IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


සංවර්ධන අපේක්ෂා ජය ගන්න ජපන් සහය

(අංජුල මහික වීරරත්න)

පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ  ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන්  සහාය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායනයේ (JICA) සහ ජපාන සාධාරණ වෙළෙඳ කොමිසමේ (JFTC) සහාය පළ වී තිබේ. 

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ එම ආයතනයන්හි නියෝජිතයන්  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදීය.

වෙළෙඳාමේ  සාධාරණත්වයක් ඇති කිරීමෙන් පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා වන බවත් එමඟින්  තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වන බවත් නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
විශේෂයෙන් ජපානය ලබා ඇති ආර්ථික දියුණුවට මෙම තරඟකාරී වෙළෙඳ ප්‍රතිපත්තිය ඉවහල් වූ ආකාරය පෙන්වා දුන් නියෝජිත පිරිස පාරිභෝගික අයිතිවාසිකම් දිනා දීමට මෙන්ම නවෝත්පාදන සම්බන්ධයෙන් එහි දායකත්වය පැහැදිලි කළහ.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ඉහළ තලයකට ඔසවා තබමින් සාධාරණ වෙළෙඳාමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳ මෙවර අයවැයෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපති ලේකම්වරයා එම සැලසුම් පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කළේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) වෙනුවෙන්  ටෙට්සුයා යමාඩා (Tetsuya YAMADA), අරිසා ඉනාඩා (Arisa INADA), යූරි හොරිටා (Yuri HORRITA) , නාමල් රැළපනාව, ජපන් සාධාරණ වෙළඳ කොමිසම වෙනුවෙන් (JFTC) වයි. සකුමා (Y. Sakuma) , වයි. අසහිනා (Y. Asahina), වයි. ෆුකුෂිමා (Y. Fukushima), එම්. ටකුචි (M.Takeuchi)  යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

සංවර්ධන අපේක්ෂා ජය ගන්න ජපන් සහය

ඔබේ අදහස් එවන්න

 

දියත

විද්‍යුත් විකාශන සමුළුවක් ලංකාවේ
2025 මාර්තු මස 13 45 0

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම තීරණය විය.


පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850ක්
2025 මාර්තු මස 13 122 0

පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850 කට වැඩි ප්‍රමාණයක් පවතින බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය පවසයි.


’’තුන් පරපුරක තුන් පොත් රෑණ’’
2025 මාර්තු මස 13 682 0

ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ ’’සමන් කියයි 2’’ ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ ’’චොකොහොලික් හීන’’ සහ ඇය


සංවර්ධන අපේක්ෂා ජය ගන්න ජපන් සහය
2025 මාර්තු මස 13 313 0

පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද


මාතර ගංවතුර මඩින්න කඩිනම් පියවර
2025 මාර්තු මස 13 311 0

අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ස


මර්වින් බන්ධනාගාර රෝහලට
2025 මාර්තු මස 13 1006 0

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාරයේ නවක සිරකරුවන්හ රඳවා තිබෙන රෝහල් වාට්ට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 176 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 433 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 235 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site