IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නව යෝජනාවක් සම්මත කරයි

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම  සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක්  සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ  අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් ද, විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබන අතර තවත් 40ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පැහැදිලි කර ඇති පරිදි, බරපතළ මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවත සිදුවීමක් සඳහා රටතුළ ඇති භයානක පසුබෑමක් ඇති බවට ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අදාළ යෝජනාවේ දැඩි කනස්සල්ල පළ කර තිබේ.

එබැවින් 2017 වසරේදී යුරෝපා කොමිසම විසින්  ශ්‍රී ලංකාවට යළි ලබා දුන්  ජී.එස්.පී.ප්ලස් බදු සහනය  හා  එහි ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීමට යුරෝපා කොමිසම සලකා බැලිය යුතු බව  යූරෝපා පාර්ලිමේන්තුව සම්මත කර ගත් එම යෝජනවේ සදහන් වේ.

තව ද සිවිල් සැකකරුවන් සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා පොලීසියට පුළුල් බලතල ලබා දෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහි සාමාජිකයින් දැඩි විරෝධයක් පළ කළ බවට ද වාර්තා වේ.



අදහස් (10)

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නව යෝජනාවක් සම්මත කරයි

Rata Perata Friday, 11 June 2021 06:07 PM

20 සම්මත කරගෙන හොර කොමිසම් දාගෙන පවුලේ හොරුන්ගේ නඩු අයින් කරගන්න කොට ඕක වෙන බව අපි දන්නවා. ෆේල් නෙමෙයි විභාගෙට වාඩිවෙලාවත් නෑ...

:       1112       1081

Sanath KandyFriday, 11 June 2021 07:45 PM

මේ රාජපක්‍ෂ පවුල් පාලනය අපේ රට අන්ත විනාශයකට ඇදගෙන යනවා.

:       404       636

Dilshad Friday, 11 June 2021 06:56 PM

ඉල්ලගෙන කන්නයි හදන්නේ..!!!

:       33       143

SUNIL MILANO Friday, 11 June 2021 07:18 PM

තමන් ඉපදුණු මව්බිමට කෙළවෙන හැටි බලා සතුටු වෙන ජෙප්පෝ...!!!

:       837       1221

සෙනෙවිරත්න Saturday, 12 June 2021 01:46 PM

මේ පටන්ගත්ත විතර බවත් මතක් කරන්න. ඒවගේම මේ හෙනගෙඩි පාත්වෙන්නෙ ඔහේල අපේ ඔලුගෙඩි වලට විතර බවත් සිහිතබාගන්න.

:       2       3

බද්රානි Friday, 11 June 2021 07:43 PM

ඉතාම හොඳ තීරණයක්. හැකිනම්, යුරෝපා සංගමයේ රටවල් වලට ශ්‍රී ලාංකිකයින්ට ඇතුළුවීමට සීමා පනවන්න. සියලුම වෙළඳ ගිවිසුම් අහෝසි කරන්න. යුරෝපයෙන්, ඇමරිකාවෙන් ලැබෙන ආධාර වලින් පිනට කාලා ගිනි පොලියට ණය දෙන චීනෙට ආවඩනවා. කෙලෙහි ගුණ නොදන්නා ශ්‍රී ලාංකිකයින්ව ඔය රටවලින් පිටුවහල් කරන්න. අන්න එදාට චීනෙට හෝ රුසියාවට ගොස් ඔවුන්ට ගැලපෙන ලෙස කොන්ද නවාගෙන ජීවත්වෙයි...

:       461       319

සුජීව ඉන්දික ඒකනායක Saturday, 12 June 2021 04:11 AM

අපට ඔය විදිහටම ඇමරිකාව යුද්ධය අවසාන කාලයේ (2009) කෙනෙහෙලිකම් කළා. රාජ්‍ය තාන්ත්‍රික වීසා පවා නොදී... නමුත් 2011 සැප්තැම්බර් 11 ඇමරිකාව පාඩම් ඉගෙන ගත්තා ත්‍රස්තවාදය ගැන. යුරෝපා සංගමයේ රටවල්වලටත් වන්නේ ඔය ටික තව ටික දවසකින්... ත්‍රස්තවාදයට ආවඩලා සහ මේ බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩි ධර්මය දරාගෙන ඉන්න රටට වින කටින්න ඇවිත්... මෙතෙක් එහෙම වින කටින්න ආපු කාලිංග මාඝ ඉඳලා ප්‍රභාකරන් දක්වා 24 දෙනෙක් කළු ගලේ ඔළුව ගහගත්තා වගේ විනාශ වුණා.

