(ටී.කේ.ජී.කපිල සහ නිමන්ති රණසිංහ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත පොලිස් නිලධාරීන් 704 දෙනෙකු විදේශගත වීමට උත්සාහ දැරුවහොත් වහාම ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වමින් ආරක්ෂක අමාත්‍යංශය අද(25) ආගමන විගමන දෙපාර්තමේන්තුට ලිපියක් යොමුකර තිබේ.
මෙම නිවේදනය අද අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබී තිබේ. එම නිවේදනයේ සඳහන් නාම ලේඛනය පරිගණකගත කිරීමට පියවර ගෙන ඇතැයි කටුනායක ගුවන් තොටුපළ, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ සහකාර පාලක සුජීව රත්නායක මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා තම දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිය පවුල ද සමග ඊයේ(24) දහවල් 12.50 ට ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසු මෙම නියෝගය පනවා තිබේ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීඅයිඩීයේ නිලධාරීන් 704 කට රට යන්න වැට බඳියි
wimal Monday, 25 November 2019 06:04 AM
දැන් රටටම දැනෙනවා.... රජයේ නීතිය කාටත් පොදුයි.
KamalMonday, 25 November 2019 08:46 AM
පහත් තැනින් යයි ගලා ජලේ..
Hafeel Monday, 25 November 2019 12:29 PM
ඔව් ඔව්. එ්කට හොඳම ආදර්ශය තමයි ගිය සතියේ මැදමුලනේ නඩු. 69 ලක්ෂයේ ජනවරමට ලැබුණු ජයග්‍රහණය.
එකනයකලගේ රණවක ලිඅනආරච්චි Monday, 25 November 2019 05:31 PM
පසුගිය සතියේ පලකරන අදහස් හොදින් විශ්ලේෂණය කර වැරදි වැටහීම් ඇති නොකර ගන්න. ලියන බොහෝ දේ කියවීමේදී ලබා ගන්න තේරුම සහ එම අදහස් වෙනස් ආකාරයට විශ්ලේෂණය කිරීමේදී ලබා ගන්න තේරුම වෙනස් වේ.
saali Monday, 25 November 2019 06:23 AM
මේ ගොල්ලෝ ආරක්ෂක අංශවලට සම්බන්ධ අය නොවේද? කළහකාරී, කණ්ඩායමක් වත්ද? මේක පුදුම වැඩක්! කවුද අප්පා මේවා කරන්නේ..?
Rasika PradeepMonday, 25 November 2019 12:10 PM
පොලිස් නිලධාරියකු රාජකාරි හෝ පෞද්ගලික කරුණක් අනුව විදේශගත වන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කරුණක්. නමුත් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා කිසිම දැනුම්දීමකින් තොරව රටින් ගිහින් තියෙන්නේ. ඔහු දේශපාලනිකව ඉතා වැදගත් පුද්ගලයෙක්. මොකද ඔහු මෙහෙයවපු කේස් ඔක්කොම දේශපාලනිකව පහුගිය යහපාලනය ඇතුලේ මතුවූ කතන්දර. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් නඩුව, සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත විකමතුංග ඝාතන නඩුව, මාධ්‍යවේදී කීර්ති නොයාර් මහතාගේ නඩුව, වසීම් තාජුඩීන්ගේ නඩුව, යාපනය විද්‍යා දැරියගේ ඝාතන නඩුව, තරුණයින් 11 දෙනා අතුරු කිරීමේ නඩුව, කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතන නඩුව, ස්මාරක නඩුව, වගේ ඒවා ඔහු විසින් මෙහෙයවු ප්‍රධාන නඩු. ඉතින් කතන්දරේ කාටත් පැහැදිලිනේ. අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැනේ නේද? ඉන්න ඔක්කොටෝම අවසරකින් තොරව යාම තහනම් කරපු එක හොඳයි. නැතිතම් මේවගේ ඇත්ත නැත්ත, දේශපාලනික බලපෑම රටට දැනගන්න වෙන්නේ නැහැ..
