IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ පළමු දියයට කෞතුගාරය විවෘත වේ

 

(ඩයනා උදයංගනී) 

මෙරට පළමු දියයට කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාල්ල මුහුදු තීරයේ ඉදිකර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල මුහුදු තීරයේ ගාලු වරාය තුළ අඩි 50ක් පමණ ගැඹුරට වන්නට දිය යට ඉදිකළ මෙම කෞතුකාගාරය නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි.

කිමිදුම් විශේෂඥයකු වන නාවික හමුදාපතිවරයා දිය යටදී පීත්ත පටිය කපා කෞතුකාගාරය විවෘත කිරීම ද නැවුම් අත්දැකීමක් විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නාවික හමුදාපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කෞතුකාගාරය ඉදිකර තිබේ.

ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකර ඇති අතර සිමෙන්ති හා පරිසර හිතකාමී ද්‍රව්‍යවලින් කළ නිර්මාණ මෙහි ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

 එසේම කාලයත් සමඟ මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණය වී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වේ. කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.

භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි, ධීවර යාත්‍රා මෙම කෞතුකාගාරය සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් තීරණය කළ ද කෙටි කාලීනව ඒවා රැස්කර ගැනීමේ අපහසුව නිසා විවිධ ප්‍රතිමා සහ සමරු පලක යොදා ගනිමින් එය ඉදිකළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

සාගර කොරල්පර නැවත වර්ධනය කර ගැනීම, මත්ස්‍ය සම්පත වර්ධනය කරගැනීම ද මෙය ඉදිකිරීමේ අරමුණු අතර වේ. මෙම ප්‍රදේශයේ මේ වන විටත් මත්ස්‍ය අභිජනනය ආරම්භ වී ඇති නිසා සංචාරකයන්ට ඉතා නුදුරු කාලයේදී මෙම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයිද නාවික හමුදාව සඳහන් කරයි.

මෙහි මූලික අවධියේදී ධිවර කටයුතු කිරීමට ඉඩක් නොදෙන අතර මතස්‍ය අභිජනන කටයුතු සිදුවීමෙන් අනතුරුව ධීවරයින්ට එහි නිසි ඵල නෙලාගැනීමට හැකිවනු ඇතැයි ද නාවික හමුදාව පවසයි.
 



අදහස් (19)

ශ්‍රී ලංකාවේ පළමු දියයට කෞතුගාරය විවෘත වේ

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 June 2020 01:50 AM

හොඳ උත්සාහයක්... ඒත්, සංචාරකයන් වැඩිපුර ගෙන්වන්න තව ගොඩාක් නිර්මාණශීලිව ගොඩනගන්න සිදුවේවි..!!! අප මේ අඩුපාඩු දකිනවා නොවෙයි. යමක් කිරීම අප විවේචනය කරනවා වගේ පහසු නැතිබව අප දන්නවා. මේ සිදුකළ නව වැඩේට ස්තූතියි.. ඒත්, පොඩි ආටිෆිෂල් ගතියක් වගේ දෙයක් පේනවා.. තව ස්වාභාවිකව පෙනෙනා අයුරින් තවත් වැඩිදියුණු කරන්න... ජයවේවා !

:       1       200

mohan Thursday, 18 June 2020 05:46 AM

ඕක විවෘත්ත කරන්න තිබුණේ දක්ෂ කිමිදුම්කරුවකු වන යෝෂිත අතින්.. ඒත් පීනන්න බැහැනේ එයාට...

:       138       372

Sinhalanthe Thursday, 18 June 2020 05:51 AM

මෙරට ප්‍රථම දියයට කෞතුකාගාරයේ නොදුටු දසුන් නරඹන්න. සබ්ස්ක්‍රයිබ් කරලා අලුත්ම විස්තර දැනගන්න..

:       1       51

chinthaka Thursday, 18 June 2020 10:34 AM

ඇමතිලා දිය යටට ගොඩක් බයයි නේද?

:       0       22

sena Thursday, 18 June 2020 10:46 AM

මටනම් හිතෙන්නේ කලාගාරයක් කියලා කිව්වොත් තමයි හොඳ.. කෞතුකාගාරවල තියෙන්නේ භාණ්ඩනේ.. ඉතින් මේ ළඟදි හදාගත්ත දේවල් කෞතුක භාණ්ඩ වෙන්නේ කොහොමද?

