(අතුල බණ්ඩාර)
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍යායන් වහන්සේ (උප කුලපති) ලෙස එම විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පිඨයේ පීඨාධිපති මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූහ.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උත්තරීතර සභාව සහ පාලක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදු කොට තිබේ.
මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති සහ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙසද කටයුතු කරනු ලබති.
වර්ෂ 2015 ජුලි මස 11 වෙනි දින සිට 2019.01.23 වෙනි දින දක්වා කාලය තුළ එම විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යාය ලෙස සේවය කර ඇති කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ එහි හයවෙනි මහෝපාධ්‍යයන් වහන්සේද වෙති.
බුදුහාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි,බුදුසමය සහ කායික වෙදකම,බුදුසමය සහ පවිත්‍රතාව සහ දැහැමි දිවියට දහම් සිතුවිලි යන ග්‍රන්ථවල කතුවරයා වන්නේද උන්වහන්සේය.
මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටකවේදී උපාධිය,කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති සහ දර්ශනපති පශ්චාත් උපධිය, චීනයේ මින්ග්ෂු (Mingzu) විශ්වවිද්‍යාලයේ දර්ශනසූරී පශ්චාත් උපාධිය යන උපාධි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරා ඇත.
දකුණු පළාතේ ශාසනික ආගමික සමාජයීය සහ අධ්‍යාපනික සේවාවන් රැසක් ඉටු කළ සහ ඉටු කරමින් සිටින උන්වහන්සේ බෞද්ධ දර්ශනය විෂය සහ බුදුදහම පිළිබඳ හසල දැනුමකින් සන්නද්ධ වියත් දේශකයාණන් වහන්සේ නමකි.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍ය