(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන සංඥා ( කැබින් කාමරය) කුටියේ දහවල් රාජකාරී කරමින් සිටි සංඥා හසුරුවන්නන් දෙදෙනාට සිය කැබින් කාමරයේ නින්ද යාම ,නිසා බදුල්ලේ සිට නුවරට පැමිණෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය එම මාර්ගයේම 3 වන වේදිකාවේ නවතා තිබූ දුම්රියක ගැටී සිදුවන්නට ගිය භයානක අනතුරක් දුම්රිය රියදුරාගේ දක්ෂතාවය නිසා බේරා ගැනීමට හැකිවූ බව දුම්රිය ස්ථානයේ සිටි මගීන් සහ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය හා ආරක්ෂක හමුදා නිලධාරින් පැවසූහ.
මෙම අනතුරුදායක තත්ත්වය දුටු දුම්රිය ස්ථානයේ සිටි මගීන් එහේ මෙහේ දුව යාම නිසා කීප දෙනෙකු වැටී සුළු තුවාළ ලබා තිබේ.
මෙම භයානක තත්ත්වය ඇතිවූ අවස්ථාවේ දුම්රිය ධාවනය කළ රියදුරු මහතා හා දුම්රිය ප්‍රධාන නියාමකවරයා දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරින් සමග සංඥා කාමරයට ගොස් පරීක්ෂා කල විට එම සංඥා කාමරයේ සේවයේ යෙදී සිටි සේවකයන් දෙදෙනාගෙන් එක් අයෙකු නිදාගෙන සිටි බව දැක ඔහුට තරයේ අවවාද කර ,පසුව එම සිද්ධිය දුමිරිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති වරයාටද පැමිණිළි කිරීමට අදාළ නිලධාරින් පියවර ගත්හ.
මෙම අනතුරු දායක සිද්ධිය පිළිබඳව මහනුවර දුම්රිය ස්ථානයේ ආරක්ෂක හමුදාවේ නිලධාරින් විසින් දුමිරිය සාමාන්‍යාධිකාරී වරයාට ලිඛිතව දන්වා යවා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය රියදුරු මහතාගෙන් ,ප්‍රධාන නියාමක වරයාගෙන් සංඥා කාමරයේ සේවය කරමින් සිටි සේවකයන් දෙදෙනාගෙන් කටඋත්තර ලබාගෙන තිබෙන බව දුම්රි ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කීය.
රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව
තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ
කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත
මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1008 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දී අද (9) පස්වරුවේ පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
සංඥා හසුරුවන්ට නින්ද යාමෙන් සිදුවන්නට ගිය දුම්රිය අනතුර නූලෙන් වැළකේ
Janindu Perera Sunday, 09 March 2025 05:59 PM
එයාලා වෙලාවට කරන්නේ ස්ට්‍රයික් කරන එක විතරයි...