ මානව හිමිකම් සුරැකිලා ජිනීවාවලින් අපට සහනයක් ලැබෙයි කියලා.. මෙතැනදී අපි සංවේදී වෙලා වැඩක් නැහැ. අපේ වැරැදි නිවැරැදි කරගෙන අපි නිවැරැදි තැනයි ඉන්න ඕනෑ කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මේක තමයි අපේ රටට වෙලා තියෙන සාපය...

:       5       10

Mr Don Tuesday, 23 March 2021 03:52 PM

මොහොමඩ්ලාගේ ඡන්ද ලැබුණා. ලොකු අයියා (ඉන්දියාව) හැංගුණා.

:       5       45

සමන්ත Tuesday, 23 March 2021 03:58 PM

මෙය මහජනතාව ලෙස අප වෙනුවෙන් ගත් සාධනීය පියවරක් වන අතර කුමන අන්දමේ එකාධිපතියෙකුට හෝ අපරාධ කරුවන්ට සහ මිලිටරි අත්තනෝමතික භාවයට එරෙහිව ගත් හොඳ පියවරකි. මින්පසු රාජපක්ෂ නඩයට සෙල්ලම් දැමීමට පෙර දෙවරක් සිතීමට සිදුවනු ඇත​.

:       4       14

69lakshaya Tuesday, 23 March 2021 05:58 PM

අපේ ආණ්ඩුවට 2/3ක බලයක් තියෙනවා. 69 ලක්ෂයක් ජනතාව අපේ ආණ්ඩුවත එක්ක ඉන්නවා. අපේ හමුදාවල් 30 අවුරුදු යුද්ධයක් දිනුවා. ලෝකේ දරුනුම ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක. ඔය කෙහෙල්මල් කවුන්සලේ අපිට මොනවා කරන්න ඇද්ද ඔය රටවල් එක්ක?

:       0       2

Rata Perata Tuesday, 23 March 2021 07:00 PM

ඔන්න අපේ සර් ජාත්‍යන්තරයෙනුත් ෆේල් වුණා. අපේ වැඩ අලකරන, වනාන්තර වනසන, ආර්ථීකය කාබාසිනියා කළ සර් එලවා දමමු...

:       2       8

Kule Tuesday, 23 March 2021 09:47 PM

යුද්දේ දිනන්නේ නැතිව හිටියානම් යුද ජයග්‍රහණයට ඉස්සෙල්ලා අඳ, ගොලු, බිහිරි වගේ හිටපු මානව හිමිකම් කොමිසම අදටත් ඒ වගේ ඉන්නවා. කොටි බෝම්බයකින් 100ක් 200ක් මළත් කණගාටුව සහ හෙළාදකිනවා විතරයි.

:       3       3

Deepal Nirosh Wednesday, 24 March 2021 03:20 AM

පක්ෂව 22යි, විපක්ෂව 14යි. යෝජනාව සම්මතයි, ගැටළුවක් නැහැ. දැන් තියෙන්නේ සාමාන්‍ය පරිදි අපි අපේ වැඩ කටයුතු කරගෙන යාමයි. මේ ගැන බොරුවට විවාද කරගන්න ඕන නැහැ. නිකරුණේ කාලය කා දැමීමක්. මීළඟ මානව හිමිකම් සමුළුවේදීත් නැවත මේ වගේම ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වෙනවා. මංගල න්‍යායට අපිත් මේ යෝජනාවට නිවට සම අනුග්‍රහකත්වය දැක්වුවා නම් ඔන්න යෝජනාව ඉල්ලා අස්කර ගනීවි.

:       4       6

Asela samarakoon Wednesday, 24 March 2021 06:17 AM

මේ අදහස් දක්වන ඔක්කොම මෝඩ හරක් තමයි... ඔහේ කියවනවා.

:       4       5

Nishan Wednesday, 24 March 2021 06:44 AM

මෙවර යෝජනාවලිය සකසා තිබෙන්නේ යුද්ධය පමණක්ම සලකා නොවෙයි. සිරගෙදර ඝාතන, මාධ්‍යවේදීන් ඝාතන සහ පහරදීම්, 20 වෙනි සංශෝධනයේ ඇතුළත් කාරණා සියල්ල සලකායි.

:       1       11

banda Wednesday, 24 March 2021 07:39 AM

අර බොරළුගොඩයා කියනවා ඡන්දෙ නොදීපු අය අපේ පැත්තේ නිසා අපි දිනුම් කියලා. එම තියරියට අනුව පසුගිය ජනාධිපතිවරණයේ පැරදුණු සජිත්ට ඡන්දෙ නොදීපු අයගේ ඡන්ද ටික එකතු කරලා සජිත් ජනාධිපති කරන්න බැරිද?

:       4       10

සනත් ඉතාලිය Wednesday, 24 March 2021 08:22 AM

කැලෑ කපනවෝ., සිංහරාජෙ වනසනෝ, මලමිනි පුච්චනෝ, මාධ්‍යවේදීන් උස්සනෝ, සුලුජාතීන් යකඩ සපත්තුවෙන් පාගනෝ. මේ සියලූම කතා දැල්ල නිවීගියා සේ නිවීයාමට නියමිතයි.

:       7       5

CHANDIMA Wednesday, 24 March 2021 08:52 PM

උතුරට පළාත් සභා නෙමෙයි. වෙනම රාජ්‍යයක් දෙන්න ආයුධත් එක්කලා. එදාට පෙනෙයි ඒ රාජ්‍යය ගහලා අත්පත් කරගන්නේ කවුද කියලා..

:       0       1

ranjith Thursday, 25 March 2021 10:41 PM

ඡන්දෙට ඕක මාකට් කරා.. දැන් ඇති... අද මිනිස්සුන්ට බඩුමිල දරාගන්න බැහැ. ඒකට විසඳුමක් දීලා ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 1450 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 698 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 763 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 407 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1716 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 541 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 884 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 550 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site