IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාරදෙයි

ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් ඛට්ටක් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (20) අක්තපත්‍ර ප්‍රදානය කළේය.

අක්තපත්‍ර බාර දීමෙන් අනතුරුව මහ කොමසාරිස්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදි ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා ජනතාවට පාකිස්තාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පිරිනැමීය.

දෙරටේ සහෝදර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ පාකිස්තාන අභිලාෂ ගැන ද ඔහු එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය.

මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගත් ජනාධිපතිවරයා ඔහුට සාර්ථක ධූර කාලයක් සඳහා සුබ පැතුම් එක් කළේය.

විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් ඛට්ටක් මහතා පාකිස්තානය තුළත් ඉන් පිටත් විවිධ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු හොබවා ඇති අතර වසර 35ක වෘත්තීය පළපුරුද්දක් ඇත්තෙකි.

හෙතෙම ප්‍රංශ හමුදාවේ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලව, එක්සත් රාජධානියේ ආරක්ෂක බුද්ධි අධ්‍යක්ෂ පාඨමාලාවත් හදාරා ඇති අතර ක්වේටා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් සහ ඉස්ලාමාබාද් හි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් උපාධි හදාරා ඇත.

ඔහු දේශපාලන විද්‍යාව සහ යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හා ජාත්‍යන්තර සබඳා පිළිබඳ දර්ශනපති උපාධියක් ද හිමි කරගෙන ඇත.

අක්තපත්‍ර බාරදීමේ අවස්ථාවට විදේශ සබඳතා දිනේෂ් ගුණවර්ධන සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ නව මහ කොමසාරිස්වරයාගේ බිරිඳ  ද එක්වූහ. 

055



අදහස් (0)

ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාපන්දු ක්‍රීඩා පිටියේ යකඩ තට්ටුවක් වැටීමෙන් සිසුවෙක්ට තුවාල
2025 පෙබරවාරි මස 13 39 0

පළුගස්දමන පාසලේ පාපන්දු ක්‍රීඩාපිටියේ තිබූ යකඩ වැටක් කඩා වැටිමෙන් 11 හැවිරිදි සිදුවකු බරපත තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.


කොස්තාපල්වරයකුට තියුණු ආයුධ ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 13 141 0

කොළඹ 02, ධර්මපාල මාවතේ ඊයේ (12) අලුයම 2.45 ට පමණ සැකකටයුතු ලෙස ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට ගිය කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුට සැකකරු වි


අ‘පුරේ ස්කෝල 55 ක් රෑටත් විවෘතයි
2025 පෙබරවාරි මස 13 526 0

මෙවර 2024 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටින පාසල් දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් එම දරුවන්ට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ නොමිලේ අමතර ප


ඉන්දියාවෙන් පිටමං කළ අපරාධකරු කටුනායකින්
2025 පෙබරවාරි මස 13 412 0

ශ්‍රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැදී සිටියදී , එරට ආරක්ෂක අ


එකම අංකයේ කාර් දෙකක් අල්ලයි
2025 පෙබරවාරි මස 13 997 0

එකම අංකයෙන් ධාවනය වූ ටොයටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .


නාමල්ගේ නඩුවට දින දෙයි
2025 පෙබරවාරි මස 13 974 1

අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැය


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 141 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 128 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site