(රෝෂන් තුෂාර)
අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු සහ ඔහුට පලායාමට සහය දුන් රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
සැකකාර ඝාතක ත්‍රිවිල් රථ රියදුරුකු වන සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි සහ වෑන් රථ රියදුරු කරන්චාරගේ මහේස් සම්පත් පියදර්ශන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට පැය 24 කාලයක් ප්‍රමාණවත් නොවන බැවින්,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7/1 වගන්තිය ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ නියෝගය පරිදි පැය 72 ක් වරාය පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතන සිදු කිරීම,ඊට ආධාර අනුබලදීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාර වූ විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් ඊයේ දින පස්වරු හතරයි තිහට පමණයි අත්අඩංගුවට ගත් බව ද, මහරගම ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු වන සමිදු 27 වැරදි පුද්ගලයකු බවත් සම්පත් පියදර්ශන රියදුරු 44 හැවිරිදි මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව අයකු බවත් වැඩිදුරටත් කරුණු සඳහන් කර ඇත.
පෙට්‍රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.
අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අ
අලුත් කඩේ අංක 5 අධිකරණ සංකීර්ණය තුළදී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුගේ පෙම්වතිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ග
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජනවාරි මාසය සඳහා සියයට -සෘණ -4.0 ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දරු දෙදෙනාද සමඟ යතුරු පැදියෙන් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කළ ‘කජ්ජා’ මියගොස් වැටී සිටි ස්ථානයේ තිබු පොලිස් ‘මාංචු’ කුට
රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ ත
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
සංජීව ඝාතකයා,රියැදුරා පැය 72 රඳවා ප්‍රශ්න කරයි