IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍යයට කෝපා අනුකමිටුවේ අප්‍රසාදය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට වගකිවයුතු සෞඛ්‍යය   සේවකයන්ට  දැඩි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය  ගැන කරුණු සොයා බැලීමට පත් කෙරුණු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  අනු කමිටුව දැඩි අප්‍රසාදය පළ කළේය.

මේ අතර ජාතික රෝහලේ ශල්‍ය උපකරණ වංචාවට හසුවූ නිලධාරිනිය වසර දහයක් තිස්සේ එම වංචනික කටයුතුවල යෙදී ඇතැයිද    තොරතුරු අනාවරණයවූ බව කෝපා  අනු කමිටුව පවසයි.

මෙම නිලධාරිනියගේ වැඩ තහනම් කර ඇතත් අනෙකුත් නිලධාරිනියන්ගේ වැඩ තහනම් කිරීම ප්‍රමාදවීම බරපතළ ගැටලුවක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  කමිටුව හමුවේ  පෙන්වා දුන්හ.

මේ තත්වය යටතේ විමර්ශනයකදී හෝ  අධිකරණයකදී එම පිරිස   නිවැරදි කරුවන් බවට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවද  ඔවුහු  පෙන්වා දුන්හ.

රෝහල්වල උපකරණ හා ද්‍රව්‍ය නිකුත් කිරීමේ  නිසි අධික්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බව පවසන එම අනු  කමිටුව සෑම රෝහලකම නිසි  කළමනාකරණ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කළේය.

මේ අතර කුරුණෑගල අනුරාධපුර යනාදී  රෝහල්වල ආපනශාලා බදු දීමේදී  සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සහ මාතර මහ රෝහලේ පවිත්‍රතා සේවය ලබාගැනීම  සහ  රෝහල් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ආදියට අදාළ විගණන විමසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම අනුකමිටුවේ රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ  පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුල දිසානායක යන මහත්ම මහත්මීහුද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (0)

සෞඛ්‍යයට කෝපා අනුකමිටුවේ අප්‍රසාදය

ඔබේ අදහස් එවන්න

දියත

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 111 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 66 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 342 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1686 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 238 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3268 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39687 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site