(යොහාන් භාසුර)
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 2022 වසරේ විශිෂ්ටතම ගුවන් භටයා ලෙස බළලත් නිලධාරි ආර්.ජී.එස්. ප්‍රියංකර සහ විශිෂ්ටතම ගුවන් කාන්තාව ලෙස කෝප්‍රල් ඒ. පී. ලක්ෂිකා සම්මාන ලැබූහ.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මානශීලි නිපැයුම් සහ නව සොයාගැනීම් ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කිරීම වෙනුවෙන් මෙම විශිෂ්ටතම සම්මාන පිරිනැමේ.
ඒ අනුව විශිෂ්ටතම ගුවන් භටයා ලෙස සම්මාන ලැබූ බළලත් නිලධාරි ආර්.ජී.එස්. ප්‍රියංකර චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක. 1 විවේක හා විනෝදස්වාද පක්ෂාංගයට අනුයුක්තව සේවය කරන අතර විශිෂ්ටතම ගුවන් කාන්තාව ලෙස සම්මාන ලැබූ කෝප්‍රල් ඒ. පී. ලක්ෂිකා, කටුනායක ගුවන් හමුදා මුලික කඳවුරේ නිලධාරී නිවස්නයේ භෝජනාගාර සහයිකාවක ලෙස සේවය කරන්නීය.
කණ්ඩායම් අංශයේ විශිෂ්ටතම තත්ව පාලන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරු කණ්ඩායම ද, විශිෂ්ටතම පරිසර කළමණාකරණ ව්‍යාපෘති කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කණ්ඩායම ද, විශිෂ්ටතම පර්යේෂණ කණ්ඩාම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ කණ්ඩායම ද, සම්මාන ලැබීය.
අදාල වර්ෂය තුළ ගුවන් හමුදාවේ එක් එක් වෘත්තින්ට අදාල විශිෂ්ටතම ගුවන් භටයා තේරීම පිළිගත් ක්‍රමවේදයට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධික්ෂණයන් යටතේ කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිවරයා කරන තේරීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා සහ ගුවන් කාන්තාව වසරේ විශිෂ්ටතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සම්මාන ලබන අතර නව සොයාගැනීම් හා නව නිපයුම් කරන කාණ්ඩායම් සදහා ද සම්මාන පිරිනමයි.
ගුවන් හමුදා විශිෂ්ටතා සමිමාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විවි උත්සව ශාලාවේදී පසුගියදා පැවැත්විණි.
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ටතම භටයා ප්‍රියංකර - කාන්තාව ලක්‍ෂිකා
සුපුන් Saturday, 18 March 2023 04:09 PM
මෙලෝ වැඩකට නැති හමුදාවක් දැන්... ඕවා තමයි කරන්න තියෙන්නේ. අර ආමි එකයි, නේවි එකයි මොනවා හරි දෙයක් රටට කරනවා. මෙයාලගේ තියෙන්නේ තනිකරම ගොන් ආතල් තමයි.