මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් හට ඇප තැන්පත් කිරීම සඳහා ඉදිරිපත් වූයේ ෂාරුක් සමඟ චිත්‍රපට රැසක ඔහුගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වූ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ද වන ජුහී චවුලාය.
ආර්යන් ඛාන් පසුගිය 28 වැනිදා ඇප මත නිදහස් ලැබුවත්, ඊට අදාළ ඉන්දීය රුපියල් ලක්ෂයක ඇප අත්සන් කිරීමේ කටයුතු සිදුවූයේ ඊයේ (29) දිනයේය.
සියලු කටයුතු අද (30) අවසන් වනු ඇති බවත් අද දිනයේ ෂාරුක් පුතු ආර්යාන් බන්ධනාගාරයෙන් නිදහස ලබනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ජුහී චවුලා, ෂාරුක් ඛාන්ගේ පමණක් නොව, ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන්ගේ ද හොඳම මිතුරියකි. ෂාරුක්ගේ පුතු වෙනුවෙන් ඇප වීමට ජුහී චවුලා කටයුතු කිරීම ඉන්දීයහ මාධ්‍යවල දැඩි අවධානයට ලක් විය.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෂාරුක් පුතුට ඇප වුණේ ජුහී චවුලා
Asanga Saturday, 30 October 2021 12:31 PM
අපරාදේ... තව ටිකක් ඉන්නයි තිබ්බේ...!!!
SLSunday, 31 October 2021 09:50 AM
මේ ළමයින්ට ඇති වෙනකල් සැප තියෙනවා, කුඩු විකුණලා සල්ලි හොයන්න ඕනේ නැහැ. වෙන්නේ කුඩු මුදලාලිලා මේ වගේ ළමයින්ව ටාගට් කරනවා. ඇබ්බැහි වුණාම කුක්කන් වගේ ඕනේ දෙයක් කරනවා. එයින් වාසි දෙක තුනක් තියෙනවා . 1. දිගටම මත් කුඩු ගන්න මේ ළමයින් වියදම් කරනවා. 2.මේ ළමයින්ට සමාජයේ තියෙන පිළිගැනීමත් එක්ක මත්කුඩු දෙන්නම් කියන පොරොන්දුව පිට ඔවුන් ප්‍රවාහනයට යොදාගන්නවා... එය මත්කුඩු විකුණන්නට ආරක්ෂාකාරිම උපායක් . 3. ඔවුන්ගේ මුදල් ඇති මිතුරන් ද කුඩු දැලට අසු කරගෙන ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ලංකාවේත් සල්ලි තියෙන, මුදල් ගැවසෙන පවුල්වල දරුවන් මෙම අගාධයට වැටිලා තියෙනවා. රජය, පොලිසිය, සියල්ලම එකතු වෙලා නවත්වන්න හැදුවත් ලේසි වැඩක් නෙවෙයි. මුදල් යහමින් ගැවසෙන ව්‍යාපාරයකට ඕනේ තරම් පිරිස් යොමුවෙනවා. උදා- දැන් මත්කුඩු මුහුද මැදදී ජාවාරම් කරුවන්ගෙන් අරගෙන රට තුළට ගෙනෙන්නේ මුහුදු යන ධීවරයින්. මෙයට හැමෝම එකතුවෙලා විනිශ්චය කළයුතු ප්‍රශ්නයක්. රජයේ ප්‍රතිපත්ති ගොඩක් වෙනස් වෙන්න ඕනේ... රටේ මත්කුඩුවලට තියෙන වෙළඳපොල වටිනාකම අඩු කරන්න ඕනේ... අද ශාරුක්ගේ දරුවා වෙන්න පුළුවන්.., හෙට ඔබේ මගේ දරුවා වෙන්න පුළුවන්.
fairoos Sunday, 31 October 2021 12:28 PM
මෙහෙ වගේ තමයි එහෙත් ... සල්ලි තියෙන අයට ඇප...