IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සුඛෝපභෝගී වාහන 300ක් වරායේ දිරයි

(යොහාන් භාසුර)

රජය වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු පසුගිය වසරේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 300 කට අධික සංඛ්‍යාවක් වරාය තුළ ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මෙම වාහන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග විමසා රේගු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයෙන් ලිපියක් යොමුකර ඇති අතර මුදල් අමාත්‍යංශයෙන් ඒ සඳහා මේ දක්වා පිළිතුරක් ලැබී නොමැත.

පසුගිය වසරේ (2020) මාර්තු මස ‘කොරෝනා’ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ වාහන ආනයනය තහනම් කිරීමෙන් පසුව මෙරටට ගෙන්වන වාහන වීම නිසා නීතියට පටහැනිව ආනයනය කර ඇති බවත් ඒ හේතුවෙන් එම වාහන රාජසන්තක කරනවාද නැද්ද යන්න පිළිබඳව රේගුව විමසා තිබේ.

මෙම වාහනවලින් වැඩි සංඛ්‍යාවක් ජපානයෙන් සහ බි්‍රත්‍යානයෙන් බලපත්‍ර ක්‍රමයට ආනයනය කළ ඒවා වන අතර එම වාහන වසරකට වැඩි කාලයක් වරායේ තිබීම හේතුවෙන් විනාශ වීමේ අවදානමකට පත්ව තිබේ.

මෙම වාහන රුපියල් කෝටි 1000 ක පමණ වටිනා බවත් විනාශ වීමට ඉඩ හැරීම අපරාධයක් බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (9)

සුඛෝපභෝගී වාහන 300ක් වරායේ දිරයි

Ratne Thursday, 28 October 2021 05:47 AM

එම රථ බලපත්‍ර ක්‍රමයට ගෙනා ඒවා නම්, ඒවා එම සහනය ඉවත්කර සාමාන්‍ය පරිදි බදු ගෙවීමටත් අනෙක් වාහන වලට ගෙවිය යුතු බදු මුදලට අමතරව තවත් 50% ක දඩ මුදලක් අයකර ගෙන නිදහස් කිරීම වඩාත් සුදුසු වේ.

:       1       9

Prabha Thursday, 28 October 2021 01:16 PM

ඔය බලපත්‍ර කියන්නේ ඒ රටවල් වසර කරන අයට ලැබෙන බලපත්‍ර මිස පාර්ලිමේන්තුවේ වසර පහක් බත් ගිලලා ගන්න ඒවා නොවෙයි

:       0       1

RaveendraThursday, 28 October 2021 04:06 PM

ඔබ අදහස් කරන්නේ බ්ලු පර්මිට් කාණ්ඩයට අදාළ බලපත්‍රද? අප දන්නා පරිදි එම බ්ලු පර්මිට් බලපත්‍ර තාවකාලිකව නවතා ඇති බවයි. එය නවතා ඇත්තේ කොරෝනා වලටත් පෙර සිටයි...

:       0       1

RaveendraThursday, 28 October 2021 04:11 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම ප්‍රායෝගිකයි. කළයුත්තේත් එය බව අප විශ්වාස කරන්නෙමු. තව එක් යෝජනාවක් ඔබගේ අදහස් සමග එකතු කිරීමට කැමැත්තෙමු. මෙම ගනුදෙනුව විදේශ මුදල් වලින්ම කිරීමට හැකිනම් එමගින් රජයට ඍජුවම විදේශ මුදල් සුළුවට හෝ උපයාගත හැකි බවය.

:       0       0

Perera Thursday, 28 October 2021 06:38 AM

ඔය වාහන ටික පිට රටවල් ව්ලාට විකුනලා ඒ ලබන ඩොලර් වලින් පොඩි සහනයක් මිනිස්සුන්ට දෙන්න බැරිද?

:       0       9

Bandara Thursday, 28 October 2021 08:31 AM

අනිවාර්යයෙන්ම මේ වාහන පිටිපස්සෙත් මොකක් හරි ජිල්මාට් එකක් ඇති. ඇයි රාජසන්තක කරලා, ප්‍රසිද්ධ වෙන්දේසියක විකුණලා, රජයට ආදායමක් ගන්න බැරි. එහෙම කරන එක කල් මැරීමෙන් පේන්නේ මේ වාහන ගෙන්වල තියෙන්නෙත් ආණ්ඩුවේම අය සහ ආණ්ඩුවට සම්බන්ධ අය බවයි.

:       0       17

Senarath Thursday, 28 October 2021 09:37 AM

රජයේ ආයතනවල වැඩ මෙහෙම තමා.

:       0       15

Citizen Thursday, 28 October 2021 10:04 AM

ඔව් මෙම වාහන විනාශ වීමට ඉඩ හැරීම ලොකු අපරාධයක්, එහෙයින් මෙම වාහන ටික වහාම නිදහස් කර රට වෙනුවෙන් දිවි පරදුවට ඉතාමත් කැප කිරීමකින් පාර්ලිමේන්තුවේ ලැඟන් ඉන්න උදවියට හා සට්ටැඹිකම් කරන උදවියට වහාම ලබා දෙන්න​.

:       1       13

fairoos Thursday, 28 October 2021 01:02 PM

මේවා හෙන ගහන අපරාධ .මෙලෝ රහක් නැති ආණ්ඩුවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 577 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2359 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 13 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 596 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 391 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1274 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 625 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site