( තිළිණි ද සිල්වා )
සෞඛ්‍ය සම්පන්න හා තිරසර ආහාර පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයන් පිළිබඳව සිය ප්‍රසාදය පලකරන බව ඉන්දීය ආහාර හා කෘෂිකර්මවේදය පිළිබඳ විශේෂඥ දේවින්දර් ශර්මා මහතා කියා සිටී.
එක්සත් ජාතීන්ගේ ආහාර වැඩපිළිවෙළ, සෞඛ්‍ය සම්පන්න තිරසර හා සාධාරණ ආහාර පද්ධතියක් කරා යාමේ අවශ්‍යතාව හඳුනාගැනීමටත් පෙර, ශ්‍රී ලංකාව ඒ සඳහා යොමු වී ඇති බවත් , විශේෂයෙන්ම රසායනික පොහොර සහ පළිබෝධනාශක මෙන්ම ෆාම් තෙල් ආනයනය කිරීම තහනම් කිරීම සහ කාබනික වගා සඳහා කෘෂි ව්‍යාපාර දිරිමත් කිරීම සම්බන්ධයෙන් වන තීරණ ඒ අතර කැපී පෙනෙන බව ඉන්දීය ආහාර හා කෘෂිකර්මවේදය පිළිබඳ විශේෂඥ දේවින්දර් ශර්මා මහතා 'ට්‍රිබියුන් ඉන්දියන්' පුවත්පතට ලිපියක් ලියමින් මේ බව සදහන් කර සිටී.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වර්තමානයේ රට මුහුණ දී ඇති විවිධ ආර්ථිකමය අභියෝගයන්ට සාර්ථකව මුහුණදෙමින් සිටින බවද කෘෂි විශේෂඥ දේවින්දර් මහතා එමගින් පෙන්වා දේ.
රට තුළ ව්‍යාජ ලෙස ආහාර හිඟයක් නිර්මාණය කීරීමට ඇතැමුන් ගන්නා උත්සාහය හමුවේ වුවද, ජනාධිපතිතුමා කාබනික පොහොර සඳහා වූ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට නොසැලී ක්‍රියා කිරීම පිළිබඳව අගය කල යුතු බවද ඒ මහතා කියා සිටි.
තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා යන මේ ගමනේ අතර මග පැමිණෙන බාධා සියල්ල තාවකාලික හා විසඳිය හැකි ප්‍රශ්න බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලොවටම නිහඬව ප්‍රකාශ කර ඇති බව ත් , විවිධ දුර්මත සහ සමාජය නොමග යැවීමට උත්සාහ ගන්නා ඇතැම් දේශපාලනඥයින්ට මෙය තේරුම් ගැනීමට අපහසු වුවද බුද්ධිමත් පුරවැසියන් හා ලෝක ප්‍රජාව දැනටමත් මේ දැක්ම පිළිගෙන අවසන් යැයිද බව ඉන්දීය ආහාර හා කෘෂිකර්මවේදය පිළිබඳ විශේෂඥ දේවින්දර් ශර්මා මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දේ.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ ගමන් මග ඉන්දීය විශේෂඥයෙක්ගේ පැසසුමට
නිමල් Tuesday, 05 October 2021 08:57 PM
සල්ලිවලට නොවේනම් ටිකක් ඔලුව බලාගත්තොත් නරකද.