ධනුෂ්ක Monday, 25 November 2019 03:32 PM
නොවැම්බර් 16ට කලින් මේක කරානම් රණවිරු දඩයම. හැබැයි දැන් නීතිය ක්‍රියාත්මක කිරීම...
Rasika PradeepTuesday, 26 November 2019 04:52 AM
ධනුෂ්ක මහත්තයට වැරදිලා. රට වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරපු රණවිරුවන් අන්තවාදී උවමනාවන් සහ කොටස් සතුටු කරන්න හිරකරන එකයි රණවිරු දඩයම කියන්නේ. එත් කුහක දේශපාලන උවමනාවන් සතුටු කිරීම වෙනුවෙන් නීතිය නවන අය වෙනුවෙන් පරීක්ෂණයක් කරන එක ඒකත් එක්ක පටලගන්න එපා. දේශපාලකයන්ට කුමන හෝ ප්‍රතිලාභයක් වෙනුවෙන් තමන්ගේ රැකියාව අවබාවිත කරන එක වෙනම කෝණයක්. එක ඉස්සරලා අවබෝධ කරගන්න.
eresh S kumara Monday, 25 November 2019 06:24 AM
නීතීය කාටත් පොදුවිය යුතුමයි...
sam Monday, 25 November 2019 06:24 AM
ආයෙමත් "රාජපක්ෂ නීතිය" ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන වගෙයි. යම් පුරවැසියෙකුගේ විදේශගතවීමේ අයිතිවාසිකම නැති කිරීමට නම් ඒ සම්බන්ධ චෝදනා, සාක්ෂි සහ තොරතුරු උසාවියකට ඉදිරිපත් කර විනිසුරුතුමාට පිළිගත හැකි හේතුවක් ඇත්නම් පමණක් ඒ සඳහා වාරණ නියෝගයක් නිකුත් කිරීම හෝ ගමන් බලපත්‍රය උසාවිය, පොලිසිය භාරයට ගැනීම කළ හැකියි. දැන් එච්චර කරදර වෙන්න ඕනෑ නැහැ. එක ටෙලිෆෝන් කෝල් එකෙන් ඔක්කොම නීතිය "අවනීතිය" වෙනවා.
Sudath De Silva Monday, 25 November 2019 06:34 AM
පව් අසරණයෝ !!! ඇඟිල්ලෙන් ඇනලා කියන්න දෙයක් නැහැ. අපිට තේරෙනවා..
Dilan Monday, 25 November 2019 06:40 AM
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වසන් කළ වැරදිකරුවන් මේ අතර සිටිනවා.
arunaMonday, 25 November 2019 10:06 AM
පාස්කු ප්‍රහාරය කරපු අය තමයි අද රට පාලනය කරන්නේ...!!!
Rasika PradeepMonday, 25 November 2019 11:29 AM
ඔය කොමා එක්කද හිටියේ මහත්තයෝ...? ඒ ආණ්ඩුව වෙනස් වුණානේ, දැන් තියෙන්නේ රට පාවලා දෙන ආණ්ඩුවක් නෙවෙයි. ඔය ඇහැරලා ටිකක් හොයලා බලන්නකෝ...!!! රනිල්ගේ ආණ්ඩුව දැන්නේ. නීතිය නවපු අයත් ඔය තහනම් කරපු අය අතර ඉන්නවා. ඒ හින්දා අර අර්ජුන් මහේන්ද්‍රන්ට කරපු දේ නොවෙන්න තමයි මට හිතෙන විදියට ඔය තීරණය ගන්න ඇත්තේ... කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා කියමනකුත් තියෙනවනේ නේද? ඔය වගේ සෘජු තීරණ රටකට අවශ්‍යයි.
sena Monday, 25 November 2019 06:44 AM
සතුරා පහරදී විනාශ කරනවා මිසක් හුරතල් නොකළ යුතුයි කියන එක ජනාධිපතිතුමාට අලුතෙන් කියලා දෙන්න වැඩක් නැහැ.
