IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ෂෙයික් හසිනා රටින් පැන යයි

බංග්ලාදේශය අග්‍රාමාත්‍ය නිල නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි තිබූ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ සාරි, ගමන් මලු, චිත්‍ර ආදිය සොරාගෙන ඇති බවත් හසීනාගේ දේශපාලන කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

එසේම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට සෙල්ෆි ඡායාරූප ගසා ඇති බවත් තරුණයන් තිදෙනකු ෂෙයික් හසීනා නිදාගත් ඇඳේ සිට ගෙන ඇති ඡායාරූප සමාජ මාධ්‍යයේ විශාල ලෙස සංසරණය වන බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.

එසේම විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය නිල නිවසේ භාණ්ඩ සොරාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව බංග්ලාදේශ මාධ්‍ය ප්‍රකාශ කළේය.

අවාමි ලීගයේ ප්‍රධාන පක්ෂ මුලස්ථානයට විරෝධතාකරුවන් ගිනිතබා ඇති බවත් අවාමි ලීගයේ මහලේකම්වරයකුට අයත් හෝටලයක් ගිනි තැබීමට යාමේදී 8 දෙනකු පිළිස්සී මියගොස් තවත් 84 දෙනකු තුවාල ලබා ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

එසේම අවාමි ලීගයේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිනි තබමින් විරෝධතාකරුවන් විශාල හානියක් කර ඇති බවද එරට මාධ්‍ය සඳහන් කළේය.

එසේම අගවිනිසුරුගේ නිවසට විරෝධතාකරුවන් හානි කර ඇති බවත් නැවත දැනුම් තුරු බංග්ලාදේශයේ අධිකරණ සියල්ල වසා දමා ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කළේය. නමුත් අත්‍යාවශ්‍යම නඩු ඇසීම විභාගයට ගනු ඇති බවද එරට මාධ්‍ය පැවැසුවේය.

විරෝධතාකරුවන් ඉන් නොනැවතී බංග්ලාදේශ පාර්ලිමේන්තුවද අත්පත් කරගෙන ඇති බවත් ඔවුන් එහි දේපළ වලටද විශාල හානියක් කර ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවට අත්පත් කරගත් විරෝධතාකරුවන් මන්ත්‍රීවරුන්ගේ ආසනවල ඉඳගනිමින් සෙල්ෆි ගසා ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.

අන්තර්වාර රජයක් පිහිටුවන තෙක් බංග්ලාදේශයේ පාලනය හමුදාව සතු වනු ඇති බවද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

එලෙස බංග්ලාදේශය ගිනි ගනිද්දී ෂෙයික් හසීනා ඉන්දියාවේ ගාසියාබාද් හින්දොන් ගුවන් හමුදා කඳවුරේදී ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශ අජිත් දොවාල් සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසක් මුණගැසී ඇතැයි බංගලාදේශ මාධ්‍ය සඳහන් කළේය.

 



අදහස් (21)

ෂෙයික් හසිනා රටින් පැන යයි

pakeer Monday, 05 August 2024 10:06 PM

මේවා නම් ඉතින් ලංකාවෙන් උගත් පාඩම්

:       0       0

sunil Monday, 05 August 2024 10:47 PM

මේ පෙනෙන්නේ බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉවරවී හමුදා පාලනයකට යන ලකුණු.

:       0       0

Ruwan De Silva Monday, 05 August 2024 11:02 PM

දුෂීත පාලකයොන්ගේ නිවාස දිහා බලන්න කොච්චර නම් හොරා කාලද, ලංකාවේ වුනත් වෙනසක් නෑ.

:       0       0

රංබොඩ Monday, 05 August 2024 11:18 PM

විනයක් නැති මිනිසුන් තමන්ගේ දෙවල්ම විනාශ කරගන්නවා. අපේ රටේ වුණෙත් ඒකමයි.

:       0       0

kasun Monday, 05 August 2024 11:44 PM

අපේ රටේ වගේම තමයි නේද? අන්තිමට වෙච්චි දෙයක් නෑ. අපේ වගේම අර ගොන් සෙට් එකක් තමයි පේන්නේ නැද්ද?

:       0       0

Lakshitha Tuesday, 06 August 2024 12:02 AM

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මිය යමින් පැවතීම මහත් කනගා‍ටුවට කරුණකි. ප්‍රතිවාදියාගේ ගෙවල් ගිනි තියමින් මංකොල්ල කමින් මේ කරන විකාරයේ විපාක ලංකාවටත්, බංග්ලාදේශයටත් කවදා හෝ අත්විඳින්නට සිදු වෙනු ඇත. යුක්‍රේනය අරාබි වසන්තයත් සමඟ මේ විකාරය ආරම්භ කල රටකි. අද ඔවුන් කොල්ලන් ලක්ශ 6ක් සමඟ ඩොලර් බිලියන 400කට වඩා දේපල විනාශ කරගෙන ඇත. තවත් වසර 100කට වත් නැගිටීමක් නම් පේන තෙක් මානයක නොමැත. මේ රටවල් වල උන් මතක තියා ගත යුතු ප්‍රධාන කරුණක් ඇත. ඒ දියුණු වීමට ශෝට් කට් නොමැති බවයි.

