IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


ෂාරුක් දෙව්දාස් ගැන කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

තම රංගන ජීවිතයේ සන්ධිස්ථානයක් ලෙස සළකන දේව්දාස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට හැකිවේදැයි සිතෙහි තිබූ චකිතය තමාව මත්පැන් පානයට පුරුදු කළ බව සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ප්‍රකාශ කළේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දේව්දාස්ගේ චරිතය බාර නොගන්නා ලෙස බල කරද්දී සිය මව වෙනුවෙන් එම චිත්‍රපටය බාරගත් බවත් දිව්‍ය ලෝකයේ සිට ඇය දේව්දාස් නරඹනු ඇතැයි තමන් විශ්වාස කළ බවත් ෂාරුක් ඛාන් පැවැසුවේය.

මත්පැන්වලට ඇබ්බැහි වීම දේව්දාස් මුකර්ජී චරිතයට සාධාරණයක් ඉටු කිරීමට සහායක් වුවාද නැද්ද යන්න පිළිබඳව තමන් නොදන්නා නමුත් චිත්‍රපටයෙන් පසුව එම පුරුද්ද අත්හැර ගැනීමට තමන්ට නොහැකි වූ බව ෂාරුක් ඛාන් ප්‍රකාශ කළේය.

රංගන ජීවිතය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තම මාපියන් මියගිය බවත් ඔවුන්ට දිව්‍ය ලෝකයේ සිට නැරඹිය හැකි වන ආකාරයේ දැවැන්ත චිත්‍රපට කිරීමට සැමවිටම තමන්ට අවශ්‍ය වූ බවත් ෂාරුක් ඛාන් පැවැසුවේය. දේව්දාස් චිත්‍රපටය අත්හැර දැමීමට සිතුණු අවස්ථා බොහෝ තිබූ බවත් නමුත් තම මාපියන් වෙනුවෙන් චිත්‍රපටය නිම කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

මීට පෙර ක්ෂේත්‍රයේ දැවැන්තයන් එම චරිතය කර තිබු බැවින් දේව්දාස්ගේ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ නොහැකි වේදැයි තමාගේ සිත තුළ චකිතයක් තිබූ බවද ඔහු පැවැසුවේය.අන්තර්ජාලය ඔස්සේ විකාශයවූ ලොකාර්නෝ මීට්ස් නැමැති වැඩසටනට එක්වමින් ෂාරුක් ඛාන් මෙම අදහස් පළ කළේය.

එසේම ලොව සිටින කඩවසම් පුද්ගලයන් 10 දෙනා අතර ෂාරුක් ඛාන්ද සිටින බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබේ.

ලන්ඩන් නුවර පදනම් කරගත් රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යවරයකු වන ජූලියන් ද සිල්වා විසින් මෙම අධ්‍යනය කරනු ලැබ ඇත. එහිදී ෂාරුක් ඛාන්ට ග්‍රීක දෙවියකුට සමාන අංග සම්පූර්ණ මුහුණක් තිබෙන බවට අධ්‍යනයේදී හෙළිවී තිබේ.

 



අදහස් (0)

ෂාරුක් දෙව්දාස් ගැන කියයි

ඔබේ අදහස් එවන්න

දියත

මෝදි ගෞතම බුදුන්ට මල් පුදයි
2024 ඔක්තෝබර් මස 17 101 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්‍යාන් භවන්හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් උත්සවය සභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ දේශනයක් ක


ශ්‍රී අමර මහා විහාරයේ නව චෛත්‍යයට කොත් පැලඳවීමේදී..
2024 ඔක්තෝබර් මස 17 37 0

ගණේමුල්ල ශ්‍රී අමර මහා විහාරයේ ඉදිකළ නව චෛත්‍යයට කොත් පැලඳවීමේ මහෝත්සවය විහාරාධිපති දඹගොල්ලේ මේධානන්දතිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි ඉකුත්දා 10 දින පැ


අපේක්ෂක වියදම් සීම පැනවෙයි
2024 ඔක්තෝබර් මස 17 189 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමි


ආනයනික භාණ්ඩ කීපයක බදු වැඩි කරයි
2024 ඔක්තෝබර් මස 17 746 0

මාළු පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ.


තැපැල් ඡන්දෙට දින දෙයි
2024 ඔක්තෝබර් මස 17 136 0

පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30 සහ නොවැම්බර් මස 01 සහ 4 යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


මධ්‍යම අධිවේගයේ වැඩ ඉක්මනින් පටන් ගන්න යයි
2024 ඔක්තෝබර් මස 17 1351 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් ස


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 599 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 492 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1540 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site