IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ  ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට අද(24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ සවස පැවැත්විණි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් හුවමාරු වූ අතර එම තීන්දුවේ නීති ගැටලු රැසක් පවතින බව කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ විය.

එම තත්ත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවතින නීතිමය ගැටලු ගැන අමාත්‍ය මණ්ඩල ප්‍රතිචාරය දැක්වීම ගැඹුරු ලෙස කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කෙරුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අමාත්‍ය මණ්ඩලය වෙත ලැබුණේ අද පස්වරුවේ බැවින් ඊට අදාළ නීති ගැටලු සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කිරීමට කාලය අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ මතය විනැයිද කැබිනට් ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව මීට අදාළ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බව අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණය  වූ බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

 



අදහස් (11)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක්

සුපුන් චාමර Thursday, 25 July 2024 08:21 AM

ලොකු ටෝක් දුන්නාට වැඩක් නෑ. මොකද ඇමැතිලාට මොලයක් නෑනේ.

:       128       91

Bunny Preena Thursday, 25 July 2024 09:30 AM

ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ තීන්දුව දුන්නු විනිශ්‍ය මණ්ඩලය නීතිය ගැන මුකුත් දන්නේ නැති තොත්ත බබාලා කියලාද .කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ

:       174       94

R.T.sarath Thursday, 25 July 2024 10:46 AM

කරුණාකර ඔය අධිකරණ තීන්දුවට හිස නමල වෙන කෙනෙක් පත්කරගන්න , බොරුවට කැබිනට් මණ්ඩලේ රැස්වීම තබමින් පාර්ලිමේන්තුවේ වාද විවාද කරමින් ජනතා මුදල් කෝටි ගණන නාස්ති කරන්න එපා , මිනිස්සු පාස්පෝර්ට් පෝලිම්වල දුක් විදිනවා ටිරාන් අලස් කොමිස් ගහන්න අලුත් පාස්පෝර්ට් එකක් විදේශ සමාගමකට කියල නිර්මාණය කරන්න හදන නිසා , රියදුරු බලපත් නිකුත් කිරීමේදීත් විශාල පෝලිම් , දූෂණ වංචා තිබෙනවා කරුණාකර එවැනි ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න ඔය කාලය වැය කරන්න

:       81       25

Rata Perata Thursday, 25 July 2024 11:46 AM

විමල් වීරවංශ නඩු අහලා අගවිනිසුරු ගෙදර යවපු රටක් මේක.රනිල් මේ හදන්නේ ආයෙත් අපේ රට ඒ වනචාරී යුගයට ගෙනියන්න .ජනතාව මතක තියාගන්න .මේ විකාර වලට සම්බන්ධ එකෙක්ටවත් චන්දෙ දෙන්න එපා

:       75       38

සුපුන් චාමර Thursday, 25 July 2024 12:08 PM

මේකේ ප්‍රතිචාර වලට එකවරම අන්ලයික් අසීමිත ලෙස වැඩි වී ඇති බව පේනවද. සල්ලි වලට තමන්ගේ ගෑනු අම්මා තාත්තා උනත් දෙන්න පුලුවන් කියල තේරෙනවා නේද. සීයාගේ මඩ බලකායේ වැඩ

:       75       41

Athula Thursday, 25 July 2024 01:01 PM

ඒ කියන්නේ උඹලා අධිකරණයට යටත් නැහැ කියලද..? එහෙනම් ඉතින් ජනතාව පාරට ආහම බලාගමු.. මට හිතෙන්නේ උඹලා යන්න හදන්නේ කනත්තට.. කවුද යකෝ ඔය කැබිනට් එක ප්‍රසන්නයද.. විජේදාසයද.., පල් හොරු උඹලා හිතන් ඉන්නේ තුවක්කුවෙන් සේරම පාලනය කරන්න ද ..? කරලා බලමුකෝ රටම පාරට වරෙල්ලා කියලා කියන්න ඉඩ තියන්න එපා. රනිලෝ..

:       75       35

Manjula Thursday, 25 July 2024 01:22 PM

Reaction වලින් පේනවා ජන්දයේ ප්‍රතිඵල.

:       15       63

ගමේ එකාලා Thursday, 25 July 2024 02:10 PM

පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ කිසිම උගත් කමක් සුදුසුකමක් චාරයක් නැති ,මාල හොරු,,කුඩු කාරයෝ,හොර පෙරකදෝරුවෝ ස්‍ත්‍ර්‍රි දූෂකයෝ,,කප්පම්කාරයෝ,බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවෝ .,රු.2500කින් මාසයක් ජීවත් වෙන්ඩ පූලුවන් කියපු ආර්තික ඔස්තාර්ල මොනවද දන්නේ මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය මිසක් ?

:       58       19

Chandima Thursday, 25 July 2024 03:21 PM

රටේ නීතියට ගරු නොකරන ඒකාධිපති ජනාධිපති කෙනෙක් සහ ශ්‍රේෂ්ඨාධිකරණය අබිමවා යන කැබිනට්ටුවක් රටට අවශ්‍යද ?ඔබට අවශ්‍ය නීතිය අබිමවා යන පාලකයෙක්ද ?

:       0       0

පිටරැටියා Thursday, 25 July 2024 03:28 PM

ගැඹුරින් අධ්‍යයනය කරන්ඩ තරම් උගත්, බුද්ධිමත් විෂය දැනුම ගැන මනා අවබෝධයක් ඇති අය පාර්ලිමේන්තුවේ ඉන්නවද?

:       0       1

Nishan Friday, 26 July 2024 03:26 AM

මෙතන කොමන්ට්ස් දාපු බහුතරයක් ජෙවිපි මැට්ටෝ දන්නේ නෑ ව්‍යාවස්ථාදායකය සහ අධිකරණය කියන්නේ එකිනෙකට ස්වාධීන ආයතන දෙකක් බවත් ව්‍යාවස්ථාදායකය, අධිකරණ තීන්දු පිලිගන්න බැඳිලා නෑ කියන එකත්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1723 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site