බද්රානි Tuesday, 05 October 2021 09:58 PM
අනේ, මොනවට කියනවද ඔය ප්‍රශංසාව ගැන? අසල් වැසියන්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන දකුණු ආසියානුවන් ගැන, මේ ලංකාවේ අපිට ආයේ අමුතුවෙන් උගන්වන්නත් ඕනද? රටේ මෝඩයින්ට නම් ඉතින් මේ පුහු වර්ණනා ආඩම්බර වීමට තරම් කාරනා තමයි. අපට නම් ඉතින් හිනා යනවා
විකුම් Tuesday, 05 October 2021 11:26 PM
ඇතැමුන්ට ඉහත ලිපිය වේදනාව ගෙන දෙන ලිපියක් වේවි. එහෙත්, නිවැරැදි දැක්මක් සමගින් රටේ ඇතැම් අංශ ඉදිරියට යන අයුරු සැබැවින්ම බුද්ධිමත් ජනතාව තේරුම් ගනිමින් සිටියි. ඒ නිසාදෝ මන්දා කකුලෙන් අදින අයට මහජන සහයෝගයක් නැත්තේ.
දාසWednesday, 06 October 2021 05:59 AM
වේදනාවක් ගෙනදෙන්නෙ හේතුවක් ඇතිව , දැනටමත් තේ කර්මාන්තයේ යෙදිල ඉන්න අය පවසනව තේ වගාවෙ ආදායම අඩුවෙල තියෙන විදිය. රබර් වගාවේ රබර් කොල දිලීර රෝගයකින් මිය යන විදිය; ඒ හේතුවෙන් රබර් කිරි අඩු වෙන විදිය. මෙවැනි දෙයක් කියන්න ඉස්සෙල්ල මේ සම්බන්දව මෙරට විද්වතුන් ප්‍රකාශ කරල තියෙන කරුනු බැලුව නම් හොඳයි. ඉන්දියාව ඔය ක්‍රමේට ගියා නම් ,අල ලුනු බිලයනයකට වැඩි තම රටේ මිනිසුන්ටත් කන්න දීලා, අපේ රටවලටත් එවන්න ලැබෙන එකක් නැහැ. අපි කැමතියි කාබනික පෝර වලට නමුත් එය කල යුත්තේ ක්‍රමානු කුලව, විද්වතුන්ගේ උපදෙස් අනුව.
RahulWednesday, 06 October 2021 09:34 AM
ඔබතුමා සමඟ එකඟයි .මේ රටේ බුද්ධිමත් මිනිස්සුන්ට එක තේරෙනවා .හැබැයි උඩ කමෙන්ට් දෙකෙන් පේනවා එයාලා මොනවා හරි පක්ෂවල වහල්ලු බව
fairoosWednesday, 06 October 2021 12:40 PM
ඔයාලා දෙන්නා ලංකාවේ නෙමෙයිද ?නැත්නම් බයියෝ සෙට් එකක් වෙන්න ඇති
Perera Wednesday, 06 October 2021 03:41 AM
වේලක් ඇර වේලක් කනකොට ස්ථුල භාවයත් අඩු වෙනවානේ
ගමේ එකාලා Wednesday, 06 October 2021 05:03 AM
සමහරවිට පවුල් පාලනේ ගැන වෙන්ඩ ඇති කියන්නේ ? මේ වෙනකොට නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා, රට චීනටත් පුජා කරලා තියෙන්නේ ?
ජල්තර Wednesday, 06 October 2021 08:23 AM
බහුජාතික සමාගම් වල සල්ලි වලට කෙල හලන බද්රානි, නිමල් වගේ අපතයන්ට හිත් වේදනාවට ලියවෙන දේවල් වලට අනුකම්පා කරනවා මිස වෙන මොනවා කරන්නද? ගොන් බූරුව නේ.. වස විසෙන් තොර ආහාර සැපයීම තුලින් නීරෝගී, සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමේ වැඩ පිළිවෙලට අකුල් හෙලන 3% ජෙප්පො උඩු බුර ලෑවට රට ආපස්සට යන්නෙ නෑ..
Dayan Wednesday, 06 October 2021 09:35 AM
දේවින්දර් ෂර්මා අංගොඩ විය හැකි අතර ඉන්දියාවේ නොවේ.
Nihal Wednesday, 06 October 2021 10:19 AM
මේ වියතාගේ වියත් බව හිතාගන්න පුළුවන්..