(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු මෙන්ම බොලිවුඩයේ රජරුවන් ලෙස සැලකෙන ෂාරුක් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල විමට අවස්ථාවක් තිබීම හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහුගේ ආරක්ෂාව වයි ප්ලස් කාණ්ඩය දක්වා ඉහළ දමන බවද මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය පෙන්වා දුන්නේය.ෂාරුක් ඛාන්ට එල්ල වී ඇති මරණ තර්ජන පිළිබඳ වැඩිදුර තොරතුරු මහාරාෂ්ට්‍ර පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දී නොමැති වුවත් ඉහළ තනතුරු දරණ පිරිසකගෙන් සමන්විත කමිටු රැස්වීමකදී එම මරණ තර්ජන පිළිබඳ තිබෙන තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙවැනි ඉහළ ආරක්ෂාවක් ලබා දීමට තීරණය වූ බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දී ඇත.
පතාන් සහ ජවාන් චිත්‍රපට ලැබූ සාර්ථකත්වයත් සමඟ දුරකතන ඇමතුම් මාර්ගයෙන් තමාට මරණීය තර්ජන එල්ල වන බව ෂාරුක් ඛාන් පසුගිය 5 වැනිදා ලිඛිතව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.
එම පැමිණිල්ලත් සමඟ ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව වයි ප්ලස් කාණ්ඩය දක්වා ඉහළ දමන ලෙස සියලුම පොලිස් ස්ථානවලට සහ විශේෂ ආරක්ෂණ ඒකක වලට දැනුම් දීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුද්ධි අංශය කටයුතු කළේය.ඒ අනුව ඔහු ගමන් කරන විට ආරක්ෂාව සැලසීම සඳහා කොමාන්ඩෝ භටයන් 6 දෙනෙකු, පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සහ ඉදිරියෙන් ගමන් කරමින් වාහන තදබදය අවම කිරීම සඳහා පොලිස් වාහනයක් ෂාරුක් ඛාන්ට ලැබෙනු ඇතැයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත.පොලිස් නිලධාරීන් හතර දෙනාට ෂාරුක් ඛාන්ගේ මුම්බායි හි පිහිටි මන්නට් නිවසේ ආරක්ෂාව බාර වෙනු ඇතැයි ප්‍රාන්ත රජය පවසා තිබේ.
එම ආරක්ෂක නිලධාරීන් පිරිස එම්.පී 5 වර්ගයේ සහ ඒ.කේ 47 වර්ගයේ තුවක්කු වලින් සන්නද්ධව සිටිනු ඇති බවත් මෙම පිරිසට අමතරව ෂාරුක් ඛාන්ගේ පුද්ගලික ආරක්ෂක භටයන්ද ඔහුට ආරක්ෂාව සපයනු ඇති බවත් මහාරාෂ්ට්‍ර පොලිසිය ප්‍රකාශ කර ඇත.
ෂාරුක් ඛාන්ට ආරක්ෂාව ලබා දීමට තීරණය කළ කමිටුව නැවත වරක් රැස්වී එම තීරණය සමාලෝචනය කරන තෙක් දිගටම ඔහුට ආරක්ෂාව ලැබෙනු ඇතැයිද පැවැසෙයි.
ෂාරුක් ඛාන් රංගනයෙන් දායකවූ ජවාන් චිත්‍රපටය තවමත් ලෝකය පුරා ප්‍රදර්ශනය වේ. මේ වනවිට ලෝකය පුරා ඉන්දීය රුපියල් කෝටි 1100 ක ආදායමක් හිමිකර ගැනීමට ජවාන් චිත්‍රපටය සමත්ව වී ඇත.එවැනි ආදායමක් හිමිකරගත් එකම හින්දි චිත්‍රපටයද ජවාන් වේ.පතාන් චිත්‍රපටයද ඉන්දියාව තුළ මෙන්ම ලෝකය තුළද විශාල සාර්ථකත්වයක් ලබා ගත්තේය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ෂාරුක් ඛාන්ට ලොකු ආරක්ෂාවක්
Bamunuarachchi Tuesday, 10 October 2023 12:42 AM
අපේ ලොක්කා හිටියානම් කියයි තමන්ගේ ආරක්ෂාව තමන් හදාගන්න කියලා. නළුවෙකුට ආරක්ෂාව දෙන්න තරම් ලංකාව මෝඩ නැහැ.