Warnakulasuriya Monday, 25 November 2019 12:30 PM
ජනතාව රජ කෙනෙක් පත් කර ගත්තේ නැත. ඔබේ ප්‍රකාශය රජ කෙනෙක් වෙනුවෙනි. සතුරන් සහ වරදකරුවන් තීරණය කරන්නේ මැදමුලන වලව්වෙන්ද? රටේ නීතිය රාජපක්ෂ වලව් නීතියද? දියුණු යුගයක ජනතාව බලය රජවරුවෙත පවරන්නේ නැත. රාජනීතිය යනු වහලුන් උදෙසා ක්‍රියාත්මක වන්නකි.
AATD CHATHURANGATuesday, 26 November 2019 06:31 AM
කලින් ආණ්ඩුවට කඩේ ගිය අයට දැන් අමාරු ඇතිෙ... මොකද වුනේ? රට ගැන නෙමෙයිනේ හිතුවේ..? පළිගන්න විතරයි බැලුවේ.. රට හැදුවෙත් නැහැ. හොරු ඇල්ලුවෙත් නැහැ.
සුරංග Monday, 25 November 2019 07:04 AM
මොවුන්ට ඇති චෝදනා ප්‍රසිද්ධ කළයුතු අතර, මෙම නියෝගය අධිකරණයක් මාර්ගයෙන් පැමිණිය යුතුයි. නැතහොත් මෙලෙස ඕනෑම පුරවැසියෙකුගේ අයිතීන් උල්ලංඝනය කිරීමට පාලන අධිකාරියට හැකිවනු ඇත. කවදා හෝ තමන්ට මෙය සිදුවනතාක් දේශපාලන කණ්ණාඩි කුට්ටම මිනිස්සු ගලවන්නේ නම් නෑ.
සමන් ඔස්ට්‍රලියාMonday, 25 November 2019 08:49 AM
රජයේ සේවකයෙකුට හෝ සේවිකාවකට... රජයේ අවසරයක් නැතුව නිවාඩු කාලයේ වුණත් රටින් පිටවන්න තහනම්... එ්ක ඉස්සර ඉඳන් තියෙන නීතිය...
සමන්ත Monday, 25 November 2019 07:05 AM
මෙය බරපතල ලෙසම එම නිලධාරීන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස සැලකිය යුතුයි. ඔවුන් කලේ තමන්ට හිමි රාජකාරිය වන අතර, එමගින් රටේ හොරකම්, මිනීමැරුම් සහ වංචාවන් ගැන සෙවීම ඔවුන්ට තහංචි දැමීමට හේතුවක් වන්නේ කෙසේදැයි බලධාරීන් ජනතාවට පැහැදිලි කළ යුතුයි. මෙය හොරුන් විසින් නීතිය අතට ගැනීමට සමාන වන අතර යුක්තිගරුක, යහපත් ජනතාව විසින් පිළිකුලට භාජනය කළ යුතුවේ. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව විසින් මේවා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු නිසැකය. මෙම පාලකයන් විසින් දැනටම රට දේශපාලන වශයෙන් ජාතීන් වශයෙන්, ආගම් වශයෙන් බෙදා වෙන්කර ඇත. එය සිරියාව සහ සෝමාලියාවට වඩා දරුණු වනු ඇත.
සමන් ඔස්ට්‍රලියාMonday, 25 November 2019 08:51 AM
රජයේ සේවකයෙකුට හෝ සේවිකාවකට, රජයේ අවසරයක් නැතුව නිවාඩු කාලයේ වුණත් රටින් පිටවන්න තහනම්... එ්ක ඉස්සර ඉඳන් තියෙන නීතිය...
