IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


’’සාක්‍ෂි ලැබුණොත් කෙහෙළියත් අල්ලනවා’’

(යොහාන් භාසුර)

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යැයි නිෂ්චිත සාක්‍ෂි ලැබුණොත් අනිවාර්යෙන් අත්අඩංගුවට ගනු ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ඇති චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් කළ විමසුමේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ පැවසීය.

“මම සාමාන්‍යයෙන් අනිත් අමාත්‍යංශවල දේවල් ගැන කථා කරන්නේ නෑ. ඒක එකක්. මේ සිද්ධිය සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරනවා. සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරලා ඇමතිතුමා වැරදි කියලා එගොල්ලන්ට ඇති වෙන්න සාක්කි තිබුණොත් එගොල්ලන් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී.

හැබැයි සාක්‍ෂි තියෙන්න ඕන. මාධ්‍යයෙන්වත්, දේශපාලන පක්‍ෂවලින්වත් කෑගැහුවට ඇමතිතුමාව ගන්න ඕන, ඇමතිතුමාව ගන්න ඕන කියලා ඒක වෙන්නෙ නෑ. දැන් ඔය ප්‍රශ්නයට යම්කිසි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්ස් මම දැක්කා මීඩියාවලත් හරියට යනවා ලේකම්තුමාවත් ගන්න ඕන කියලා. නමුත් ලේකම්තුමාව අත්අඩංගුවට ගත්තෙ නෑ. සී.අයි.ඩී. එක හරියටම එගොල්ලන්ට සාක්‍ෂි ලැබිලා එගොල්ලන්ට සැක කරන්න පුළුවන් හරි සාක්‍ෂි තිබුණ හින්දා තමයි ඊට පස්සෙ අත්අඩංගුවට ගත්තේ.

ඒ වගේම සාක්‍ෂි ලැාබුණොත් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී. ඒක වෙනසක් වෙන්නේ නෑ” 



අදහස් (30)

’’සාක්‍ෂි ලැබුණොත් කෙහෙළියත් අල්ලනවා’’

wedage Friday, 22 December 2023 01:24 PM

ඇමතිට හොරෙන් ලේකම්ට වැඩ කරන්න බෑ නේ.අලස් මහතා අනික් එකා අත්අඩංගුවට ගත් කෙනෙක් කියලා තියනවා නේ කෙහෙළිය කියපු විදියට තමයි වැඩ කලේ කියලා

:       3       78

NimalSaturday, 23 December 2023 05:51 PM

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යැයි නිෂ්චිත සාක්‍ෂි ලැබුණොත් අනිවාර්යෙන් අත්අඩංගුවට ගනු ඇති බව ප්‍රකාශ කළයුතු වන්නේ ඒ සම්බන්වධ කටයුතු පරීක්ෂණ කරන්නා වූ පොලිසිය වේ. දේශපාලකයින් කළයුතු වන්නේ පොලිසියට අවශ්‍ය පහසුකම් සැපයීම පමණි..

:       0       3

wedage Friday, 22 December 2023 01:28 PM

ජුනි වෙනකම් මොකද කරන්නෙ ? මාසයෙන් ඉවර කරන්න පුලුවන් නේ ?

:       3       57

Dilshan Friday, 22 December 2023 01:45 PM

හරිම විනොද ජනකයි. හහ් හා හා ාාාාාාාාාාාාාාාාාාාාාාා ටිරාන්

:       5       69

අරවින්ද මොනරවිල Friday, 22 December 2023 01:45 PM

දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු සෞඛය ලේකම් චන්දාගුප්තට අනුව ඔහුට මෙම ඖෂධය මිලදී ගැනීම සදහා අනුමැතිය දෙන ලෙස කෙහෙළිය බලපෑම් කල බවට ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට දැනුම් දුන් බව මාධ්‍ය වාර්ථාකර තිබුණා. එහෙම තියෙද්දි තවත් සාක්ෂි මොන ලබ්බටද කියලා තමයි අලස් ගොයියා ගෙන් අහන්න තියෙන්නේ.

