IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


සංචාරක තහනම ගැන ඇමෙරිකන් තානාපති පැහදිලි කරයි

ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.

කොළඹ ඇමෙරිකන් මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව ඇය මෙසේ අදහස් දැක්වූවාය. ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පැනැවූ බවට පළ වන වාර්තා අසත්‍ය බව ද ඇය අවධාරණය කළාය.

"ආරක්ෂක තර්ජනයක් සම්බන්ධයෙන් ඇමෙරිකන් තානාපති අංශ දැනගතහොත් එම තොරතුර ගැන අප අපේ කාර්ය මණ්ඩලය, ඇමෙරිකන් පුරවැසියන් සහ අදාළ රජය දැනුවත් කිරීම කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් නෑ. එය ලොව පුරා අප භාවිත කරන ක්‍රමවේදයයි. ආරුගම්බේ ප්‍රදේශයට ඇති තර්ජනය සම්බන්ධයෙන් දැනගත් විට අප ලැබුණු එම තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දීමක් කළා. ඔවුන් ඊට කඩනමින් ප්‍රතිචාර දැක්වූවා."

"අප ශ්‍රි ලංකා බලධාරීන් සමඟ කාර්යශීලිව කටයුතු කරනවා. ඔවුන් සමඟ දෛනිකව තොරතුරු හුවමාරු කර ගන්නවා. ශ්‍රී ලංකා නායකත්වය සහ ආරක්ෂක නිලධාරීන් සමග ඇති සහයෝගය අප අගය කරනවා. ඔවුන් විනිවිදභාවයෙන් සහ කැප වීමෙන් ඔවුන්ගේ රාජකාරි කරනවා. මම කැමතියි ව්‍යාජ තොරතුරක් ගැන කියන්න. ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවලා නෑ කිසිසේත්ම. පසුගිය සතියේ අප ආරක්ෂක අනතුරු ඇඟවීම සිදු කළේ ඇමෙරිකන් පුරවැසියන්ට නැවත දැනුම්දෙනතුරු ආරුගම්බේ යන්න එපා කියලා. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරලා තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් නෑ."



අදහස් (0)

සංචාරක තහනම ගැන ඇමෙරිකන් තානාපති පැහදිලි කරයි

ඔබේ අදහස් එවන්න

දියත

අවිධිමත් ප්‍රසම්පාදන වැඩ නවත්වනවා
2024 ඔක්තෝබර් මස 28 271 0

අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වලක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි
2024 ඔක්තෝබර් මස 28 344 0

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාල


පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 28 498 2

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදන


’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’
2024 ඔක්තෝබර් මස 28 522 1

පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත


ඩෙංගු වැඩි වීමේ අවධානමක්
2024 ඔක්තෝබර් මස 28 89 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක
2024 ඔක්තෝබර් මස 28 501 0

වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1019 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 596 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site