සමන්තMonday, 25 November 2019 12:12 PM
මේ තමන්ගේ වන්දිබට්ට කම නිසා හෝ, නොදන්නා කම නිසා හෝ, මිනිස්සු රවට්ටන්න හෝ නැති නීතියක් ගැන කතා කරන්න එපා. එක එක දෙපාර්තමේන්තුවල යල් පැනගිය චක්‍රලේඛ තියෙන්න පුළුවන්. ඒවා නීති නෙමේ. සියලු රෙගුලාසි ව්‍යවස්ථාවට යටයි. ඝෝඨාට ඕනේ නීති හදන්න බෑ තාම... නටන්න ගියොත් මාර්තු වෙනකොට බලාගන්න ලැබෙයි.
beauMonday, 25 November 2019 09:30 AM
ඔය මානව අයිතිවාසිකම් ගැන කතාකරන අයම තමයි මව්වරුන්ට නැවත දරුවන් ලැබීමේ මානව අයිතිවාසිකම් නැතිකලේ... ඔව් ඔවුන්ට දැන්ම සිටම ඒ ගොල්ලන්ගේ වැඩ ගැන වග උත්තර දෙන්න ඕනේ...
Lebbe Monday, 25 November 2019 07:09 AM
සාලි.... සෑම් ඕක කියන්න ගිහිල්ලා නිකරුණේ රිමාන්ඩ් කරලා ඉන්න රණවිරුවන්ට...පොලීසියේ නීතිය රටින් පිටවෙනවා නම් රජයේ සේවකයෙක් වශයෙන්, රජයෙන් අවසර ගත යුතුයි. නීති පොත බලන්න... මෝඩයා වගේ නොලියා...
Perera Monday, 25 November 2019 07:11 AM
හොඳ වැඩක්... වරදක් කරලා නැත්නම් හොරෙන් පනින්න ඕනේ නෑනේ... මේකේ හොඳින්ම කියලා තියෙනවා අවසර අරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ගෝත්‍රික වැඩි අය කියන්නේ මේක මානව හිමිකම් උල්ලංඝනයක් කියලා...
Bandara Monday, 25 November 2019 07:27 AM
නියමයි ජනාධිපතිතුමනි, මහකෙනාවත් හොයාගෙන ඔහුටත් නීතිය ක්‍රියාත්මක කරන්න.
arunaMonday, 25 November 2019 10:50 AM
මහාකෙනා තමයි දැන්...... අලුත්ම ඉකොනොමිස්ට් සඟරාවේ මුල්පිටුව බලන්න. ඒකේ එයා ඉන්නවා.
Mahesh Monday, 25 November 2019 07:43 AM
2010 සරත් ෆොන්සේකාට වුණු දෙය තමන්ටත් වෙයි කියලා ඔවුන් තුළ බයක් තියෙන්න පුලුවන්. මේ තහනම් නියෝග හරහා ඒක වඩ වඩාත් වැඩිවෙන්න පුළුවන්. අනවශ්‍ය වැඩ කරන්න ගිහින් ලැබුණු බලේ නැතිවෙන්නත් පුලුවන්. මොකද දැන් රටේ පාවෙන ඡන්ද ප්‍රමාණය වැඩියි.
sandy123 Monday, 25 November 2019 08:04 AM
කෝ මේ යහපාලනයට සහ පොහොට්ටුවට කඩේ ගිය කට්ටිය...? දුකයි සන්තෝසයයි බෙදා හදා ගන්නවද?
wimal Monday, 25 November 2019 08:18 AM
අදහස් ලියන්නා කොහොම ලිව්වත්, එය තේරුම්ගන්න දැන් ඉන්න අය ගොඩාක් බුද්ධිමත්...
