IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඇරඹෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම පිටිපන ඉදිකළ ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් (02) විවෘත කරන ලදී.

ඇමරිකානු ඩොලර් මිලියන 18.5 මුදලක් ආයෝජනය කරමින් හේමාස් හෝල්ඩින්ග්ස්   පී.එල්.සී සමාගමට අනුබද්ධ මොරිසන් පී.එල්.සී සමාගම විසින් මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබුණි.

මෙම කර්මාන්ත ශාලාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන 5ක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ඇති අතර ද්විත්ව වැඩමුරයක් යටතේ උපරිම ධාරිතාවයෙන් ඖෂධ  බෝතල් මිලියන 10ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. පුහුණු රැකියා 250 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට අපේක්ෂිතය.

මානව දෝෂ වළක්වා ගැනීම සඳහා අවම මිනිස් මැදිහත් වීමක් සිදුවන පරිදි නිර්මාණය කර ඇති මෙම නව කර්මාන්ත ශාලාව මුළුමනින්ම ස්වයංක්‍රීය ද්‍රව නිෂ්පාදන සහ ඇසුරුම් කරන ක්‍රමවේද, පරිපූර්ණ රසායන සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාගාර, පාරිසරික තත්ත්ව පාලනය කිරීම සඳහා වෙනම වායු මෙහෙයුම් ඒකක මෙන්ම, ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ මෘදුකාංගයකින් ද සමන්විතය. මෙරට ප්‍රථම ශුන්‍ය ද්‍රව විසර්ජන අපජල පද්ධතියෙන් යුතු කර්මාන්තශාලාව ද මෙය වේ.

මින් නිෂ්පාදනය කරන ඖෂධ  යුරෝපා සංගමය යහපත් නිෂ්පාදන ක්‍රමවේද වලට අනුකූලව අපනයනය කිරීම අරමුණයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, වෙළඳ  අමාත්‍ය  බන්දුල ගුණවර්ධන, මොරිසන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මූර්තසා එසුෆාලි මහතා  ඇතුළු පිරිසක් සහභාගී සහභාගී වී සිටියහ.



අදහස් (20)

ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඇරඹෙයි

අකලංක Friday, 02 October 2020 10:11 AM

මේවා දැක්කාම හිතෙනවා යහපාලන කාලේ මොනවද කළේ කියලා. අවුරුදු 5ක් පොල් ගෑවා. නව ආණ්ඩුව ඇවිල්ලා මාස කීයද? දැන් කර්මාන්ත ශාලා හදලා වැඩත් පටන් ගන්නවා. මෙහෙම ගියොත් අපිට ආසියාවේ බලවතා වෙන්න වැඩිකල් යන්නේ නෑ.

:       60       53

asankaFriday, 02 October 2020 10:38 AM

දැන් විවෘත කරාට, මේ කර්මාන්ත ශාලා හදන්න පටන් ගත්තේ යහපාලන කාලයේයි. බෙහෙත් පෙති සැදීමෙන් පමණක් ආසියාවේ බලවතා විය නොහැක.

:       11       76

SamanthaFriday, 02 October 2020 11:26 AM

ඔව්, ඔව්... මේවගේ දේවල් දැක්කාම අපිට කොහෙන් හිනාවෙන්නද හිතාගන්නවත් බැහැ. යහපාලන ආණ්ඩුව කරපු දෙයක් නැහැ. මේ හොරු ඇවිත් තාම සල්ලි හොයන් මාස 5න් මේවා හැදුවේ. කාවද මේ රවට්ටන්න හදන්නේ..?

:       10       48

janahitha Friday, 02 October 2020 06:33 PM

මේවා පටන් ගත්තේ යහපාලනය

:       1       26

Chandima Friday, 02 October 2020 11:31 AM

ඕක පටන් ගත්තේ යහපාලන ආණ්ඩුවෙන් තමයි.

:       8       51

SeneviratneFriday, 02 October 2020 11:34 AM

මේක ආණ්ඩුව හදපු එකක් නෙවේ.. හේමාස් එකෙන් හැදුවේ.. ආණ්ඩුව කරපු දෙයක් මෙතන නැහැ. හරියට කියවන්න.

:       5       60

සෙනවිFriday, 02 October 2020 12:22 PM

මෙය පටන් ගත්තේ යහපාලන කාලේ තමයි. තවද යහපාලනයෙන් සෞඛ්‍ය සේවයට වුණු මෙහෙය අවතක්සේරු කරන්න එපා. අක්ෂි කාච නොමිලයේ සැපයූවා. කවුරු කළත් හොඳ දේ අගයනු මැනවි...

