IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ශ්‍රී ලංකාව නැවතත් කොළ කලාපයට

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා  ලංකාදීපයට පැවැසීය.

කොරෝනා සැලකිය යුතු ලෙස  පාලනයවූ රටවල් ඇතුළත් කෙරෙන්නේ කොළ කලාපයට යැයිද හෙතෙම සඳහන් කළේය.

ජනතාව පරිස්සම්කාරී ලෙස කටයුතු නොකළහොත් යළි රතු කලාපයට ඇතුළු විය හැකි බවත් කොළ කලාපය රැකගැනීම ජනතාවගෙන් යුතුකමක් බවත්  අධ්‍යක්ෂවරයා පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකාව කොළ කලාපයට මෙලෙස නැවතත්  ඇතුළත්  කරනු ලැබ ඇතැයි පැවසූ  හම්දානි මහතා  දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා  මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ඔවුන් එම තීරණයට පැමිණ ඇතැයිද කීවේය.

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 600ත් 700ත් අතර සංඛ්‍යාවක් දක්වාද රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවද 175ක් දක්වාද පහත බැස ඇතැයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ‍ය.

කොරෝනා තෙවැනි රැල්ල ආරම්භ වීමෙන් පසු  රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 1100දක්වා ඉහළ ගිය බවද  අන්වර් හම්දානි මහතා පැවැසීය.

මේ අතර දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවද 50 ට අඩු මට්ටමට  පැමිණ ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ‍ය.



අදහස් (8)

ශ්‍රී ලංකාව නැවතත් කොළ කලාපයට

69lakshaya Wednesday, 13 October 2021 11:57 AM

ඒක වෙන්න බැහැ.. එජාපය දැන් අතුගෑවිලා ගිහිල්ලනේ...

:       31       7

දිසා.... ගම්පහ. Wednesday, 13 October 2021 12:47 PM

සතුටුදායක තත්ත්වයක්... මෙය රතු නොවීමට වග බලා ගැනීමට රටේම ජනතාව කටයුතු කළ යුතුයි...

:       0       32

RAHEEM Wednesday, 13 October 2021 01:07 PM

කොහේද රතු මල්ලිලා කොළ පාට වෙන්න දෙන්නේ නැහැනේ. පාරට බැහැලා කෑ ගහනවා රතු කොඩි දාන්න කියලා හැමෝටම...

:       1       24

fairoos Wednesday, 13 October 2021 01:07 PM

කොළ කලාපයට ඇතුළත් කියලා ඔයාලා කියා ගත්තාට වැඩක් නෑ... වෙන රටවල්වලට අපි තාම රතු..

:       29       4

shanika Wednesday, 13 October 2021 01:50 PM

මේ ඉන්නේ කොළ රට, කොළ කලාපයට ඇතුළත් වෙනවට අකැමැති අය...

:       1       1

ගමේ එකාලා Wednesday, 13 October 2021 03:49 PM

ඒ කියන්නේ අපි තමයි හොඳටම කළේ කියලාද? කලිනුත් බයිලා ගහපු අයට වෙච්චි හරියත් අපි දන්නවා.

:       0       2

Buddika Wednesday, 13 October 2021 03:53 PM

පොසිටිව් ප්‍රමණය අඩුවෙලා තියෙන්නේ පි සි ආර් අඩුවෙන් කරන නිසා.

:       1       2

uuu Thursday, 14 October 2021 12:06 PM

දැන් තණකොල කන්න වෙලා තියෙන නිසා තමයි කොල කලාපයට ගිහින් තියන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 372 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 130 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 852 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 128 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 281 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2217 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site