:       0       56

විජිත් Thursday, 18 June 2020 11:43 AM

මුහුද යට සැඟවුණු මායා ලෝකයක්. අපි මේ අත්දකින්නේ මායාවත් - සත්‍යයත් අතර දෝලනය වන දිය කිඳුරියන්ගේ පාරාදීසය වත්ද.? ගැඹුරු මුහුදේ... දිය කිඳුරියන්ගේ ලෝකය බලන්න මමත් යනවා. ඉඩක් ලද වහාම.. අපිව දැක්කම ඒ අය ලැජ්ජාවෙන් අපි ඉන්න ඉසව්වෙන් අතට ඈතට පිහිනලා යන්නත් පුළුවන්... ආයෙත් ලැජ්ජාවෙන් හැරිලා බලන්නත් පුළුවනි.. එ්ත් මගේ සුදු කිඳුරියේ.. මම ඔයා පස්සෙන්ම පිහිනාගෙන පිහිනාගෙන එනවා. පිහිනලා පිහිනලා මට හතිවැටී.. මාව මුහුදු පතුළටම අද වැටේවි...

:       26       166

පූජා Saturday, 20 June 2020 05:50 PM

පිහිනන්නට පුලුවන් අය පිහිනලා හරි ගිහින් හරි බලයී... පිහිනන්නට බැරි අය පිහිනන අය දිහා තමයී බලාගෙන ඉන්න වෙන්නේ...

:       30       176

විජිත් Monday, 22 June 2020 06:41 AM

පුජා, මම තනියම දිය කිඳුරියන් බලන්න යන්නේ නැහැ...

:       0       101

පූජා Thursday, 18 June 2020 11:55 AM

විවිධ ප්‍රතිමා සහ සමරු ඵලක යොදා ගනිමින්, සාදා ඇති මේ කෞතුකාගාරය මත්ස්‍ය සම්පත් වැඩිවීමෙන් තවත් අලංකාර වෙයි කියලා මට හිතෙනවා. ධීවරයින්ටත් යහපතක් වෙනවා නම් කොපමණ හොඳද? මම මේ කල්පනා කලේ මෙතරම් අලංකාර කලාත්මක දෙයකට කමෙන්ට් අඩු මොකද කියලයි.

:       0       165

JayThursday, 18 June 2020 08:40 PM

මේ වගේ කලාගාරය නිර්මාණය කිරීම සංචාරක ව්‍යාපාරයටත් ගොඩක් හොඳයි. මොකද මේ වගේ ස්ථාන ලෝකේ හැමතැනම නැති නිසා. පූජා කියපු කමෙන්ට් අඩු එකට හේතුව නම් මේ ප්‍රවෘත්තිය කුණු ගොඩක් ඇවිස්සෙන එකක් නොවන බව, ප්‍රවෘත්තීමය වටිනා කමක් සහිත බව, දේශපාලනය සම්බන්ධ නැති බව යන ප්‍රධාන කාරණාත් නිසා...

:       149       125

පූජාFriday, 19 June 2020 09:58 AM

Jay, ඔයාගේ අදහස අගය කරමි. බොහොම ස්තුතියි...

:       64       25

ලලිත් අම්බලන්ගොඩ Thursday, 18 June 2020 04:11 PM

හොඳ උත්සාහයක්... පිහිනන්න, කිමිදෙන්න බැරි අයටත් මුහුදයට ලස්සන බලන්න අවස්ථාවක් සලසා දෙනවා නම් හොඳයි. මෙවැනි දේවල් කිහිපයක්ම අපේ රටේ මුහුද වටේට නිර්මාණය කළා නම් හරිම අගෙයි. උත්සාහ කළොත් බැරිවෙන එකක් නැහැ.

:       0       33

Champa Thursday, 18 June 2020 07:37 PM

හොඳ නිර්මාණශීලි අදහසක්. ලේසි වැඩකුත් නෙමෙයි. මුහුද යට කෞතුකාගාර මම හිතන්නේ ලෝකෙටම තියෙන්නේ හත, අටක් විතරයි. ඒ අතින් අපේ නාවුක හමුදාව සිමෙන්ති හා පරිසර හිතකාමී ද්‍රව්‍ය යොදා ගනිමින් ඉදිකළ මේ කෞතුකාගාරය අපේ හැකියාවන් ලෝකයට පෙන්වන තවත් එක විශිෂ්ඨ නිර්මාණයක්. දැනට මේ කෞතුකාගාරය බලන්න පුළුවන් පිහිනුම්කරුවන් සහ කිමිදුම්කරුවන්ට විතරක් නිසා, නරකද වීදුරු පතුලක් තියෙන බෝට්ටුවක් දෙකකුත් හැදුවා නම්...? අනිත් මිනිස්සුන්ටත් බලන්න යන්න.. එතකොට දැන් දේශීය, විදේශීය සංචාරකයන්, තල්මසුන් බලන්න යනවා වගේ.. "මුහුදු පතුලේ කෞතුකාගාර චාරිකා" සංවිධානය කරන්නත් පුළුවන් වෙයි. මගේ සුබ පැතුම් නාවුක හමුදාවට, විශේෂයෙන් නාවුක හමුදාපතිවරයාට සහ මේ අලුත් අදහස ඉදිරිපත් කල මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට. ඒ වගේම තවත් බොහෝ කලාකෘති මේ මුහුද යට කෞතුකාගාරයට ඉදිරියේදී එකතු කරන්නත් පුළුවන් වෙයි කියලා හිතනවා.