:       0       0

Janaka Tuesday, 06 August 2024 12:58 AM

මේකත් ලංකාවේ අරගලයට ඉතාම සමානයි. දූෂිත පාලකයන්ට කල යුතු දේ කර තේරෙන බාසාවෙන් කියලා දෙන්න බංග්ලාදේශයේ අරගල කරුවනුත් පසුබට වෙලා නැහැ. මේ ක්‍රමය ලෝකය පුරාම ව්‍යාප්ත වුනොත් පාලකයෝ හොරකම් නතරකර ඉතා හොදින් හැදෙයි. මේක දකින වර්තමාන ලංකාවේ පාලකයන්ටත් නැවත ඒ බයංකාර ගිනි තැබීම්, මර බියේ විවිධ ආකාරයේ පලායාම්, වෙස් මාරුකරගෙන චූටි මරුටියේ ගමන් බිමන් සිහි වෙනවා නොඅනුමානයි. අවසානයේ දී ජනාධිපතිවරණය නොපැවැත්වුවහොත් හෝ වංචා සහගත ලෙස පැවැත්වුවහොත් සිදුවන දේ ගෝඨාභයට සිදුවුණ දේටත් වඩා අති බයංකර වන බව අපේ වර්තමාන පාලකයන්ටත් වැටහෙනු ඇතැයි සිතමි.

:       1       1

ජගත් ලියනගේ Tuesday, 06 August 2024 06:00 AM

දේශපාලන වැරදි කරන අයට මේක හොඳ පාඩමක්.

:       0       1

ජයනාත් Tuesday, 06 August 2024 06:16 AM

වර්තමාන ලංකාවේ ගෙම්බන්ට හොඳ පාඩමක් . එයාල ලංකාව ආදර්ශයට ගත්තා වගෙම ලංකාව එයාලව ආදර්ශයට ගනී ද දන්නෑ .

:       0       0

sam Tuesday, 06 August 2024 06:38 AM

අනවශ්‍ය ජනතා මර්දනය සහ දේශපාලුන් නීතිවිරෝධී දූෂණ වැඩ වල යාදීමේ ප්‍රතිඵල

:       0       0

kasun Tuesday, 06 August 2024 07:07 AM

අඩේ මේ අර අපේ අරගලේ කරපු එවුන්ම නේද ?

:       4       57

Pohottu manthri Tuesday, 06 August 2024 08:10 AM

අම්මෝ ..මේවා දකිනකොට සර්වාංගෙම වෙව්ලනවා .අයියෝ

:       45       8

W.K.P.I.Rodrigo Tuesday, 06 August 2024 08:24 AM

මිනිස්සුන්ට අසාධාරණ පීඩනය දරා ගැනීමට බැහැ අන්තිම අවස්ථාව

:       41       3

අරවින්ද මොනරවිල Tuesday, 06 August 2024 09:21 AM

බලය අයුතු විදිහට පරිහරණය කරන හා අයථා ආකාරයට දේපොල උපයා ගත් රටේ පුරවැසියන් තමන්ගේ යටත්වැසියන් සේ සිතා කටයුතු කරන අහංකාර ඔලමොට්ටළ පාලකයන්ට බංග්ලාදේශය වගේම ශ්‍රිලංකාව ද හොඳ ආදර්ශයක් වනු ඇත.

:       30       1

Jayasekara Tuesday, 06 August 2024 09:31 AM

නිල නිවාසයේ පිහිනුම් තටාකයක් නැද්ද ?

:       0       32

Chandula Tuesday, 06 August 2024 09:35 AM

සහෝදරවරු ලංකාවට කරන්නහැදුවෙත් මෙවන් අරාගික සමයක් නිර්මාණය කිරීමයි .නමුත් දේශපාලන බල අධිකාරිය ඊට ඉහලින් ක්‍රියාත්මක වීම තුල ලංකාවට සහනාධාර 'ගිනි මාලිමා 'ගේන්න බැරිඋනා .අනේ මන්දා මොවුන් රෑ ඩැනියල් දවල් මිගෙල් වගේ තමා

:       1       35

Asanga thiththagalla gamage Tuesday, 06 August 2024 10:05 AM

මුන් ලන්කාවේ අයගෙන් පුරුදු වෙලා වගේ

:       32       3

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 10:19 AM

ජනතාවට එපා වෙනතුරු බලයෙ ඉන්නව, වයසක සහ නූගත් ⁣ජනතාව අල්ලගෙන චන්ද ගරල චන්ද වලින් දිනනව. නමුත් තරුණ කොටස් දන්නව රටේ යථාර්ථය , තමන් සහ අනුගාමිකයන් හැදෙන බවත් ජනතාවට මස් කටු පමණක් විසිකර රවටන බවත් චන්ද චන්ද වලින් මෙම මජර පාලන වෙනස් කල නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැමති සලුවට මුවාවී සියලු නොපනත්කම් සිදු කරන බවත්. මේ එලියට එන්නෙ ඒ කැකෑරෙන වෛරයයි. බොරු සුරංගනා ලෝක මවමින් සැමදා බලයට ඒමට තැත් කරන අපේ සමහරුන්ට මෙය තැතිගැන්මක් වනු ඇත. අපේ රටේ මෙය නැවත වරක් සිදිවනු නැතැයි කිව නොහැක.

:       37       2

Perera Tuesday, 06 August 2024 10:33 AM

ඊගාවට ආයේ අපේ වාරේ

:       25       1

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 10:34 AM

පහුගිය අරගලය කලේ රනිල්ගෙකට්ටයෙක් කියල ඔන්න ප්‍රවෘත්ති සාකච්ඡාවක කියල තිබුන. සමහරු අවංකව සහ සමහරු සමහර අයගේ බලල් අත් බවත් දැන්වත් වටහාගන්න.

:       27       1

fairoos Tuesday, 06 August 2024 11:14 AM

මේ අතින් ලංකාවේ මිනිස්සු හොඳයි

:       15       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 22 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 37 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 121 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 311 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 182 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 565 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site