IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ෂෙයික් හසීනා ඇමෙරිකාවට ඇඟිල්ල දිගු කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බෙංගාල බොක්කේ ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා දුන්නේ නම් තමන්ට තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටීමට හැකියාව තිබූ බව හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළාය.

ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා ඔවුන්ට බෙංගාල බොක්ක පාලනය කිරීමට ඉඩ ලබා දුන්නේ නම් අරගලය ඇති නොවන බව හසීනා මහත්මිය පැවැසුවාය.

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වී බංග්ලාදේශයෙන් පළා ඒමට ප්‍රථම තම ජනතාව අමතා මේ බව ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූවත් එම අවස්ථාවේදී එය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව හසීනා මහත්මිය ප්‍රකාශ කළාය.

ශාන්ත මාටින් දූපත බෙංගාල බොක්කෙහි ඊසානදිග කොටසේ වර්ග කිලෝමීටර 3 ක් පමණක් වන කුඩා දූපතකි.

බංග්ලාදේශ සිසුන්ගේ මළ සිරුරු මතින් විරුද්ධ පාර්ශ්වයන්ට බලය ලබා ගැනීමට අවශ්‍ය වූ බවත් තමන්ට බංග්ලාදේශ ජනතාව මියයන අයුරු බලා සිටිය නොහැකි වූ බවත් හසීනා පැවැසුවාය. අවාමි ලීගය ඉලක්ක කරමින් විරෝධතාව ක්‍රියාත්මක වූ බවත් තමන් හැකි ඉක්මනින් බංග්ලාදේශයට නැවත වරක් යන බවත් හසීනා මහත්මිය ප්‍රකාශ කළාය.

ජනතාව තමන් නායකයා ලෙස තෝරාගත් බැවින් බංග්ලාදේශයට නායකත්වය දුන් බවත් තවදුරටත් නායකත්වය දීමට අවශ්‍ය නොවන බව බංගලාදේශ ජනතාවම පැවැසූ බැවින් තමන් රටින් පිටවූ බවත් හසීනා මහත්මිය පැවැසුවාය. බංග්ලාදේශයේ රැඳී සිටියා නම් එරට සම්පත්වලට විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බවද ඇය ප්‍රකාශ කළාය.

 



අදහස් (20)

ෂෙයික් හසීනා ඇමෙරිකාවට ඇඟිල්ල දිගු කරයි

ජයනාත් Sunday, 11 August 2024 05:27 PM

මෙන්න මේ කතාව ලංකාවේ ජනතාවට තේරුම් යන්නේ කවද්ද?

:       113       236

Nandalal de Silva - France Sunday, 11 August 2024 05:33 PM

පුවත්පත්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නම් මෙවන් චූර්නිකා අප අසා හෝ කියවා තිබුණේ නැහැ. ඒකාධිපතිනියක් ලෙසින් ඇය හංවඩු ගසා, අරගලකාරීන් විසින් "gota go home" ක්‍රමයට රටින් පැනලා ගියාට පසු කාට හෝ ඇඟිල්ල දිගු කිරීමේ සම්ප්‍රදාය ගැන පුදුම විය යුතු නැත. අපට ඒවා දැන් හොඳට පුරුදුයි...!

:       155       77

fairoos Sunday, 11 August 2024 05:35 PM

අපේ කෙනෙක් නම් රජයේ වියදමින් සැපට ඉන්නවා...!

:       119       77

මැක්ස් Sunday, 11 August 2024 06:24 PM

ලංකාවේ අරගලයේ බංගලි වර්ෂන් එක...!

:       29       50

රංබොඩ Sunday, 11 August 2024 06:50 PM

මේ කියූ දෙය තමයි සිදුවුණේ. කැරැල්ලට සම්බන්ධ වූ මිනිසුන් ඒ වගක් නොදනී. දැනගන්නා විට පෙරහර ගොස් ය. අපේ රටට සිදු වුණෙත් එවැන්නකි..

:       93       153

Lalla Sunday, 11 August 2024 08:16 PM

එතකොට කාබනික මේනියාවත් ඇමරිකානු උගුලක්ද? අර්බුදයකදී පළමුව වියයුතු ආහාර සුරක්ෂිතතාව නැතිකළ මෝඩ තීරණය ගත්තේ ඇමරිකාවද?