:       8       62

asankaFriday, 02 October 2020 01:27 PM

අක්ෂි කාච පමණක් නොව, හදවත් රෝගීන්ට අවශ්‍ය "ස්ටෙන්ට්" පවා නොමිලේ සැපයුවා...

:       3       64

gunatilakeFriday, 02 October 2020 12:29 PM

යහපාලන ආණ්ඩුව කාලේ පටන්ගත්තු ඒවා තමයි මේ විවෘත කරන්නේ..

:       4       47

nirodayana Friday, 02 October 2020 06:35 PM

අයියෝ මේක පුද්ගලික අංශයේ ආයෝජනයක්.

:       2       16

Prabha Friday, 02 October 2020 03:50 PM

මේක පුද්ගලික සමාගමක්.. ඕකට දෙකට බෙදිලා මරාගෙන වැඩක් නැහැ.

:       5       25

sharm warn Friday, 02 October 2020 10:23 AM

එතකොට අපේ රාජ්‍ය ඔසුසල? ඒකේ ප්‍රවර්ධනයක් කරන්න ඕනෑ නැද්ද?

:       1       26

Raveendra Friday, 02 October 2020 10:41 AM

ඉතාමත්ම හොඳ ආයෝජනයක්.. එලෙසම අනාගතේදී හිතුහිතු විදියට මෙම ආයතනයට බෙහෙත් මිල වැඩි කිරීමේ හැකියාවක් නොලැබේවා යන්න ප්‍රාර්ථනා කරන්නෙමු.

:       1       40

Gamarala Saturday, 03 October 2020 01:40 AM

එස්පීඑම්සී ගැන කුමක් කිව හැකිද? එහි ධාරිතාව මිලියන 4000 කි.

:       0       6

kamal Saturday, 03 October 2020 02:12 AM

මේ ආයතනය රජයේ ආයතනයක් නොව පුද්ගලික ව්‍යාපාරයක්. අගමැති තුමාට වීවෘත කරන්න එන්න කිව්වේ පවතින ආණ්ඩුව එක්ක හිත හොඳට තියාගන්න.

:       1       14

shanthiSaturday, 03 October 2020 08:26 AM

එක එකාට කඩේයන එක පමණද ඔබේ වැඩේ..? ඔබ වැනි දුපත් මානසිකත්වයෙන් සිටින මෝඩයින්, මේ රටේ සිටින තාක්කල් මේ රට මෙහෙමම තමයි.

:       7       0

Senevi Saturday, 03 October 2020 04:29 AM

වහලාදාපු පිලිකා එන්නත් නිපදවන කර්මාන්ත ශාලාව දැන් හැමෝටම අමතකයි.

:       0       5

යසස් Saturday, 03 October 2020 07:21 AM

අපේ මිනිස්සුන්ගේ තියන දේශපාලන නූගත්කම තේරුම් ගන්න මේකේ ලියලා තියන අදහස් ටික හොඳටම ඇති. රජයේ කිසිම සම්බන්ධයක් නැතුව (තියන එකම දේ මෙය විවෘත කරන මොහොතේ පවතින රජයේ අගමැති සහභාගි වීම පමණයි) පුද්ගලික අංශයෙන් හදපු මේ කර්මාන්ත ශාලාව අරගෙනත් අපේ මිනිස්සු දෙකට බෙදිලා කිසිම පදනමක් නැතුව එක එක දේශපාලකයන්ට කඩේ යන එක ගැන පුදුමයි. පොඩ්ඩක් හිතල‍ා බලන්න. ඔබ කුමන හෝ මූල්‍ය ආයතනයකින් ණයක් අරගෙන ගෙයක් හැදුවොත් ඔබ කියනවද ඒකත් යහපාලනයෙන් හරි මේ රජයෙන් හරි කරපු වැඩක් කියලා? ඒ වගේ ගොන් කතාවක් තමයි මේක යහපාලනෙන් හරි මේ ආණ්ඩුවෙන් හරි කරපු වැඩක් කියලා කියන මිනිස්සු කියන්නෙත්. ලැජ්ජයි මේ මිනිස්සු ගැන..

:       1       18

Nishan Saturday, 03 October 2020 10:49 PM

ශ්‍රී ලංකාවේ පොදු ජනතා ශුබ සිද්ධිය උදෙසා සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම උදෙසා අති විශාල කාර්ය භාරයක් කල ගරු දොස්තර රාජිත සේනාරත්න මැතිතුමාව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි !!!!

:       0       1

Chamara Jeewantha Tuesday, 06 October 2020 05:00 AM

රටට අවශ්‍ය ඉතා වැදගත් ක්‍රියාවලියකි, පුද්ගලික අංශයේ ආයෝජනයක් නිසා දේශපාලනමය මතවාද වැදගත් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 63 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 124 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 219 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 183 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 277 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 2676 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24978 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18848 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1838 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site