Wicky Monday, 25 November 2019 08:20 AM
මේකේ සඳහන් කරලා තියෙන්නේ නිසි අවසරයකින් තොරව කියලා. මුළු රාජ්‍ය සේවකයන්ටම මේක පොදුයි. එය ඇත්තෙන්ම හොඳ තීරණයක්...
sandy123Monday, 25 November 2019 08:43 AM
තමන්ගේ ප්‍රතිවාදියෙක් නම් නිසි අවසරයක් ලැබේවිද? දේශපාලන පළිගැනීම් නැතිව තියේවිද? ප්‍රශ්නය එතැනයි.
මුණසිංහ Monday, 25 November 2019 08:34 AM
තමා අතේ කිසි වරදක් නැතිනම් නිශාන්ත මහත්මයා පැන ගියේ ඇයි? බුද්ධි අංශ නිලධාරීන්ට අසාධාරණ ලෙස චෝදනා එල්ල කෙරුණු බව පසක් නොවේද?
savinMonday, 25 November 2019 10:10 AM
නිශාන්ත කියන්නේ බොහොම ස්වාධීනව ආගම්,පක්ෂ,ජාති බේදයකින් තොරව පරීක්ෂණ මෙහෙයවපු ඉතාම බුද්ධිමත් අවංක නිලධාරියෙක්.එතුමත් දන්නවා පාස්කු ප්‍රහාරය පිටුපස සිට මෙහෙයවපු බයියන් කව්ද කියලා. පාස්කු ප්‍රහාරයේ නායකයාට පඩි ගෙවලා තියෙන්නෙත් සසුගිය මහින්දගේ රජයේ ආරක්ෂක අමාත්‍යංශයෙන් බව දැන් කව්රුත් දන්නවා. ඒවා ඔක්කොම එළියට හෙළිකළේ මේ පරික්ෂයින්.
wijebahuMonday, 25 November 2019 11:48 AM
ඔබ හරි, මේ නිලධාරියා කරපු වරද රාජපක්ෂවරුන්ට විරුද්ධව පරීක්ෂණ කරපු එකයි.
sanju Monday, 25 November 2019 11:06 AM
ආරක්ෂක ලේකම් මාධ්‍ය සංදර්ශන දාන අතරේ බුද්ධි අංශවලටත් හොරෙන් මිනිහා පැනලා... එන්ජීඕ උදව් කරන්න ඇති...
Rata Perata Monday, 25 November 2019 11:40 AM
දැන් සැපද? ඔහොම යන්, ඔහොම යන්...
ranjith Monday, 25 November 2019 12:14 PM
අධිකරණයෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියමවූවන්ට සමාවදීම නම් හොඳ වැඩක් නෙවෙයි.
sirimal Monday, 25 November 2019 12:22 PM
කළ හොඳ පස්සෙන් එනවා වගෙයි. ඔහොම යමු.
රජින්ද Monday, 25 November 2019 12:59 PM
ඉතාමත් වැදගත් කාලෝචිත තීරණයක්.! දේශපාලනිකව සහ රාජ්‍ය නොවන සංවිධානවලට අනුව පසුගිය රජය සමයේ සිදුවූ ජාතික හානිය මෙතෙකැයි කියන්න බැහැ. දැන් අපට වැටහෙනවා එවකට අපේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන මේ රට පත්කළ ඒ දුෂ්කර කාලයන්ට බොහෝ පිරිසක් වගකිව යුතු බව... ඔවුන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි..
