IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සීඅයිඩීය-එස්ටීඑෆ් රාජිතගේ නිවස වටලති

(නිමන්ති රණසිංහ සහ දසුන් රාජපක්ෂ)

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් කොළඹ 7 ජාවත්තේ පිහිටි නිවසට මේ වන විට පැමිණ තිබේ.

නිලධාරීන් නිවසට පැමිණි විට රාජිත සේනාරත්න මහතා නිවසෙහි නැති බව ඔහුගේ නීතිඥයෙක් පැමිණ ප්‍රකාශ කළේය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (27)

සීඅයිඩීය-එස්ටීඑෆ් රාජිතගේ නිවස වටලති

jagath Thursday, 26 December 2019 11:03 AM

හැංගි මුත්තම්...!!!

:       0       20

Thiw Thursday, 26 December 2019 11:04 AM

විප්ලවයේ පෙරගමන්කරුවාට සුලුදිය පිටවෙලා

:       1       41

P.Ilangaratne Thursday, 26 December 2019 11:15 AM

අනේ මෙහෙම බය ගුල්ලෙක්... කතාව නම් සිංහයෙක් වගේ.

:       717       851

විමුක්ති Thursday, 26 December 2019 12:22 PM

හරියට දැන් ඉන්න ජනපති වගේමයි නේද? එයත් පහුගිය කාලේ තිබුණු නඩුවලට නොයා උසාවිවලට කට්ටි පැන පැන හිටියා... මෙහෙමත් මිනිස්සු..

:       493       1115

akaThursday, 26 December 2019 02:18 PM

දැන් ඉන්න ජනාධිපති කිසිම අවස්ථාවක නීතියට පිටින් හැංගිලා ඉඳලා නෑ. පොලිසිය අසාධාරණ ලෙස ක්‍රියා කරනවා නම් නීතිඥ උපදෙස් සහාය ලබාගෙන ඒවාට සහන ලබාගන්න ඕනෑම කෙනෙක්ගේ අයිතියක්... රාජිතටත් ඒ අයිතිය තිබේ. මොකද පොලීසියෙන් තමන්ගේ පස්සේ ආවොත් "පොලීසිය සාධාරණයි. මට එයාලව විශ්වාසයි" කියලා කවුරුත් බකන්නිලන් ඉන්නේ නෑනේ...

:       479       837

KaluThursday, 26 December 2019 02:04 PM

රටට කරපු අපරාධවලට පාරදිගේ ඇදගෙන පොලිසියට ගේන්න ඕනේ...

:       180       259

Raveendra Thursday, 26 December 2019 11:24 AM

අප කිසිඳු "දේශපාලුවෙකුට" කඩේ යනවා නොවේ. අපේම බදුමුදල් වලින් සියලු සැපසම්පත් විඳින මහජන නියෝජිතයන් යයි කියාගන්න මෙවන් අයව උසාවි නියෝගයක් ලබාදී තිබියදීත් අත්අඩංගුවට ගැනීමට මෙතරම් නොහැකි වන්නේ මන්ද? මෙමගින් කුමක් මෙවන් අය බලාපොරොත්තු වන්නේද? එලෙසම මෙවන් අයගෙන් රටට වැඩක් වේද? අවැඩක් වේද? යන්නවත් මිනිසුන් තේරුම් නොගැනීම ඉතාම කණගාටුදායකයි. අප නිකමටද දියවන්නා ඔයේ ඉන්න පාදඩයින්ට මීහකුන්, කුලුහරකුන්, හැලිවඳුරන් ලෙස ආමන්ත්‍රණය කරන්නේ.. අධ්‍යාපනය ලැබූ නොලැබූ මොවුන් ඉදිරියටත් අපේ වියදමින් නඩත්තු කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අවස්ථාවට සියලුම මහජනතාව උපරිමයටම පැමිණ ඇති බව කිව යුතුය. සුදුරෙදි ඇගේ ඔතාගත්, ටයි කෝට්, රෙද්ද බැනියම ඇදගත් දියවන්නා ඔයේ ඉන්න කාලකන්නි දේශපාලුවන්ට ශාප වේවා...!!

