(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරටට මසකට ආහාර ආනයන සඳහා වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 130 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.
එසේම පෝෂ්‍යදායි ආහාර සහ එළවළු මිල, ආර්ථික අර්බුදය ඇති වීමට පෙර තිබූ මිලට වඩා දෙගුණයක සිට පස් ගුණය දක්වා වැඩි වී එම වාර්තාවේ සඳහන් වේ.
ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ජපානය, නවසීලන්තය යන රටවල රජයන් සහ එක්සත් ජාතීන්ගේ හදිසි ප්‍රතිචාර අරමුදල,පුද්ගලික අංශයේ හවුල්කරුවන්, බහුජාතික පරිත්‍යාගශීලින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 20.74 මුදලක් ලෝක ආහාර වැඩසටහනට පරිත්‍යාග කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
නමුත් ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට ජූලි සිට දෙසැම්බර් දක්වා සහාය වීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 63 ක මුදලක් ලෝක ආහාර වැඩසටහනට අවශ්‍යව ඇති බවත් ඒ අනුව තවත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 42.3 ක හිඟයක් පවතින බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.
ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝගික භාණ්ඩවල මිල ජනතාවට බරක් වීම හේතුවෙන් ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් ආහාර ද්‍රව්‍ය,පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන් පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙළඳසැල් වෙත ගමන් කරන වාර ගණන වැඩි වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රජය ඉදිරි මාස 12 සඳහා ඉන්ධන ආනයනය සීමා කිරීම හේතුවෙන් දෛනික අවශ්‍යතා සඳහා පෙට්‍රල් ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමට නොහැකි වීමට ඉඩ ඇතැයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියාවක් සොයා ගැනීමට හෝ රැකියාවට යාමට ඇති හැකියාව අවම කර ඇති අතර එය පාසැල් මෙන්ම රාජ්‍ය සේවයද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට බාධා එල්ල කර ඇති බව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.
තවමත් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3 කට ආහාර සුරක්ෂිතතාවයක් නොමැති බවත් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය. එසේම ශ්‍රී ලාංකිකයන් මිලියන 6.7 ක් පිළිගත හැකි ආහාර වේලක් නොගන්නා බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ ඉදිරි ආහාර අර්බුද ඩබ්ලිව්.එෆ්.පී පෙන්වයි