IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට

(ආරියරත්න රණබාහු)

ඉදිරි මහ මැතිවරණයේදී  වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එහි භාණ්ඩාගාරික බස්නාහිර පළස්සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර්  බෙත්ම ගේ මහතා කොළඹ අද (03) පැවතිමාධ්‍ය හමුවකදී පැවසීය.

එම කණ්ඩායමට තමා ඇතුළු ආසන සංවිධායකවරුන් 40ක සංඛ්‍යාව ක් ඇතුළත් බව කී බෙත්මගේ මහතා මලිමා රජයේ වැඩපිළිවෙල  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස් ඩබ්ලිව්  ආර් ,ඩී බණ්ඩාරනායක මහතාගේ මිනිසාගේ පරම යුතුකම මිනිස්සාට සේවය කිරීමයි යන වදනට සහ ප්‍රතිපත්තියට බොහෝ සේ සමානුපාත වන බවද  පැවසීය .

කොළඹ තුම්මුල්ල පිහිටි සම්බුද්ධ ජයන්ති  මන්දිරයේ දි ඊයේ පෙරවරුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෙත්ම ගේ මහතා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නිමල්  සිරිපාල  ද සිල්වාමහතා ප්‍රමුඛ කණ්ඩායම දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය  උදෙසා  කටයුතු  කළ  අතර   දයාසිරි ජයසේකර  මහතා  ප්‍රමුඛ පිරිස  අනෙක් දක්ෂිණාංශික කණ්ඩායම වන සජිත් පේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කළ බවය

එම නිසා එම කොටස් දෙකටම ඇතුළත් නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වමට ලැදි පිරිස  ඉදිරි මහ මැතිවරණයේදී කිසිදු කොන්දේසියකින් තොරවමුළුමනින්ම ජාතික ජනබලවේගයේ විශිෂ්ට ජයග්‍රහණයක් උදෙසා සම්පුර්ණ  සහාය ලබා⁣දෙන  බව ඔහු පැවසීය .

මෙම තීරණය ගැනීමේදී දේශපාලන මණ්ඩලය මධ්‍යම කාරක සභාව සහ සියලු ආසන සංවිධායකවරුන්ගේ කැමැත්ත පළවුන බවද හෙතෙම  කීය.

මෙම මාධ්‍ය හමුවෙිදී පක්ෂයේ උප සභාපති නීතිඥ කීර්ති උඩවත්ත, ජාතික සංවිධායක කේ පී ගුණවර්ධන සහ මොනරාගල ආසන සංවිධායක වසන්ත  ජයවර්ධන යන මහත්වරු ද අදහස් දැක්වුහ.



අදහස් (3)

ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට

Kazi Shajahan Thursday, 03 October 2024 04:04 PM

එන් පි පි එකට උඹලා ඕනේ නෑ. නිකන් මෙහේ ඇවිල්ලා පච වෙන්ඩ එපා.

:       2       29

පිටරටවැසියා Thursday, 03 October 2024 04:42 PM

ඈ බෙත්මේ, ඔබලාගේ මොත්තේ නම් මරු-ආතල්...

:       0       1

chamara Thursday, 03 October 2024 05:04 PM

තව මිනිස්සු එකතු වෙන්න නෙවෙයිද ඕනේ...?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 362 0

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


උප්පැන්න
2024 ඔක්තෝබර් මස 03 81 0

උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 117 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 117 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 347 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 909 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38762 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25466 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 293 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 993 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site