:       114       53

යෝගා Sunday, 11 August 2024 07:12 PM

මෙහෙ අරගලය පිටිපස්සේ හිටියේත් ඔය රටම තමයි. හැබැයි ඒක කියන්න ගැහැණියෙක් වෙලත් හසීනාට තිබෙන කොන්ද අපේ පිරිමින්ට නෑ...!

:       74       172

YogiSunday, 11 August 2024 09:29 PM

වැඩක් හරියට කරගන්න බැරි හැමෝම කරන්නේ තව කාට හරි ඇඟිල්ල දික් කරන එක. මතකයිනේ අපේ නන්දේ... නහයෙන් අඬාගත්තු ගමන්මයි. අරයා කරන්න දෙන්නේ නෑ. මෙයා කරන්න දෙන්නේ නෑ. ෂෙඩ් එහෙක පෙට්‍රල් ගහපු පොරක් ජනපති කරාම ඔහොම තමයි...

:       122       72

Manjula Pradeep Sunday, 11 August 2024 07:26 PM

දැන් තේරෙනවා නේද? අපෙත් කළේ ඔය ටිකම නේද කියලා. ජේවීපී එක මොන කතා කිව්වත් ඔය බලවේගවලට අහුවෙලා ඔවුන් කියන හැටියට තමයි වැඩ කරන්නේ...!

:       72       117

ධනුෂ්ක Sunday, 11 August 2024 08:08 PM

එතකොට ඇමරිකාව ද ආණ්ඩුවේ ජොබ් කෝටාව වෙනස් කරලා. පක්ෂයේ අයට ආණ්ඩුවේ ජොබ් දෙන්න ⁣හැදුවේ..!

:       109       89

Chuti Malli Sunday, 11 August 2024 09:25 PM

අපෙත් පොරක් හිටියා ගෝඨාභය කියලා වැඩ බැරි දාස කෙනෙක්. ඔක්කොම අනාගෙන අන්තිමට බැහැල යන්න වුණාම කිව්වේත් ඔහොම කතාවක්. බැහැලා ගියා කිව්වාට ඇත්තටම මිනිස්සු පැන්නුවා.

:       89       56

වත්සි Sunday, 11 August 2024 09:26 PM

සමහර කොමෙන්ට් අනුව පෙනී යන්නේ ජියෝ පොලිටික්ස් හෙවත් ගෝලීය දේශපාලනය ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන මෙලෝ හසරක් ඔවුන් නොදන්නා බවයි. දන්නා එකම දේ ජේවිපියට ආවැඩීම සහ ඒවාට ලයික් දැමීම පමණි. පව් අනේ එයාලා...!

:       33       110

Geeth MeeellaSunday, 11 August 2024 10:49 PM

Geopolotics කියලා බර වචන දැම්මාට ඇත්තටම මතක නෑ... දැන් මිනිස්සු අරගලය කරේ මොකද කියලා. මිනිසුන්ට එදා වේල කන්න නැති කරලා, හම්බකරන් කාපු කෘෂිකර්මය විනාශ වෙන ප්‍රතිපත්ති ගෙනැල්ලා, හොර දේශපාලුවන් විසින් රට බංකොලොත් කරනකොට, තක්කඩි දේශපාලුවන් විසින් රටේ තියෙන සම්පත් විකුණලා ගිනි පොලියට ණය ගන්නකොට, බෙහෙත් වෙනුවට වස ගෙනැල්ලා දරුවන්ට දෙනකොට නපුංසකයින් වගේ බලාගෙන ඉන්න බෑ. කොන්දක් තියෙන, හිටගන්න වීරියක් තියෙන මිනිස්සු එකතුවෙලා මැරෙන්න හරි පාරට බැස්සා. එතකොට ඔය කියන ජියෝ පොලිටික්ස් හොයන්න වෙලාවක් තිබුණේ නෑ...

:       5       12

සෙනෙවිරත්න Sunday, 11 August 2024 09:46 PM

මංජුල ප්‍රදීප්, එතකොට එදා ගෝඨාභය එලවපු දවසේ ආපු සේරම ජවිපෙද? අනේ ලැජ්ජයි රට කරවා ගන්න බැරිව හත්පොලේ ගාගෙන පැනලා ගිය මිනිහා වෙනුවෙන් පෙනී ඉන්න මේ ඇමරිකන් සහ ජවිපෙ භීතිකාවෙන් පෙලෙන අය ගැන. තමන් කරපු වැරැදි නිසා මිනිස්සු පාරට ගෙන්වා ගත්තා මේ දෙන්නම, ඒවාට කවුරුත් පලි නැහැ.. සමහරු කවමත් හිතන්නේ මීට දශක පහ හයකට පෙර ලෝක තත්වයේ ඉඳගෙන...

