IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය මහනුවරට

(විමුක්ති එස් රුද්‍රිගු)

"අවියානා ප්‍රයිවට් ෂැලේට්"නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය ලබන වසරේ මැයි මාසයේදී මහනුවරදී විවෘත කිරීමට සූදානම් බව අවියානා හෝටල් ප්‍රධානී ආචාර්ය තිසර හේවාවසම් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

"අවියානා ප්‍රයිවට් ෂැලේට්" ව්‍යාපෘතිය රුපියල් කෝටි 900 ක වටිනාකමින් යුත් ව්‍යාපෘතියක් බවත් ව්‍යාපෘතිය අවසානයේ ධනවත් සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ තිබෙන වටිනාකම තවත් ඉහළ යනු ඇති බවත් ආචාර්ය තිසර හේවාවසම් මහතා පැවැසුවේය. "අවියානා ප්‍රයිවට් ෂැලේට්" ව්‍යාපෘතියට විවිධ මෝස්තර සහිත තරු පන්තියේ සුඛෝපභෝගී පුද්ගලික ගෘහ 60ක් ඇතුළත් වන බවත් පළමු අදියර යටතේ සුඛෝපභෝගී පුද්ගලික ගෘහ 12 ක් ලබන වසරේ මැයි මාසයේදී විවෘත වනු ඇති බවත් ආචාර්ය හේවාවසම් මහතා ප්‍රකාශ කළේය.

අඹසෙවණ සමාගම් සමූහයේ මෙන්ම "අවියානා ප්‍රයිවට් ෂැලේට්" හෝටලයේ සභාපති ආචාර්ය හේවාවසම් මහතා සිනමන් ලයිෆ් හෝටලයේ පසුගිය 5 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

"අවියානා ප්‍රයිවට් ෂැලේට්" හෝටලයට පිහිනුම් තටාක 50 ක් ඇතුළත් බවත් "අවියානා ප්‍රයිවට් ෂැලේට්" හෝටලයේ නවාතැන් ගන්නෙකුට අද්විතීය අත් දැකීමක් විඳ ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ආචාර්ය හේවාවසම් මහතා පැවැසුවේය.

"අවියානා ප්‍රයිවට් ෂැලේට්" ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 900 න් රුපියල් කෝටි 700 ක් ආයෝජනයන් ලෙස ලැබී අවසන් බවත් හෝටලයෙන් සියයට 70 වැඩ අවසන් කර ඇති බවත් ආචාර්ය හේවාවසම් මහතා ප්‍රකාශ කළේය. දර්ශනීය නකල්ස් කඳුවැටියේ අක්කර 18 ක භූමි ප්‍රමාණයක "අවියානා ප්‍රයිවට් ෂැලේට්" ඉදිවන බවද ඔහු පැවැසුවේය.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය මහනුවරට

ඔබේ අදහස් එවන්න

දියත

අද වැස්ස නැති දවසක්
2024 දෙසැම්බර් මස 26 18 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්යක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු ජනවාරියේ පාර්ලිමේන්තුවට
2024 දෙසැම්බර් මස 26 141 0

ආන්දෝලනයට තුඩු දුන් ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විගණන වාර්තා ලබන ජනවාරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ විගණකාධි


ට්‍රාන්ස්පෝමරයේ කම්බ් කපන්න ගිහින් මරුට
2024 දෙසැම්බර් මස 26 284 0

අම්පාර සේනානායකපුර සවි කර ඇති ට්‍රාන්ස්පෝමරයක තඹකම්බි කැප නැග සිටිය දී අලුයම 2.00 ට පමණ විදුලිසැර වැදීමේ පුද්ගලයකු මියගොස් ඇතිබව අම්පාර පොලිසිය පවසයි.


නත්තලට හැඩවුණු කොළඹ
2024 දෙසැම්බර් මස 25 733 0

උදාවූ නත්තල නිමිති කොට කොළඹ නගරයේ තැන තැන ඉතා අලංකාරවත්ව සරසා තිබූ අයුරුයි මේ


මිතුරා මිතුරට පිහියෙන් ඇණ මරලා
2024 දෙසැම්බර් මස 25 759 0

මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.


නත්තල් පාටිය අටක් රෝහලට යවයි
2024 දෙසැම්බර් මස 25 796 0

නත්තල් සැමරුම වෙනුවෙන් පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනත


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 92 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 101 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 70 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site