IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලන්කන් ඩොලර් කෝටි 51ක දැවැන්ත ණයට ආණ්ඩුව කරගසයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් හෙවත් ඩොලර් කෝටි 51 ක දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (5) පැවසීය.

එම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය රුපියල් බිලියන 102 ක් හෙවත් රුපියල් කෝටි 10,200 ක්, ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණය ඩොලර් මිලියන 210 ක් සහ ලංකා බැංකුවට ඇති ඩොලර් මිලියන 68.2 ක බැංකු අණකරයක් ගෙවීම ආණ්ඩුව භාරගත් බවත් එම ණය ප්‍රමාණය පමණක් ඩොලර් මිලියන 302 ක් පමණ වන බවත් අමාත්‍යවරයා කීය.

ඊට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගෙන ඇති ඩොලර් මිලියන 175 ක ජාත්‍යන්තර බැදුම්කරයක් වෙනුවෙන් භාණ්ඩාගාරය දැනටමත් ඔවුන් නොගෙවුවහොත් ගෙවන බවට බැදුම්කරයක් දී ඇති බවත් ලංකා සහ මහජන යන බැංකුවට ඇති තවත් රුපියල් බිලියන 31.4 ක ණයක් සඳහා භාණ්ඩාගරය බැදුම්කරයක් දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලැබෙන මුදලින් මෙම මුදල අයකරගැනීමට ද නියමිත බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (12)

ශ්‍රී ලන්කන් ඩොලර් කෝටි 51ක දැවැන්ත ණයට ආණ්ඩුව කරගසයි

අරවින්ද මොනරවිල Tuesday, 05 March 2024 02:46 PM

බලයේ ඉන්නා තුරු හොරා කෑවෙත් ඔවුන්, දැන් පාඩුයි පාඩුයි කියලා ගෙඩිය පිටින් විකුණලා කොමිස් කුට්ටිය කඩා ගන්නෙත් ඔවුන් පාඩුව විතරක් අපේ කර පිටට...

:       0       0

Prabha Tuesday, 05 March 2024 02:47 PM

මෙච්චර ණය වුණේ අපිව නොමිලේ අරන් ගිහින්ද?

:       0       0

විපරමා Tuesday, 05 March 2024 02:55 PM

දූෂිත පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවෝ කරපු වැරැදි. කිසිම උගත්කමක්, සුදුසුකමක් නැති කෙනෙක් සභාපති කරලා, පවුල් පිටින්, බුරුතු පිටින් පිනට සවාරි ගැහැව්වා.

:       0       0

බද්රානි Tuesday, 05 March 2024 03:41 PM

මොවුන් කතා කරන්නේ හරියට "ආණ්ඩුව" කියන්නේ මොවුන්ගේ අම්ම අප්පාගේ බූදලය වගේ කියල හිතාගෙනනේ..? මේ හොරු, හොරාකාලා විනාශ කළ ඒ මුදල් කන්දරාවේ බරත් අදින්න ඕනෑ... මේ රටේ අසරණ ජනතාව නේද..? එක අතකට, මහලොකු දේශප්‍රේමී උජාරුවට අපිටත්, ගුවන් සමාගමක් තියනවා කියලා පම්පෝරි ගැහුවා. මෝඩයින්ට ඔහොම වෙලා මදි....! ජීවිත කාලය පුරාවටම කඹුරපල්ලා මේ හොරුන්ට...

:       0       0

anuranga Tuesday, 05 March 2024 03:58 PM

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සමාගමේ වංචා, දූෂණ රාශියකට සම්බන්ධ වී ඇති බවට ඒ පිළිබඳ පරීක්ෂණ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. හොඳයි ඒකත් අපි ගෙවමු...

:       0       0

wedage Tuesday, 05 March 2024 04:15 PM

ආණ්ඩුව කියන්නේ කවුද මෙයා..?

:       0       0

Nalaka Tuesday, 05 March 2024 04:42 PM

දැන් අලි බබා සහ හොරු ටික ගෙදරින් ගෙනල්ලා ද ගෙවන්න යන්නේ...? අනේ යන්න...

:       0       0

ajith Tuesday, 05 March 2024 05:37 PM

ආණ්ඩුව කියන්නේ රටේ මිනිසුන්ගෙන් එකතු කරන බදුමුදල් තමයි.

:       0       1

Rasi Tuesday, 05 March 2024 05:50 PM

මෙම ගණන්වල යම් පරස්පරයක් තිබෙන බව පෙනෙන්නට තිබේ. මෙම ගණන් සත්‍ය නම්, ශ්‍රී ලංකාවේ රටක් වශයෙන් ඇති මුළු ණය ප්‍රමාණයෙන් අඩකට වැඩ, ශ්‍රී ලන්කන් ණය වී ඇති බවක් පෙනේ. එසේ නොමැති නම්, නිමල් ලොක්කා නිදාගෙන ඉඳලා ඇවිල්ලා කියපු ගණන් ටිකක්...

:       0       1

පිටරටවැසියා Tuesday, 05 March 2024 06:20 PM

ණය ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගන්නවා කියන්නේ, හරියට ආණ්ඩුවේ ඉන්න මැති-ඇමැතිවරු කරගැහුව වගෙයිනේ. මේවා ඔක්කොම රටේ ජනතාවගේ බදු මුදල්... එමිරේට්ස් එකෙන් ගන්නකොට ලාභ ලබපු ශ්‍රී ලන්කන් ලබපු පාඩු කරපු අයගෙන් අයකරගත යුතුයි, ජනතාව තවදුරටත් රවටන්නේ නැතුව...

:       0       1

de silva Tuesday, 05 March 2024 06:59 PM

ආණ්ඩුව කර ගහනවා කියන්නේ ජනතාව පිට මේ බර වැටෙනවා , නිශාන්ත වික්‍රමසිංහ , කපිල චන්ද්‍රසේනල , ලොකු මෛනලා පොඩි මෛනලා කල හොරකමුත් වැටෙන්නේ ජනතාව පිට , මිට වැඩිය හොඳ නැද්ද සමගම බංකොලොත් කියල වහල දැමනම් , ලෝකයේ දියුණු රටවල් වත් මේ විදිහට ආණ්ඩුව මෙවැනි පාඩු වලට කරගහන්නේ නැහැ , මේක සමාගමක් ලෙස කරගන යන්න හේතුවත් හදිසියේ පාඩු ලැබුවොත් ආණ්ඩුව වගකියන්න අවශ්‍ය නැති නිසා

:       0       1

Dewa Tuesday, 05 March 2024 07:34 PM

මේවා කියන්න හරි ලේසියි. ගෙවන්නේ අපිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 41 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 333 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 403 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 910 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 306 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 583 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site