(යොහාන් භාසුර)
ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 72 ක පහසු ජයක් ලැබූහ.
ඒ අනුව ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානු පිල ඕවර 17 කදී ලකුණු 115 කට සීමාවිය.
ඇන්ජලෝ මැතිව්ස් සහ බිනුර ප්‍රනාන්දු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඇෆ්ගනිස්තාන් ඉදිරි පෙළ ප්‍රබල පිතිකරුවන් දවාගැනීමෙන් ජයග්‍රහණය පහසු විය.
ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව් දස්කම් දැක්වමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 187 (පැතුම් නිස්සංක 25, කුසල් මෙන්ඩිස් 23, ධනංජය ද සිල්වා 14, සදීර සමරවික්‍රම 51, වනිඳු හසරංග 22, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 42, අස්මතුල්ලා ඔමල්ෂායි 40/2, මොහොමඩ් නබී 25/2) ඇෆ්ගනිස්තාන් පිල ඕවර 17 කදී සියලු දෙනා දැවී 115 (මොහොමඩ් නබී 27, කරීම් ජනට් 28, ඇන්ජලෝ මැතිව්ස් 9/2, බිනුර ප්‍රනාන්දු 18/2, වනිඳු හසරංග 19/2, මතීෂ පතිරණ 22/2)
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකාව දෙවැනි විස්සයි20 තරගය ලකුණු 72 කින් ජයගනී