:       106       781

mohammad kuwait Thursday, 26 December 2019 11:30 AM

යූඑන්පී සැර කටවල් ටික වහගෙන යන බව හොඳට පෙනෙනවා. මීට වඩා අද රට වැටිලා තියෙන තැනින් ගොඩඑන්න මගක් කිසිම කෙනෙක් කල්පනා නැහැ වගේ. පළිගැනීමේ දුෂ්ට මානසිකත්වයෙන් නායකයන් පෙළෙනවා. මේ විනාශය දෙවියන්ට පෙනේවා.

:       1182       1560

සංජීව Thursday, 26 December 2019 12:44 PM

මේ UNP එකේ සැර කටවල් වෙන්නේ කොහොමද? මිනිස්සු ඇත්ත බොරුව මොකක්ද කියලා දැන් දන්නවා. වැරදි කරලා තියෙනවා නම් ඒවා ඇත්ත සාක්ෂි එක්ක ලබාදෙන්න ඕනේ නැතිව බොරුවට එක එක චණ්ඩි දාලා බොරුව ඇත්ත වගේ කරන්න දඟලන්නේ නැතිව. ඔහොම වුණාම මිනිස්සු ඇත්ත කීවත් හිතන්නේ බොරු කියලා..

:       204       436

BamunuarachchiThursday, 26 December 2019 02:37 PM

හලෝ ඔහෙවත්, මමවත් මේවායේ සිද්ධවෙන්නේ මොනවද කියලා දන්නේ නැත. නමුත් අපිට ප්‍රසිද්දියේ පෙනෙන්න තිබෙන දේවල් අනුවයි අපි කතා කරන්නේ. රාජිත බලයේ ඉන්න දවස්වල කෙරුවාව හා කතා කෙරුව හැටි අපි දැක්කා. එයා තරම් වීරයෙක් හිටියේ නැහැ. වැරදුණොත් මොනවද කරන්නේ කියලා උන්දෑ හිතුවේ නැහැ. ඇයි දැන් හැංගිලා ඉන්නේ.. තමන් වෙනුවෙන් දක්ෂ නීතිඥයෝ ඉදිරිපත් කරලා තමන් නිර්දෝෂී බව පෙන්වන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බැරිබව එයා දන්නා හින්දා දැන් හැංගිලා පන බයේ ඉන්නවා. ලැජ්ජයි නේද?

:       2       205

prakaash Thursday, 26 December 2019 11:38 AM

මේ වගේ කෙනෙක් දේශපාලනයෙන් ඉවත් කිරීම කළ යුතුය. කඩිනමින් අත්අඩංගුවට ගෙන සුදුසු පියවර ගෙන අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි. මොහු මුළු සමාජයටම ප්‍රශ්නයකි. මොහු කර ඇත්තේ අපරාධමයි.

:       562       801

Chin Thursday, 26 December 2019 11:47 AM

අනික් මනුස්සයත් අත්අඩංගුවට ගන්න දවස් තුනකට කලින් විතර කියන්න. මෙයාට කිව්වා වගේ...

:       37       17

Jaya Thursday, 26 December 2019 12:19 PM

දෙවියන්ට කිව්වේ අල්ලා දෙවියන්ටද? ඔහොම දෙවියන්ට පෙනුණා නම් අර වගේ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයක් සිද්ද වෙයි...

:       260       296

mohammed kuwaitThursday, 26 December 2019 01:58 PM

දෙවියන්ට කියලා අපේ ආගමේ විදියට, ආගම් මේකට ප්‍රස්නයක් නෙමේ. ඔයාගේ දෙවියන් ඔයා අදහාගන්න..

:       32       189

nimal Thursday, 26 December 2019 12:41 PM

රාජිත, මේ වෙලාවේ අැඳයට හැංගිලා ඉන්නවයි කියලා... අපිට ආරංචියක් ලැබිලා තියනවා.. හිහී..!!!

:       123       88

Champa Thursday, 26 December 2019 12:42 PM

බොරු කියන තරමට හිරේ දාන්න ගියොත්, නුඹලා කවුරුත් එළියේ ඉතිරි වන්නේ නැහැ. ගිහි, පැවිදි, උගත් නූගත්, මැතිවරණ වේදිකාවේ සිටි සියල්ලන්ම ගස්.