:       6       105

Hafeel Friday, 22 December 2023 02:20 PM

පහලින් තමයි ජලය ගලා යන්නේ. මම එදා ඉඳන් කියන්නේ දුමින්ද සිල්වා හැර කිසිම දේශපාලන්දයක්වත් අදටත් හිරේ නැහැ. එකත් එදා හිරුනිකා ආණ්ඩු පක්ෂය නියෝජන කරපු නිසා. ඊළඟ අවුරුද්දේ පත් වන ආණ්ඩුවෙන් තමයි මූන් සේරටම දඬුවම් ලබන්නේ.

:       7       61

kaluwadevageSaturday, 23 December 2023 02:27 AM

මෙයාගේ රාඩා ගනුදණෙුව, එල් ටී ටී එකට සල්ලි දීපුවා එහෙම හොයන්නේ නැද්ද දන්නේ නැහැ..?

:       1       9

Nimal Friday, 22 December 2023 01:50 PM

එක රටක්, නීති දෙකක්. සාක්ශි නම් ඔනෙ තරම් තියෙනව. බොරු බයිල වලින් වැඩක් නැහැ.

:       4       58

Sachith Friday, 22 December 2023 02:00 PM

කොහොමද දැන් පෙන්නන විනෝද සමය.පොලිස් ඇමතිව මරන්න යනවලු .දැන් කෙහෙලියව අත්අඩංගුවට ගන්නවලු .හැබැයි කියන පොලිස් කොලමේ නමත් පැන්ඩෝරා පේපර්ස් වල තියනවා

:       5       59

ජේ ආර් නානා Friday, 22 December 2023 02:05 PM

ඇයි කෙහෙලිය විතරක් මහ බැංකු හොරා. පොල්තෙල් බදු වංචා හොරා සීනි හොරා ආර්ථික ඝාතකයන් ඒගොල්ලන්වත් ගන්න

:       7       61

Deepal Friday, 22 December 2023 02:13 PM

අසත්‍ය ප්‍රකාශ නොකියන්න. RW ඔබට එසේ කිරීමට ඉඩ නොදේ.

:       5       44

රාලහාමි Friday, 22 December 2023 05:08 PM

RW කියන්නේ කවුද? මිනිහාත් ඡන්දෙන් පස්සේ කූඩුවේ...!!

:       7       35

Amal Friday, 22 December 2023 02:19 PM

එතකොට සාගලවත් අත්අඩංගුවට ගනීද ?? ඇට දෙක තමයි !!!

:       4       55

A Supporter of Former Health Minister. Friday, 22 December 2023 02:20 PM

හිතවත් මහජන ආරක්ෂක ඇමතිතුමනි, කරුණාකර මහජනතාව මෝඩයන් ලෙස සලකන්න එපා.

:       4       51

Kazi Shajahan Friday, 22 December 2023 03:06 PM

ඔයාලා ඔක්කොම යාළුවෝ මල්ලි...! ටිරාන්ගේ විසිල් විතරයි බල්ටි නැහැ... බල්ටි ගහන්න නම් රනිල්ගෙන් අහලා ගහන්න වෙයි...

:       2       44

Nimal Friday, 22 December 2023 03:55 PM

පුළුවන් නම් රවි කරුණාව අල්ලන්න...

:       3       39

NAMAL Friday, 22 December 2023 04:34 PM

වල් වහල් මෝඩ හැත්ත තොපිලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදසාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය... අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට... කළකළ දේ පලපල දේ...! 

:       1       35

NAMAL Friday, 22 December 2023 04:34 PM

බාල ඖෂධ ගෙන්වපු අයටයි. ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි.. ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා...!! මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වල්වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්..., ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා..! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කන් බයියන් ටික ඇවිස්සෙයි.

