IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


සංජීවට වෙඩි තැබූ බව කියන හිටපු සෙබළා රඳවා ප්‍රශ්න කරන්න අවසර

(රෝෂන් තුෂාර)

අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ  සැකකරු හා ඔහුගේ රියදුරු දින 90ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද(24)අවසර ලබා දුන්නාය.

සැකකරුවන් පැය 72 ක් රඳවා ප්‍රශ්න කළ බවත්,තවදුරටත් විමර්ශන සිදු කරන හෙයින් ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි දින අනූවක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග ලබාගෙන ඇති බවටත් කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීම්වලින් පසුව මෙම අවසරය ලබා දුන්නාය.

සැකකාර වෙඩික්කරුට ආධාර අනුබල දෙමින් නීතිඥවරියක ලෙස අලුත් කඩේ අධිකරණ භූමියට පැමිණි සැකකාර කාන්තාවට පලායෑමට සහාය දුන්නේ යැයි කියන සැකකරුවන් තිදෙනෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඝාතනයට ලක් වූ ගනේමුල් ලේ සංජීව සම්බන්ධයෙන්  මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අද උදෑසන පැවැති අතර ඉන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරිණි.

 



අදහස් (0)

සංජීවට වෙඩි තැබූ බව කියන හිටපු සෙබළා රඳවා ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඡන්ද දිනය 27 කියයි
2025 පෙබරවාරි මස 24 27 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතය.


නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2025 පෙබරවාරි මස 24 98 0

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබේ.


චීන දුරකතන සමගම ලොක්කෙක් හොටලයේදී වැටී මරුට
2025 පෙබරවාරි මස 24 0 0

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක නවාතැන්ගෙන සිටි චීන ජාතිකයකු හදිසියේ මියගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.


අයවැයෙන් බදු වැඩි වෙනවාලු
2025 පෙබරවාරි මස 24 84 0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පවුලක් රුපියල් 40,000 ක පමණ බදු මුදලක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන බවත් එය පස


ක්‍රීඩා ඇමති - මාධ්‍ය ප්‍රධානී හමුවක්
2025 පෙබරවාරි මස 24 62 0

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ක්‍රීඩා ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද


අයවැය ඡන්දය හෙට
2025 පෙබරවාරි මස 24 52 0

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (25) පස්වරු 6.00ට පැවැත්වේ.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 193 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 413 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 178 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site