IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ තත්වය තවත් දරුණු විය හැකියි

(විමුක්ති එස් රුද්‍රිගු)

ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් ඉතා ඉක්මණින් ආහාර ආධාර ලබා දීමේ වැඩසටහන් සහ ජීවනෝපායන් නගා සිටුවීමේ වැඩසටහන්  ක්‍රියාත්මක නොවූහොත් මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ තත්ත්වය තවත් දරුණු විය හැකි යැයි ආහාර හා කෘෂිකාර්මික සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන එක්ව නිකුත් කළ විශේෂ වාර්තාවේ දැක්වේ.

දුර් වල කෘෂිකාර් මික නිෂ්පාදනය,අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම සහ පවතින ආර් ථික අර් බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට එම වාර් තාව අනතුරු අඟවා ඇත.ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන  අතර හදිසි ආධාර ප්‍රමාද වුවහොත් ආහාර අනාරක්ෂිතතාවය තවදුරටත් උග්‍ර වනු ඇතැයි එම වාර් තාවේ දැක්වේ.

මෙම වසර සඳහා ධාන්‍ය ආනයන අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් වන අතර පළමු මාස හය තුළ ධාන්‍ය මෙට්‍රික් ටොන්  932000 ක් ආනයනය කර ඇති බවත් තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.27 ක් මෙම වසර සඳහා ආනයනය කළ යුතුව තිබෙන බවත් එම වාර් තාවේ සඳහන් වේ.නමුත් පවතින සාර් ව ආර් ථික අභියෝග හමුවේ මෙම වසර සඳහා අවශ්‍ය මුළු ධාන්‍ය ප්‍රමාණය ආනයනය කිරීමට නොහැකි වීමේ ඉහළ අවදානමක් තිබෙන බව එම වාර් තාව පෙන්වා දෙයි.

වතුකරයේ සහ කාන්තාව මූලික වූ පවුල් වල මෙන්ම මූලික අධ්‍යාපන මට්ටමක් නොමැති පවුල්වල,ඉන්දියානු දෙමළ ජනගහනය තුළ,සමෘද්ධිය ලබන පවුල්වල ආහාර අනාරක්ෂිතතාව දැනෙන ලෙස වැඩි වී ඇතැයි එම වාර් තාවේ දැක්වේ.ආහාර සහ ජීවනෝපාය සම්බන්ධව පැන නගින දුෂ්කරතා වලට මුහුණ දීම සඳහා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකිරීමට,ආහාර වේල් මග හැරීමට,වියදම් කරන ප්‍රමාණය අඩුකිරීමට සහ ණයට ආහාර ලබා ගැනීමට ජනතාව පුරුදු වී ඇතැයි එම වාර් තාව පවසයි.

ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පවුල් මෙම ක්‍රියාමාර් ග අනුගමනය කිරීමෙන් හෙම්බත් වූ විට මීට වඩා දැඩි ක්‍රියාමර් ග අනුගමනය කිරීමේ අවදානමක් තිබෙන බව එම වාර් තාවේ සඳහන් වේ.



අදහස් (6)

ශ්‍රී ලංකාවේ තත්වය තවත් දරුණු විය හැකියි

විපරමා Tuesday, 13 September 2022 02:57 PM

රටට හෙන ගැහුවත් දියවන්නාවේ ඉන්න දූෂිත දේසපාලුවන්ට ඇති වැඩක් නැහැ. ඇමතිකම් තවත් වැඩිකරගෙන සියලු සැප වින්දගෙන ඉන්ඩයි හදන්නේ .

:       0       1

wedage Tuesday, 13 September 2022 04:13 PM

හොරුන්, මංකොල්ලකාරයින්, කොමිස් කාක්කන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට තවත් නරක අතට තමයි හැරෙන්නේ..!

:       0       0

fairoos Tuesday, 13 September 2022 04:42 PM

කමක් නැහැ.. බයියන්ට ඕනෑ මේ ආණ්ඩුව තවත් අවුරුදු 2ක් කාලාම යන්න.

:       0       0

BamunuarachchiWednesday, 14 September 2022 05:54 PM

හම්බයින් රටින් පන්නා දමනතුරු රටට හරියන්නේ නැහැ. ඔවුන් නඩත්තු වෙන්නේ අපේ බදු මුදලින්...

:       0       0

Perera Wednesday, 14 September 2022 12:59 AM

ප්‍රශ්නයක් නැහැ රටෙ ජනතාව බොහොම සතුටෙන් දැන් ඉන්නෙ බොල ගහල කොප්ප දෙකක් දිනුව කියල.

:       0       1

NAK Wednesday, 14 September 2022 07:51 AM

ඕක දන‍්නවා නම් මොනවා හරි කරන්නකෝ කියව කියවා ඉන‍්නේ න‍ැතුව...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 265 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 886 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2175 2

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 651 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1478 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 169 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site