IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ විශාලතම ධීවර වරාය නොවැම්බර් ජනතා අයිතියට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ විශාලතම ධීවරය වරාය ලෙස ඉදිවෙමින් පවතින වෙන්නප්පුව, වෙල්ලමංකර ධීවර වරාය ලබන නොවැම්බර් මස ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රයේ විශාලතම ව්‍යාපෘතියක් වන මෙම වරාය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 250 කට ආසන්න මුදලක් වැය කරයි.

ශ්‍රී ලංකා දැනට විශාලතම ධීවර වරාය ලෙස සැලකෙන දික්ඕවිට ධීවර වරායට වඩා විශාලත්වයෙන් වැඩි මෙහි විශාල ධීවර බෝට්ටු මෙන්ම බහුදින ධීවර යාත්‍රා 800 කට පමණ එකවර නැංගුම්ලෑමේ හැකිව තිබේ.

විශාලතම දියකඩනයක් සහ ධීවර වරායක් සතු සියළුම අංගෝපාංගයන්ගෙන්ද, වරාය කළමණාකාර සහ සේවක නේවාසිකාගාර ද, ආපනශාලා, වෙරළ ආරක්ෂ බලකා ඒකකයකින්ද මෙම ධීවර වරාය සමන්විත වේ.

වෙල්ලමංකර ධිවර වරාය විවෘත කිරීමත් සමග එම ප්‍රදේශයේ නව වෙළෙඳ සංකීර්ණයක් විවෘත කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට ආදායම් ඉපයීමේ මාර්ග විවෘත වන අතර  මෙම ධිවර වරාය ඉතා අලංකාර ධීවර වරායක් වීම නිසා ඉදිරි කාලයේදී මෙම ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට ද සැළසුම් කර තිබේ. 

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සෘජු අධීක්‍ෂණයෙන් මෙම වරායේ ඉදිකිරීම් ක්‍රියාත්මක වේ.



අදහස් (8)

ශ්‍රී ලංකාවේ විශාලතම ධීවර වරාය නොවැම්බර් ජනතා අයිතියට

Saku Saturday, 02 October 2021 10:29 AM

හොද පුවතක්. නමුත් මාළු ඇල්ලීමට විතරක් මුහුදේ යන්නේ නැති බව උදේ හවස දකිනවා. නියාමනයක් නැතිව බෝට්ටු මුහදට යන එක ගැන කිසිම පැහැදීමක් නැහැ. කොළඹ ලගටම විස මත්ද්‍රව්‍ය ගේන්ඩ පටන් ගන්ඩ ඉඩ තියෙනවා.. මුහුදට යන එන බෝට්ටු පිළිබද විස්තර එකම තැනකින් පාලනය සහ විශ්ලේෂණය කරනවා නම් මත්ද්‍රව්‍ය ගේන එක අඩුවේවි.

:       0       43

දාස Saturday, 02 October 2021 10:40 AM

ජනතාවගේ සල්ලි වලින් හදන ඒව ජනතාවටයි අයිති, එහෙම තියෙද්දි මොනවද මේ බොරු කතා, දැන් දේශපාලුව ඕකෙන් කොමිසුත් ගහලා නම් වැලක් සමරු පලකයේ ගහයි.

:       28       18

සරත්චන්ද්‍ර Saturday, 02 October 2021 01:15 PM

මා 1980-1986 අග දක්වා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සේවය කළඅතර ඒ කාලයේත් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවුණා. වසර 40ක පමණ කාලයක් ගත වී හෝ මෙහි වැඩ නිමව ඇති බව දැනගන්න ලැබීමටත් සතුටු දායක පුවතක්....!!!

:       1       14

සරත්චන්ද්‍ර Saturday, 02 October 2021 01:21 PM

1986 නොවැම්බර් දක්වා මා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සේවය කළ අතර ඒ කාලයේත් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවුණා. වසර 40කට අධික කාලයක් ගත වී හෝ මෙහි නිමවා සනිටුහන් වීම සතුටට කරුණකි...

:       1       5

Saman Saturday, 02 October 2021 01:32 PM

බොහෝම හොඳ ආරංචියක් අදහස දාපු, පටන් ගත්තු, ඒ අයටත් විවෘත කිරීමට ආරාධනා කරන්න..

:       1       7

ganegoda Saturday, 02 October 2021 02:25 PM

අභිරහස් කුමන්ත්‍රණ ජාවාරම් වලින් පිරිලානේ

:       15       0

Asela Saturday, 02 October 2021 03:23 PM

ඊට පස්සේ ටික දවසකින් චීන අයිතියට...

:       22       4

Raveendra Saturday, 02 October 2021 06:19 PM

ඔය වරාය අවශ්‍ය හම්බන්තොටටයි.

:       13       8

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2048 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 475 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 965 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5432 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 714 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4310 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site