IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ, සංචාරක අමාත්‍යාංයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (17) පැවැති සාකච්ඡාවේදීය. 

මෙවර අයවැයෙන් සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ.

සංචාරක ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් සංචාරකයින් මිලියන 03ක් මෙම වසරේදී මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙම ප්‍රතිපාදන යොදා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීහු සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (2)

සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න

sarath Monday, 17 March 2025 05:33 PM

රුවන් රණසිංහ ඇමතිතුමනි, ඔබගේ ගෙදර සිට කිලෝමීටර් 4 දුරින් තිබෙන, රැකව ගම්මානයේ වැල්ලඔඩය මාර්ගයේ සංචාරක හෝටල් 15ක් පමණ තිබෙනවා. රෙස්ටුරන්ට් 5ක් පමණ තිබෙනවා. තව සංචාරක හෝටල් 7-8 හැදෙමින් පවතිනවා. කුඩා මාදැල් වරායවල් 2 තිබෙනවා තවම පාරට තාර ටිකක් දමලා නැහැ. වැසි කාලයට විශාල වලවල්, සංචාරක වාහන යන්න බැහැ... සංචාරකයෝ ප්‍රවාහනය සිදු කරන්නේ ත්‍රිරෝද රථ වලින්, මාරකොල්ලියේ ලැගුන් පරදිස්, mangrow Beach shalley හෝටල් ඇතුළු හෝටල් 20 කට පමණ යන්න තිබෙන පාරවල් වල සංචාරකයෝ තබා සාමාන්‍ය මනුස්සයෙකුටවත් යන්න බැහැ... ඔබගේ ප්‍රදේශයේ තිබෙන සංචාරක හෝටල් වලින් 40%ක් තිබෙන්නේ ඉතා අසීරු ප්‍රවේශ මාර්ග, කරුණාකර මේවා සොයාබලා සංගණනයක් කර ලබන ටුවරිස්ට් සීසන් එකට හෝ මේවා හදලා දෙන්න.

:       0       11

R.T.sarath Tuesday, 18 March 2025 09:22 AM

රුවන් රණසිංහ මහත්මයා හොඳ අධ්‍යාපනයක් තිබෙන හොඳ ගුණ යහපත් කෙනක් නමුත් ඔහු කලින් ප්‍රාදේශීය සභාවකවත් හිටපු කෙනෙක් නොවේ , මේවා කරන්න එයාට පලපුරුදක් නැහැ, ප්‍රදේශයේ ජනතාව විවිධ දුක් ගැනවිලි එයාට කීවට ක්‍රියාත්මක කරන්න ඔහු දන්නේ නැහැ , එක නිසා රජයේ නිලධාරී ඕනේ ඕනේ විදිහට පග ගහනවා , කිසිම දෙයක් පගාව නොදුන්නොත් කරන්නේ නැහැ. ජනතාව ඉන්නේ හරිම පීඩනයෙන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

වන අලියා පෙරැලු බිත්තියට යට වී දෙදරු මව මරුට
2025 මාර්තු මස 18 83 0

මින්නේරිය , මිනිහිරිගම කඩ කාමරයක බිත්තියක් වන අලියකු පෙරැළීමෙන් කඩකාමරයේ නිදා සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් ගුවන් සෙබලෙක් සහ තවත් අයෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 18 422 1

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු


කෝටි 12 ක සිගරැට් රේගු දැලේ
2025 මාර්තු මස 18 316 2

නීති විරෝධීව මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරැට් බන්ඩල 713,000 ක තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රක


පළාත් තුනකට තරමක තද වැසි
2025 මාර්තු මස 18 193 0

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


අධිකරණයෙන් පොලිසියට දොස්
2025 මාර්තු මස 17 2197 3

අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව


ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමකින් දෙකකට තුවාල
2025 මාර්තු මස 17 751 2

කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේදී අද (17) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 856 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 314 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site