(අංජුල මහික වීරරත්න)
ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන විකිණීම ඇතුළු තහංචි කිහිපයක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසිනි.
පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් උණ රෝගය, සූකර අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය ආසාදිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීමට ඉඩකඩ වැළැක්වීම සඳහා අවශ්‍ය වන පහත සඳහන් කටයුතු තහනම් කර තිබේ.
සියලුම අවදානම් සහිත ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම.
ආසාධිත සතුන් ඝාතනය කිරීම, රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘතිම අභිජනන ක්‍රම භාවිත කිරීම,අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොළ පැවැත්වීම, දර්ශනය හා තරඟ පැවැත්වීම,ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හා රෝගකාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම සහ ඌරුමස් වලින් නිශ්පාදන සකස් කිරීම, අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වුවා හෝ ආසාධිත වුවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක්වූ ද්‍රව්‍යක් හෝ ජලය සම්බන්ධ කිසිදු ස්ථානයකට දැමීම, අදාළ රෝගයන් හේතුවෙන් මරුමුවට පත්වුවා හෝ ආසාධිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථාන ගත කිරීම තහනම් වේ.
අසල්වැසි නිවසේ සුරතලයට ඇති කළ සුනඛයාට වායු රයිෆලයකින් වෙඩි තබා මරා දැමූවේ යැයි කියන විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙක් කඳාන පොලිසියේ නිලධාරීන් ක
මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
රජයේ බංගලා බාර නොදෙන හිටපු ඇමැතිවරුන්ට අදින් (30) පසු නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසය
ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ කළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද ක
අලි මිනිස් ගැටුම වළකාලකාලීමේ අරමුණින් තනා ඇති අලි අගල් වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල
වීරඹුගෙදර පොලිස් ස්ථානයේ තිබූ රිවෝල්වර පිස්තෝලයක් සහ එම උණ්ඩ 05 ක් අස්ථානගත වී ඇතැයි කියයි.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සූකර උණ හේතුවෙන් ඌරු මස් විකීණීම තහනම් කරයි
ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 29 October 2024 05:47 PM
අවුරුදු 1440 කට කලින් තහනම් කළා
ගුණරත්න Tuesday, 29 October 2024 06:27 PM
එතකොට හරකුන්ටත් ඔහොම ලෙඩක් හැදුණොත් ඒකත් තහනම් කරනවද මහත්තයා...?
ලෙබ්බෙ දන්න බන Tuesday, 29 October 2024 07:33 PM
ඔය අහවල් ජාතියේ මහත්තයා ඌරෝ ගැන පුදුම සත්ත්ව කරුණාවක්නේ තියෙන්නේ. එතකොට බැටලුවන්, කුකුළන්, හරක්, වෙන එකක් තියා ඔටුවෙක්වත් ඉතුරු නොකර හලාල් කරන එක ගැන නොකියන්නේ කටේ පිට්ටුද? මතක තියාගන්න මහත්තයෝ, ඔය ගොල්ලන්ගේ 1440 නෙමෙයි, අවුරුදු 2500ත් කලින් උත්තමයෙක් දේශනා කලේ සියලුම සතුන් කෙරෙහි අනුකම්පාව දක්වන්න කියලා. නැතුව ඌරා ඇර අනිත් සත්තු මරාගෙන කන්න කියලා නෙමෙයි.