:       2       116

සමන්තSunday, 13 June 2021 10:24 AM

නොදන්න මඟුල් කතා කරන්න එපා. හරියට බලන් හිටියා වගේ. ඇමෙරිකාවේ අපේ බාප්පලා නෑ. ඔහෙලාගේ බාප්පලා මිසක්... කොහොම වුණත් 2009 යුද්දේ අදටත් අපි කරනවා ඇමෙරිකාවයි, ඉන්දියාවයි නැත්නම්... චීනා කරේ ආයුධ වික්ක එක විතරයි. ඒත් ඇමෙරිකන් කාරයොයි, ඉන්දියන් කාරයොයි තමයි නැව් දුන්නේ... පුහුණුව දුන්නේ, සැටලයිට් වලින් තොරතුරු දුන්නේ, නවින ආයුධ දුන්නේ, ඊශ්‍රායලය හරහා කෆීර් දුන්නේ. එහෙම නැතුව ඔහෙලගේ රාජපක්ෂ පවුලේ බූදලෙන් ඔක්කොම කරේ නෑ. හැම මූසල කාරණයකටම බුදු හාමුදුරුවන් ගාවගන්න එපා. දැක්කනේ කැළණියේ නයි නටවපු මිනිහට වුණු දේ? ඕවා වස්වදින කතා.

:       1       4

Gayan Saturday, 12 June 2021 12:08 PM

චීනය අපේ අපනයන ආර්ථිකය වෙනුවෙන් ලබා දෙන්නේ අවම දායකත්වයක්, ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී, ඔවුන් ලබාදෙන ණය කෙතරම් ඵලදායී ලෙස භාවිතා කරන්නේද, එම ව්‍යාපෘති මගින් රටේ ආර්ථිකයට, රටේ දියුණුවට කෙතරම් උපකාරී වෙනවද කියලා බලන්නේ නෑ වගේම ඒ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවත් ඔවුන් දන්නවා. ණය ගෙවීමට අපට තිබෙන විසඳුම වන්නේ ණය ගෙවීමට තවත් ණයක්, එම ණය ගෙවීමට තවත් ණයක් යනාදී වශයෙන් නිමා නොවෙන ණය උගුලක හිරවීම හෝ රටේ ආර්ථික වටිනාකමක් ඇති ජාතික සම්පත් විකිණීම හෝ දිගු කාලීනව බදු දීම වැනි පිළිවෙත් බව චීනය හොඳින්ම දන්නා කරුණක්. ලෝක බැංකුවෙන් ණයක් ගැනීමේදී , ඔවුන් ලබාදෙන ණය කෙතරම් ඵලදායී ලෙස භාවිතා කරන්නේද, එම ව්‍යාපෘති මගින් රටේ ආර්ථිකයට, රටේ දියුණුවට කෙතරම් උපකාරී වෙනවද හා ණය ගෙවීමේ හැකියාව වැනි කරුණු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කරුණු සලකා බලනු ලබයි. කෙසේ වෙතත් අද වනවිටත් අපේ අපනයන ආර්ථිකයට විශාලම දායකත්වයක් (96%) ලබාදෙන්නේ බටහිර වෙළද පොළයි.

:       0       34

සෙනෙවිරත්න Saturday, 12 June 2021 01:49 PM

සහතික ඇත්ත , ඒත් බැනුම් අහන්නෙත් ඒ රටවල්ම තමයි අපේ ජාතික කොඩි, ජාතික ගීය සිංහලෙන් පමණයි කියන ඊනියා දේශප්‍රේමීන්ගෙන්

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

දොස්තර ෂාෆි නිදොස් කොට නිදහස්
2024 නොවැම්බර් මස 06 7 0

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ


හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දික් කරයි
2024 නොවැම්බර් මස 06 6 0

විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා


ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 488 0

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


වැටත් නියරත් ගොයම් කාලා
2024 නොවැම්බර් මස 06 286 0

පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 8 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි
2024 නොවැම්බර් මස 06 550 0

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 20 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1340 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site