IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය මහනුවරට

(විමුක්ති එස් රුද්‍රිගු)

"අවියානා ප්‍රයිවට් ෂැලේට්"නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය ලබන වසරේ මැයි මාසයේදී මහනුවරදී විවෘත කිරීමට සූදානම් බව අවියානා හෝටල් ප්‍රධානී ආචාර්ය තිසර හේවාවසම් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

"අවියානා ප්‍රයිවට් ෂැලේට්" ව්‍යාපෘතිය රුපියල් කෝටි 900 ක වටිනාකමින් යුත් ව්‍යාපෘතියක් බවත් ව්‍යාපෘතිය අවසානයේ ධනවත් සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ තිබෙන වටිනාකම තවත් ඉහළ යනු ඇති බවත් ආචාර්ය තිසර හේවාවසම් මහතා පැවැසුවේය. "අවියානා ප්‍රයිවට් ෂැලේට්" ව්‍යාපෘතියට විවිධ මෝස්තර සහිත තරු පන්තියේ සුඛෝපභෝගී පුද්ගලික ගෘහ 60ක් ඇතුළත් වන බවත් පළමු අදියර යටතේ සුඛෝපභෝගී පුද්ගලික ගෘහ 12 ක් ලබන වසරේ මැයි මාසයේදී විවෘත වනු ඇති බවත් ආචාර්ය හේවාවසම් මහතා ප්‍රකාශ කළේය.

අඹසෙවණ සමාගම් සමූහයේ මෙන්ම "අවියානා ප්‍රයිවට් ෂැලේට්" හෝටලයේ සභාපති ආචාර්ය හේවාවසම් මහතා සිනමන් ලයිෆ් හෝටලයේ පසුගිය 5 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

"අවියානා ප්‍රයිවට් ෂැලේට්" හෝටලයට පිහිනුම් තටාක 50 ක් ඇතුළත් බවත් "අවියානා ප්‍රයිවට් ෂැලේට්" හෝටලයේ නවාතැන් ගන්නෙකුට අද්විතීය අත් දැකීමක් විඳ ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ආචාර්ය හේවාවසම් මහතා පැවැසුවේය.

"අවියානා ප්‍රයිවට් ෂැලේට්" ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 900 න් රුපියල් කෝටි 700 ක් ආයෝජනයන් ලෙස ලැබී අවසන් බවත් හෝටලයෙන් සියයට 70 වැඩ අවසන් කර ඇති බවත් ආචාර්ය හේවාවසම් මහතා ප්‍රකාශ කළේය. දර්ශනීය නකල්ස් කඳුවැටියේ අක්කර 18 ක භූමි ප්‍රමාණයක "අවියානා ප්‍රයිවට් ෂැලේට්" ඉදිවන බවද ඔහු පැවැසුවේය.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය මහනුවරට

ඔබේ අදහස් එවන්න

දියත

මෝල්ටා - ශ්‍රී ලංකා සබඳතාවට වසර 25යි
2024 දෙසැම්බර් මස 27 4 0

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් රූබන් ගයුසි මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය


හපුතලේ බිංගෙයකදී දුම්රියේ ගැටී අයෙක් මරුට
2024 දෙසැම්බර් මස 27 194 0

බදුල්ල සිට නුවර බලා අද (27) සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිද


විදුලි බිල ගැන මහජන අදහස් ගන්න දුරකතන අංකයක්
2024 දෙසැම්බර් මස 27 65 0

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ විය


කෝටි 200ක් වංචා කළ අඹු සැමි යුවල රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 27 384 0

ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹ


පාස්පෝට් කාර්යාලයේ ගිනි නිවන්න පෙරහුරුවක්
2024 දෙසැම්බර් මස 27 175 0

හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැනුමක් දීමේ අරමුණින් ’’ගිනි ආරක්ෂක පෙරහුරු වැඩසටහනක් ’’ බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී අද (27) පස්වරුවේ


පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ
2024 දෙසැම්බර් මස 27 123 1

කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවත


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 170 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 130 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 93 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site