සමස්ත සෙරමික් කර්මාන්තය ආශ්‍රිතව සම්මුතියක් ගොඩනැංවීම සඳහා වන ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය (SLCGC) විසින් මෙරට නාන කාමර උපාංග ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය, දැරිය හැකි මිල සහ විශ්වාසය ගොඩනැංවීම වෙනුවෙන් විද්වත් සාකච්ඡාවක් පසුගියදා සංවිධානය කරන ලදී.
මෙම සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතා සහභාගි වූ අතර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති රෝහණ විජේසේකර, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම, ලංකා මිනරල් ඇන්ඩ් කෙමිකල් (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මානවචන්ද්‍ර බෝපිටිය, රෝයල් සෙරමික්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා සහ RSL සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නිශාන්ත නානායක්කාර යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය විසින් දේශීය නාන කාමර උපාංග ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් අවධාරණය කළේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තවමත් විශ්වාස කරන්නේ රට තුළ පවතින්නේ නාන කාමර උපාංග ආශ්‍රිත සන්නාම 1 ක් හෝ 2 ක් පමණක් වන බවයි. වර්තමානය වන විට මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව සුළු, මධ්‍යම හා මහා පරිමාණ නාන කාමර උපාංග නිෂ්පාදකයන් 8කට වැඩි සංඛ්‍යාවක් සේවා සපයන බවත්, ඔවුන් හට විවිධ මිල ගණන්වලට මෙන්ම විවිධ තත්ත්වයන්ට අනුකූලව මෙරට වෙළෙඳපොළ වෙත නිෂ්පාදන සැපයීමේ හැකියාව පවතින බවත් එහි දී සඳහන් කෙරිණි.
කොරෝනා වසංගතය මෙන්ම වර්තමාන ආර්ථික අර්බුදය නිසා දේශීය නාන කාමර උපාංග නිෂ්පාදන ක්ෂේත්‍රය වෙත එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද මෙම සැසියේ දී සාකච්ඡා කෙරුණු අතර, 2020 වසරේ මුල් භාගයේ දී, නාන කාමර උපාංග සඳහා රට තුළ පැවති ඉල්ලුම සපුරාලීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොතිබුණු බවත්, ආනයන සීමා කිරීම නිසා මෙම කර්මාන්තයට ද විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් එහි දී අනාවරණය කෙරිණි.
595
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථ
වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු ඇතැයි කියන ස්ථානයක් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරන ලෙස
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිර
මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහ
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ කවුන්සිලයෙන් විශේෂ සැසියක්