:       3       150

ChampaThursday, 26 December 2019 02:54 PM

මගේ නමින් වෙන කෙනෙක් කමෙන්ට් දාලා... ලැජ්ජයි.

:       37       46

thilak Thursday, 26 December 2019 12:57 PM

බඩගින්නට කන්ට, නැතිබැරිකමට කොස් ගෙඩියක් හොරකම් කළ කෙනෙක් නම් මෙලහකටත් දෙකක් ඇනලා කුදලාගෙන ගිහින් කූඩුවේ දාලා. මෙයා ලංකාවේ නීතිය මිනිසුන්ගේ තත්වය අනුව ක්‍රියාත්මක වෙන බවට හොඳ නිදසුනකි.

:       1       44

Nimanthi Thursday, 26 December 2019 01:07 PM

රාජිත, ඔයාව වැලිකඩ කූරු ගනිද්දී අපි ඔයා වෙනුවෙන් පාටියක් දාන්නම්. කරපු වැඩවලට දඬුවමකුත් තියෙන්න එපෑයැ..

:       249       291

Keppetipola Thursday, 26 December 2019 01:16 PM

රාජිත සමහරවිට හැංගිලා ඉන්නේ පිටරට එම්බසි එකක වෙන්න පුළුවන්... ස්විස් එම්බසි එකත් ගොඩක් සැකයි. පිටරට තානාපතියෙකුගේ කාර් එකක නැග වෙස් වලාගෙන රට පනින්න බැරි නැහැ.

:       24       101

225ත් එලවමු Thursday, 26 December 2019 01:37 PM

අපේ රටේ දේශපාලනය බොරුවෙන්ම පෝෂණය වෙලා.. මේක තක්කඩින්, හොරුන් බෝකරලා ලොකුමහත් කරන පාරාදීසයක්… තක්කඩින්ට උගන්වන පාඩම් පොදු වීම අවශ්‍යයි. එකෙකුට තලන විට 225ටම රිදෙන්න ඕනෑ.

:       7       45

Praba Thursday, 26 December 2019 02:18 PM

හුරේ. ලුණු ඉහගෙන බත් කකා අපි රාජිත නාටකය බලමු ජොලියේ..

:       6       35

Night OwlThursday, 26 December 2019 06:55 PM

ඒක හොඳයි. රටේ ඉතුරු වී ඇති සොච්චම් සම්පත් ටිකත් අතුරුදහන් වෙනකොට දැක්කේ නෑ වගේ ඉන්න පුළුවන් ! නියම නාටක... (ගැලරියට!)

:       1       2

කිරිමල්ලී Thursday, 26 December 2019 02:20 PM

හැංගිමුත්ත හැංගියෝ..!!!

:       0       2

Jayantha Thursday, 26 December 2019 07:42 PM

මෙයත් තවත් දෙන්නෙක් නිසා සජිත්ට ලක්ෂ ගානක් ඡන්ද අඩු වුණා

:       0       0

Nandalal DE SILVA - France Friday, 27 December 2019 09:03 AM

අන්තිම පින්තූරයේ තිබෙන්නේ "බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට" අවශ්‍ය මෙවලම් බව පොලිසියේ සිටින මගේ මිත්‍රයෙක් කියනවා..! දේශපාලන හුටපටයක් මවාගෙන, චරිත ඝාතන මැද්දේ අසරණ මනුස්සයෙක් අත්අඩංගුවට ගැනීමට මෙවැනි මෙවලම් සමග පොලිස් වාහන රැසක් යොදා ගත්තොත් සැබෑ අපරාධකාරයන් අල්ලාගැනීම සඳහා අසල්වැසි රටවලින් පොලිසිය ගෙන්වාගැනීමට සිදුවෙයි..

:       0       0

Siri Friday, 27 December 2019 10:50 PM

මමත් හිතුවා ගෙනත් තියෙන්නේ උදේ කෑමවත්ද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2174 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 417 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 711 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1070 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 187 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 654 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site