(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳවද අවධානය යොමු විය.
නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී ආයතනයක් බවට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාභ ලැබුවද , වැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතර ඉහළින්ම ඇති ආයතනයකි.එම ආයතනය පෞද්ගලීකරණය කිරීමට පසුගිය ආණ්ඩුව විසින් ගන්නා ලද තීන්දුව වෙනස් කරමින් වත්මන් රජය එය තවදුරටත් ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාමටත්, නව කළමනාකරණයක් යටතේ ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කර ඉදිරියට පවත්වාගෙන යාමටත් තීරණය කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහත්වරුද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ශ්රී ලංකන් ලොක්කෝ ජනපති හමුවට
වමට සිග්නන් නොහොත් දකුණට යෑම Wednesday, 09 April 2025 12:53 AM
ජාතික උරුමයන් හා ජාතික සම්පත් ආරක්ෂා කරමින් ප්‍රතිවිවෘර්ත ගත කරනවා. . පලමු ජේදය ජෙප්පන්ට අවසාන එක ආයෝජකයන්ට.
ගුණරත්න Wednesday, 09 April 2025 01:15 PM
තෙල් සල්ලි තියෙන රටකට නම් ඔහොම දෙයක් කරන්න පුළුවන්, එත් අපේ ප්‍රාග්ධනය සීමිත රටක ඔය වගේ වියදමක් නාස්තිකාර වියදමක්, මීට වඩා ලාභයි වෙනත් ගුවන් සේවා වලින් අඩු මිලට සේවය ගන්න එක
Don perea Wednesday, 09 April 2025 01:30 PM
සුදු අලියෙක් තියාගෙන සින්දු කියන රටක්...