(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ තලය අනුව විශාල පරිමාණයේ භූකම්පන තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ නැතැයි භූ විද්‍යාව සම්බන්ධව ආචාර්ය මහාචාර්යවරු පිරිසක් ඊයේ ( 23 ) අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව හා භූකම්පන අවදානම සම්බන්ධව භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පවත්වනු ලැබූ විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී මේ බව හෙළි කරනු ලැබීය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ ගණනාවකින් වරින්වර ඇති වූ සුළු භූ කම්පන තත්ත්වයන් නිසා ඉදිරියේ දී ශ්‍රීලංකාව තුළ විශාල ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇති වීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධව කරුණු පැහැදිළි කර ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විනි.
ඊට අප රටේ භු විද්‍යාව පිළිබඳ ඉහළ දැනුමක් ඇති ආචාර්ය මහාචාර්යවරු රැසක් සහභාගි වූහ. මහාචාර්ය අතුල සේනාරත්න, මහාචාර්ය එල්. ආර්. කේ. පෙරේරා, ආචාර්ය එන්. පී. විජයානන්ද, ආචාර්ය බර්නාඩ් ප්‍රේම් මහතා සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන බන්දුල කන්දරගම මහතා ද ඊට සහභාගි විය. GSMB සභාපති අනුර වල්පොල මහතා මෙම වැඩ සටහන මෙහෙයවනු ලැබීය.
මෙහිදී අදහස් පළ කළ සියලු ආචාර්ය මහාචාර්යවරු අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු- ඕස්ට්‍රේලියානු භූ තලයේ මධ්‍යයට ආසන්නව නිසා සුළු සුළු භූකම්පන තත්ත්වයන් ඇතිවිය හැකි වුවත් විශාල පරිමානයේ භූකම්පනයක් ඇතිවිමට ඇති හැකියාව ඉතාමත් අල්ප බවය.
දැනට සිදුව තිබෙන සියලු භූමිකම්පාවලින් සියයට 98ක්ම සිදුව තිබෙන්නේ භූ තල මායිම් ආශ්‍රිතව වන බවත් තට්ටුතල මායිම්වලින් බැහැරව සිදුවන භූමිකම්පන ප්‍රමාණය සියයට 02ක් බවත් එමනිසා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති වුවත් භූමිකම්පා වලින් ආරක්ෂාවීම සඳහා ගත හැකි තාක්ෂණික පියවර ගැනීම සුදුසු බවත් එම විද්වතුන් අවධාරණය කර සිටියහ.
දැනට මහකනදරාව, පල්ලෙකැළේ හා හක්මණ හා බුද්ධංගල භු කම්පන මධ්‍යස්ථාන 04ක් පිහිටුවා ඇති අතර ඉදිරියේ දී බස්නාහිර හා වයඹ පළාත තුළ තවත් දෙකක් ස්ථාපිත කිරීමට යෝජිත බව එහි දී හෙළි වූ අතර ඒ අනුව භු කම්පන සම්බන්ධව සාර්ථක දත්ත එක්රැස් කර ගැනීමක් තවදුරටත් සිදු කළ හැකිවේයැයි එහි දී අදහස් දැක්වු භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා කියා සිටියේය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවට විශාල පරිමාණයේ භූ කම්පා තර්ජන නැහැ
කල්පනා Friday, 24 September 2021 03:20 PM
භූ කම්පන නැතත් වැව් බැමිවල ජොගින් පාක් හදවන විටත් අලිමංකඩවල් හරස්කර වාහන පුහුණු අංගන සෑදීමට යාමෙන් අසරණ ජනතාව පීඩාවට පත්වනු දැනීමෙනුත් සංචාරකයින්ට යාමට ජොගින් පාක් හදද්දී හදිසියේ රෝගියෙකු රෝහලට ගෙනයාමට දරුවන්ට පාසල් යාමට මාර්ගයක් නැතිව අසරණව සිටිනවා.. දැකීමෙනුත් ගොවිතැනින් ජීවත්වන ජනතාවගේ ගොවිබිම් මහා පර්මාණ වගාවන්ට දෙනවිටත් හදවතේ දැඩි කම්පනයක් ඇතිවෙනවා..