(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාව සතුව දැනට පවතින විදේශ විනිමය තත්ත්වය පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.
ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය ප්‍රමාණය අඩු වුවහොත් ඉදිරියේදී විදුලිය කප්පාදුවක් කරන්නට සිදුවනු ඇති බව කී රනිල් වික්‍රමසිංහ මහතා එසේ වුවහොත් ගන්නා පියවර ගැන ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.
ගිය සිකුරාදා වොෂින්ටන් හි මූල්‍ය අරමුදලට යැවූ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය තත්ත්වය පාර්ලිමේන්තුවටත් ලබා දෙන්නැයි කී රනිල් වික්‍රමසිංහ මහතා දැනට තිබෙන මුදල් සහ රත්‍රන් වටිනාකම වෙන වෙනම ලබාදෙන ලෙසද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බලශක්තිය ගැන තීරණය කළ යුත්තේ තිබෙන විදේශ විනිමය තත්ත්වය මත බව කී වික්‍රමසිංහ මහතා මුදල් නැති නම් අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවක් විය හැකි යැයි ද එසේ වුවහොත් කර්මාන්ත ශාලා කටයුතු පවත්වා ගනිමින් ආර්ථිකය ගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
'ශ්‍රී ලංකාවේ විදේශ විනිමය තත්ත්වය ගැන පාර්ලිමේන්තුවට ලබා දෙන්න '
Sam Monday, 29 November 2021 03:07 PM
උඹට කල්පනා වුනේ නැහැනේ ආණ්ඩුව කරන කාලේ. ඒ කාලේ කියලා ලංකාවේ ලොකු දියුණුවක් තිබුණේ නැහැනේ. මහ බැංකුව කැඩුවා මිසක්..!!!
සෝනුMonday, 29 November 2021 04:18 PM
ඔයා සෝමාලියාවේ වෙන්ඩැති ඉන්ඩ ඇත්තේ. ලංකාවේ කන්ඩ බොන්ඩ නැතුව පාරට බහින්ඩ වෙච්චි පළවෙනි පාර මේ...
Bamunuarachchi Monday, 29 November 2021 06:13 PM
ඇයි මොකද අඩුවක් තිබෙනවා නම් පුරවන්නද...?
SUNIL MILANO Monday, 29 November 2021 07:57 PM
අනේද කියන්නේ