IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට කිරීමේ වාර්තාව අධිකරණයට

(මනෝ ප්‍රිය ගුණසේකර)

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනවල සවිස්තර  තොරතුරු ඇතුළත් රහසිගත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂකවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19) බාර දුන්නාය.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 වසර  ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රය  අවලංගු කර එම ප්‍රශ්න පත්‍රය සඳහා වන විභාගය නැවත පවත්වන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් වරයාට නියම කරන අතුරු තහනම්  නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්  හතරක් කැඳවනු ලැබූ මීට පෙර අවස්ථාවේදීකළ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලි මහත්මිය අදාළ භික්ෂුම කැදවුම් ලැබූ අවස්ථාවේදී අදාළ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදුන්නනාය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ , කුමුදුනී වික්‍රමසිංහ, සහ අර්ජුන  ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත්  විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට  පෙනී සිටි සිසුන් පිරිසකගේ   මවුපියන් විසින්  ගොනුකර ඇති පෙත්සම්වල වග උත්තරකරුවන්  වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

පෙත්සම මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබූ අවස්ථාවේදී විශ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවල සවිස්තර වාර්තාවක් අද පෙරවරු 9.00 පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබූ අතර පෙත්සම අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළා සවිස්තර වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතු මාලි මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළාය.

අදාළ වාර්තාව භාරගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් සම්බන්ධ තීන්දුව ලබනතිස්එක් වෙනදා ප්‍රකාශයට පත්කරන දැනුම් දුන්නේය.



අදහස් (1)

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට කිරීමේ වාර්තාව අධිකරණයට

අමල් Thursday, 19 December 2024 06:14 PM

මාලිමාවේ හිටපු කතානායක අශෝක රන්වලව ඉහලින්ම පාස් කරන්න හිතාගෙන, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර කලින් පිටකලාවද්ද ?

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

පලතුරු ලොරිය අධිවේගයේ දොයි
2024 දෙසැම්බර් මස 19 698 0

පලතුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ 39 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද සවස පෙරළී අනතුරට පත්ව ඇතැයි මීරිගම අධිවේග


ඇමති පන්නිලගේ මන්ත්‍රීධූරයට එරෙහිව පෙත්සමක්
2024 දෙසැම්බර් මස 19 2452 3

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභා


දරුවන් ඉදිරියේ මව මැරූ පියාට වසර 37ක සිර දඬුවම්
2024 දෙසැම්බර් මස 19 2146 1

ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී තම බිරිඳව පොරවකින් කපා කොටා ඝාතනය කර තම පුතුණුවන්ටද පහරදුන් 47 හැවිරිදි දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයා


සජිත් සහතික භාරදෙයි
2024 දෙසැම්බර් මස 19 1043 2

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරු 11.40 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම පාර්ලි


ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට කිරීමේ වාර්තාව අධිකරණයට
2024 දෙසැම්බර් මස 19 258 1

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනවල සවිස්තර තොරතුරු ඇතුළත් රහසිගත වාර්තාවක් අපරාධ පරීක


’’ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත් අය තවත් ඉන්නවා’’
2024 දෙසැම්බර් මස 19 977 3

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති තවත් පිරිසකගේ ලේඛනයක් ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19)පැවසීය


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21423 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13868 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 79 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 336 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 292 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site