:       83       30

Perera Friday, 19 June 2020 02:17 AM

කිමිදෙන්න දන්නේ නැති අය කොහොමද ඕක නරඹන්නේ...?

:       0       144

සත්‍යාපාල - මාතර Friday, 19 June 2020 07:12 AM

පෙරේරා මහත්තයෝ, එහෙනම් ඉතිං ආකාසෙට යන්න වෙන්න අත්තටු තියෙන පියාඹන්න පුලුවන් අයට විතරයි. ගගන තාක්ෂණය තාමත් බොරුවක් තමයි එහෙනම්... ඇයි හොඳට කාමරයක් වගේ එකක් හදලා වෝට පෘෘෆ් කරලා වීදුරුවලින් ආවරණය කළොත් මොකද බැරි? එහෙම මින් මැදුරු ලෝකේ කොච්චරක් නම් තියෙනවද? අම්බලන්ගොඩ ලලිත් මහත්තයගේ කථාව හරියටම හරි... අපේ ජනාධිපතිතුමා ඕකත් කරලා පෙන්නාවි. පෙරේරලාට උඩ යන්න...

:       81       3

PereraFriday, 19 June 2020 09:15 PM

සත්‍යපාල මහත්තයාගේ කමෙන්ටුවෙන් වක්‍රවාකාරව පැහැදිලි වන්නේ කිමිදිය නොහැකි අයට මෙම කෞතුකාගාරය නැරඹිය නොහැකි බවයි.

:       0       6

karu Sunday, 21 June 2020 10:13 AM

මානසික අබාධයකින් සහ ඉරිසියාවකින් පෙලෙන්නෙක් ආයෙත් නෙගටිව් කමෙන්ට්ස් දමන්න පටන් අරගෙන... මොනවා වුණත් කවුරුවත් නෙගටිව් කමෙන්ට්ස් පිළිබඳව හිතන්නේ නැති එකයි පුදුමේ...

:       10       25

විජිත් Monday, 22 June 2020 04:45 PM

කරු මහත්මයා, ඔබ පවසන දේ පැහැදිලියි. ඔබටවත්, මටවත්.. අපි කාටවත් මේ මොලේ අමාරු කාරයින්ගේ පිස්සු වැඩේ නවත්වන්න බැහැ. ඒ අයට තිබෙන බලවත් මානසික ප්‍රශ්නයක් නිසා ඒගොල්ලෝ අනිත් අයට ඉරිසියා කිරීමක් වැනි දෙයක් මෙතැනදී සිදුවන්නේ. අපි මේවා ගැන එතරම් තැකීමක් කරන්න හොඳ නැහැ. එයාටම ඇතිවෙලා දවසක නතර කරාවි. අනික මේ රට පාලනය කරන ඉහළම ආයතනයේ සිටින්නේත් මොලේ අමාරුකාරයින් නම්... මේ නෙගටිව් කමෙන්ට්ස් දමන එකෙක් දෙන්නෙක් ගැන මොන කතාද.?

:       0       14

විජිත් Tuesday, 23 June 2020 04:26 AM

කරු මහත්මයා, ඔබ පවසන දේ පැහැදිලියි. ඔබටවත්, මටවත්.. අපි කාටවත් මේ මොලේ අමාරු කාරයින්ගේ පිස්සු වැඩේ නවත්වන්න බැහැ. ඒ අයට තිබෙන බලවත් මානසික ප්‍රශ්නයක් නිසා ඒගොල්ලෝ අනිත් අයට ඉරිසියා කිරීමක් වැනි දෙයක් මෙතැනදී සිදුවන්නේ. අපි මේවා ගැන එතරම් තැකීමක් කරන්න හොඳ නැහැ. එයාටම ඇතිවෙලා දවසක නතර කරාවි... අනික මේ රට පාලනය කරන ඉහළම ආයතනයේ සිටින්නේත් මොලේ අමාරුකාරයින් නම්... මේ නෙගටිව් කමෙන්ට්ස් දමන එකෙක්, දෙන්නෙක් ගැන මොන කතාද..?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමෙරිකාවේ අරමුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක් නවතයි
2025 පෙබරවාරි මස 13 808 0

ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්‍


ගිනි අවියත් අරන් පැන්න පී.සීගේ පෙම්වතියගෙන් ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 13 566 0

ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඩුබායි රාජ්‍යයට පලා ගිය පොලිස් කොස්තාපල් වරයාගේ පෙම්වතිය බව කියන නැටුම් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ගල්කිස්ස


’’බිල අඩු වුණත් බඩු අඩු වෙලා නෑ’’
2025 පෙබරවාරි මස 13 245 0

රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තම


තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 13 693 0

සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප


අයවැය අවසන් පූර්ව සාකච්ඡාව පැවැත්වෙයි
2025 පෙබරවාරි මස 13 838 0

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 4830 10

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 167 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site