සපුමල් Tuesday, 26 November 2019 05:07 AM
ජනතාව මහා හොරකම් වලදී , මිනි මැරුම් වලදී, වංචා දුෂණ වලදිඋ ජරා දේශපාලකයන්ගේ පැත්ත ඇරන්, අවංකව ජනතාව වෙනුවෙන්ම, සත්‍ය සොයා ගිය, රාජ්‍යයේ යහපත උදෙසා එම වැරදි නැවත්වීමට උත්සහා කළ වැරදිකරුවන්ට දඬුවම් කිරීමට කටයුතු කල අවංක , සාධාරණ නිලධාරීන්ට එරෙහිව චෝදනා කිරීම යනු ජාතියක් නගා සිටවීමට කටයුතු කිරීමක් නොවේ. එම රට, ජාතිය වල පල්ලට යැවීමට උදව් කිරීමයි. එය බුදුන් වහන්සේගේ පිලිවෙතවත්, දුටුගැමුණු මහරජතුමාගේ පිලිවෙතවත් නොවේ. අප එවැනි දේවල් වලට විරුද්ධ විය යුත්තේ එබැවිනි. අප සැබෑ ලෙසම තුන් සිංහලයා බේරා ගත යුත්තේ මෙවැනි වංචාකරුවන්ගෙනි. ඉතිහාසය ඔබට එය නුදුරු දිනෙකම කියා දෙනු ඇත. නියම සිංහලයන් කෙලින් වැඩ කරන, තණකොළ නුබුදින සිංහයන් වන අතර ඔවුන් කිසිදිනෙක ජාතිවාදීන්ද නොවන්නේය. එමෙන්ම වැරදි දේ වැරදියි කියන හරි දේ හරි යයි කියන උදාර මිනිසුන්ය. එය දුටු ගැමුණු වැනි සැබෑ නායකයන් එළාර හමුවේද ප්‍රදර්ශනය කළේය. මරණින් පසු ගෞරවද කළේය. එත් මේ එම නාමයද කෙලෙසන අයය. බලා සිටින්න. අපි නියම ජාත්‍යාලය ගැන ඔබට පෙන්වා දෙන්නෙමු.
Rohana Monday, 25 November 2019 01:28 PM
මම හිතන්නේ CID නිලධාරීන් කරලා තියෙන්නෙ ඉහලින් එන නියෝග අනුව රාජකාරිය. ආණ්ඩුව වෙනස් වුනා කියලා රාජකාරිය හරියට කරලා තිබේ නම් වැරදිකරුවන් වෙන්න ඉඩක් නැහැ.
Ruwan Tuesday, 26 November 2019 03:09 AM
ආණ්ඩුව වෙනස් උනා රාජකාරිය හරියට කල අයට අසාධාරණයක් නොවිය යුතුයි. නමුත් කරපු රාජකාරිය හරිද වැරදිද කියලා දේශපාලන බලපෑම් මත තීන්දු ගන්නවානම් සාධාරණයක් බලාපොරොතු වෙන්න බෑ. අනික රටේ නීතිය සාධාරණව ක්‍රියාත මක නම් දේශපාලන බල පෙරළියත් සමග නිදහසේ ඉඳපු අය හොරු වෙන්නත් හොරු නිදහස් වෙන්නත් බෑ. එහෙම වෙනවා නම් ඒ රටේ නීතිය පිළිබද විශ්වාසය බිද වැටෙනවා.
කුමාර Tuesday, 26 November 2019 04:30 AM
2015 පෙරළියේදී මේ ලෙස පළි ගත්තද ? .. සිතන්න යමක්
Amila Tuesday, 26 November 2019 09:12 AM
දේශපාලනය පැත්තක තියලා අපි බැලුවොත් මේ පරණ දඩයම් සඳහා වන අත්හදා බැලීමක් විතරයි. මාධ්‍යයයි, මිනිස්සුයි, විපක්ෂයයි මේවා පිළිබඳව මුනිවත රකීනම් රට කෙටිකලක් තුළ අඳුරු යුගයක් කරා ගමන් කරනු ඇත. අධිකරණ වාරණයකින් මිස මෙවැන්නක් නොකළ යුතුයි. මේ තුළ අන්තර්ගත පළිගැනීම තේරුම් නොගැනීම පොහොට්ටු ළදරු මන්ද මානසිකත්වය පෙන්නුම් කරනවා..
Duminda Tuesday, 26 November 2019 11:47 PM
මේ අතර නාමල් රාජපක්ෂට රට යාමට අවසර!!