ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ නව සංවිධානය වටා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 18ක්, ආසන සංවිධායකවරු 24ක් සහ ආණ්ඩුකාරවරයෙකු සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච් බුද්ධදාස මහතා කොළඹදි අද (3) පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ මහජන පුස්තකාලයේදි කැඳවූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී. එච් බුද්ධදාස මහතා මෙසේද කීවේය. ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අපේ ජීවිත කාළයම කැපවෙලා තියෙනවා. ඒත් අද අපි ඉතාම වේදනාවෙන් පසුවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය දැන් ඉතාම ශක්තිමත්ව ඉදිරියට යමින් තිබෙනවා. අද වනවිට අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 21 දෙනාගෙන් 18ක් පැහැදිලිවම අපිත් එක්ක ඉන්නවා. ආසන සංවිධායකවරු 24ක් ඉන්නවා.
තිරය පිටිපස්සේ ආණ්ඩුකාරවරයෙකුත් ඉන්නවා. මේ ශක්තිය තුළින් තමයි අපි භය නැතුව එළියට බැහැලා මේ විදියට කටයුතු කරන්නේ.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා අපි එළවනවා කියලා තියෙනවා. අපි පක්ෂයෙන් එලෙවුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ගහලා එලෙවුවත් අපි එක්සත් ජාතික පක්ෂයට හෝ වෙන පක්ෂයකට යන්නේ නැහැ.
මේකත් හරියට වතුර බේසමකට රබර් බෝලයක් දාලා අතින් අල්ලන් ඉන්න තාක් කල් බොලේ උඩ එන්නේ නැහැ. අත ගත්ත ගමන් තමයි බෝලේ උඩ එන්නේ. අන්න එතකොට ඒ 18 දෙනා එළියට ඒවි.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා පුන පුනා කිවුවා මම ඉන්නතාක් කල් ජීවිතේට මහින්ද රාජපක්ෂ කෙනෙකුට මේ රටේ අගමැති කෙනෙක් වෙන්න දෙන්නේ නැහැ කියළා. දෛවයේ සරදමක් වගේ එතුමා විසින්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත් කළා.
ඒ ඒක්කම කිවුවා පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කළත් රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති කම දෙන්නේ නැහැ කියලා. දුන්නොත් ජනාධිපතිකමේ පැයක්වත් ඉන්නේ නැහැ කිවුවා. දැන් පැය නෙමෙයි සති ගාණක් වෙනවා තවමත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා අස්වුනේ නැහැ.
ජනාධිපතිවරයා මේ රටේ ව්‍යවස්තාව උල්ලංගනය කළා කියළා අගවිනිසුරුතුමා ඇතුලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 07ක් ඒකමතිකව තින්දුවක් දිලා තියෙනවා. අද ජනාධිපතිවරයා මේකට කොටු වෙලා ඉන්නවා. මේක එතුමන්ට ඉතාම අසුබ පෙර නිමිත්තක් විදියට තමයි අපි දකින්නේ.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ශක්තිමත්