:       103       32

Manjula PradeepMonday, 12 August 2024 06:16 PM

ගෝඨාභය කරපු දේවල් කරපු විදිය වැරැද්දක් තිබුණාට ඒවා ගත්තු උත්සාහයන් කිසි එකක වැරැද්දක් තිබුණේ නැහැ. ඒ දවස්වල අපි බලාගෙන හිටිය ෆේස්බුක් වලින් ගහපං, මරපං කියලා වැඩිපුරම කිව්වේ ජේවීපී කාරයෝ... නමුත් ඒ කිසිම පෝස්ට් එකකට මම report කරාට වැඩක් වුනේ නැහැ. මිනිස්සු ගහලා මරලා දානකම්. 88/89 කාලෙත් ජවිපෙ කාරයෝ වැඩක් ඇති ශක්තිමත් අනෙක් වාමාංශික කොල්ලෝ කෙල්ලෝ ෆෝම් කරලා අන්තිමට අහිංසකයන්ගේ ජීවිත නැති කලේ මේ පාරත් ඒ විදියටම සේරම කරලා ඉවරවෙලා අනුර කුමාර කිව්වේ අපේ කවුරුවත් ඒ කිසි දෙයක් කරේ නෑ කියලා. ඒක නිසා අපි ඡේවීපී එකේ අතීතයත් ඉතිහාසයත් හොඳින් දන්නා නිසා දන්නවා ජවිපේ කොහොමද වගේ දේවල් වලදී යටින් ක්‍රියාත්මක වෙන්නේ කියලා...!

:       2       0

Sanath Sunday, 11 August 2024 09:58 PM

මෙයා පිස්සු කතා කියනවා. බංග්ලාදේශයේ නිදහස් සටනේ රණවිරුවන්ගේ පවුල්වලට රජයේ සේවයේ රැකියාවලින් 30% දෙනවා කියල කැබිනට් තීරණයක් ගත්ත නිසා තමයි මේ මීනීමරු අරගලය ආරම්භ වුණේ. වෙන හේතුවක් නැහැ.

:       96       38

ලහිරුනිකා Monday, 12 August 2024 02:05 PM

ඒක ඉල්ලා අස්කරගත්තානේ. ඒක හේතුවක් කරගෙන හසිනා පන්නන්න බංගලි පෙරට්ටන්ට NGO කාරයෝ බුරියානි දීලා ඇවිස්සුවා. ඒකයි ඇත්ත. පිටට පේන්නේ එකක්, ඇත්ත වෙන එකක්....

:       0       4

රුචිරසිංහ Sunday, 11 August 2024 10:32 PM

අපේ කට්ටියට තවම තේරෙන්නේ නෑ ලෝකේ දේශපාලනය යන හැටි. ලීන්මැඩී දේශපාලනය දන්නා අයගේ කොමෙන්ට් තමයි තියෙන්නේ. බංගලියන්ට දෙවැනි නෑ. කවුරු මොනවා කීවත් ගෝඨාභය තමයි රට හදන්න හිටපු මනුස්සයා. කරන්න දුන්නේ නැත්තේ කව්ද කියලා NGO බුරියානි කාපු කට්ටියට තවම වැටහීමක් නෑ.

:       5       10

B Amarasinghe Monday, 12 August 2024 03:27 AM

ඇගේ අවසන් තීරණය වැරදි ඇති නමුත් ඇත්තෙන්ම ඇය බංග්ලාදේශය දියුණුවට පත් කරලා තියෙනවා. අපේ අය වගේ ආර්ථික ඝාතකයෝ වුනේ නෑ /ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලිබියාවට කලෙත් ඕක. දැනට බංග්ලාදේශය තවත් ලිබියාවක් වෙන ලකුණු තමයි පේන්න තියෙන්නෙ

:       11       24

sam Monday, 12 August 2024 09:52 AM

මොනවා වුණත් ලංකාවේ දේශපාලුවෝ වගේ නෙමෙයි රටට ආදරේ ඇති නායිකාවක් ලංකාවේ දේශපාලුවෝ බලාගෙන ඉන්නේ ලංකාවේ කැළයක් විකුණලා හරි ආදායමක් හොයගන්න

:       6       17

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 21 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 187 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 104 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 184 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 470 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 513 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 481 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site