:       2       36

චතුරි Friday, 22 December 2023 04:44 PM

මේ සෙල්ලම නතර කරන්න. ඡන්දෙ ළන්වෙනකොට. එක්කෙනෙක්ව පස්සෙ එලවනවා. මීට කළින් වුණු අපරාධ කපුටෝ, මයිනෝ, ගොබ්බයින්. ඔවුන්වත් ගන්න අත් අඩංගුවට. ඔවුන් නමගිය හොරු. ජනතාව දුක් විඳින්නේ ඔය 259 නඩේ නිසා උසස් විම්. පඩි වැඩිවිම් අවශ්‍ය නැහැ රාජකාරිය සැමට එකසේ කරන්න. නැතිනම් සේරටම කලින්... ඔයාට මතකයිනේ හිටපු උසස් පොලිස් නිලධාරින් තවමත්. හිරේ නාකි මයිනායි මයිනියි ගොහොර ජඩ වැඩ කියන්න කරන්න ගිය නිසා මුන්සේරම ගන්න අත්අඩංගුවට... රනිල්ට කියන්න... කොන්ද කෙළින් වුනේ ඡන්දේ ළඟ නිසාද කියලා. ඔය සේරම ගෙදර. මේවා රඟපෑම්. එක්කෝ මනුස්සයෙක් නෙමේ මැරුනේ බෙහෙත් වලින්. එක ගොබ්බයෙක් නැගි සිටියේ නැහැ... දුප්පත් මිනිස්සු මියැදෙන කොට මොවුන්ගේ දේපළ රාජසන්තක කරන්න ඕනෑ. ඇයි කුඩු විකුණන මිනිසුන්ගේ විතරක්... ඒක එවුන්ගේ බිස්නස් එක. මේ නඩේ කෙරුවේ වරප්‍රසාද අරන් රටේ ජනතාවගේ මුදල් දේපල හොරාකාපු එක කොමිස් ගත්තු එක... ඔයා ලොක්කානේ. ගන්න සේරම අත්අඩන්ගුවට. නැතිනම් දෙවියන්ගේම පිහිටයි ඔයාට...!

:       1       31

Kumara Friday, 22 December 2023 05:59 PM

පවු බන්...!

:       1       24

Siri Friday, 22 December 2023 06:36 PM

අල්ලයි එයාගේ නැට්ටෙන්...!

:       1       26

ගමේ එකාලා Friday, 22 December 2023 09:10 PM

හොර, දූෂිත දේශපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ? ඇමැතියා කියන විදියට තමන් යටතේ ඉන්න අය වැඩ කරන්නේ...!

:       0       6

nihal Saturday, 23 December 2023 12:19 AM

අල්ලස් ගත්තද? බයිලා කියන්න එපා..!

:       0       6

නිමල් Saturday, 23 December 2023 03:43 AM

අත්අඩංගුවට ගන්න සාක්ෂි ඕනමද?

:       0       7

Bamunuarachchi Saturday, 23 December 2023 04:05 AM

මෙතන කවුරු පිස්සු කරත් අල්ලා ගත්තු අය කියන්න ඕනෑ තමන්ට සහයෝගය දීපු, අනුමත කළ අය කව්ද කියලා... එතකොට කෙහෙළියගේ නම කිව්වොත් කෙහෙලිය අල්ලා ගනීවි. ඊට පසු ප්‍රශ්න කිරීම CID එකට බාරයි. කොහොමත් කෙහෙළිය සම්බන්ධ නම් උසාවියේදී නම කියැවේවි...!

:       7       4

Perera Saturday, 23 December 2023 08:24 AM

මම මාටියා ගහන්නේ, ජාවාරම් සේරම කරන්නේ මට විරුද්ධව කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි විදිහට මට පහළින් ඉන්න අයව අහුවන විදිහට...

:       0       10

Asanga Saturday, 23 December 2023 10:00 AM

තව මොන සාක්කිද? ඕනෙ කියන්නේ... කොහොමත් ඔය ඇමැති කළිනුත් හොරකම් කළේම නැහැනේ.. නේද?

:       1       10

Chandima Saturday, 23 December 2023 10:58 AM

අනේ එයා කිසි වරදක් කරලා නෑ. ලබන වතාවෙත් ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්න.

:       1       10

Kumara Saturday, 23 December 2023 02:53 PM

කකුලත් කඩාගත්තා... ඒකටත් අපේ සල්ලි වලින් තමයි බෙහෙත් ගන්නේ...

:       1       7

සල්ලි Sunday, 24 December 2023 11:30 AM

සාක්ෂි නැතුව අත් ඇරපුවා කොයිතරම් තියෙනවාද... මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 0 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 8 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 22 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 214 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 22 222 0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 121 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 537 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site