(අංජුල මහික වීරරත්න)
මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබා දීමට ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චංග් මහත්මිය එකඟතාවය පළ කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.
මෙම හමුවේ දී මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ මෙන් ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා ඇමරිකා රජය දක්වන සහයෝගය සහ ප්‍රදානයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ මෙන් ම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නව රජය ගෙනයන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කළේය.
එමෙන් ම මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ ආයුර්වේදය හා බද්ධ කරමින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද එවැනි විශේෂ සැලසුම් සහගත ව්‍යාපෘති රාශියක් වත්මන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවෙළ තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය
පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සෞඛ්‍යයට - ජනමාධ්‍යයට සහය දෙන බව ජුලී චංග් කියයි
upul Attanayake Wednesday, 22 January 2025 01:45 PM
අනේ අපිට සෞඛ්‍ය රැකගන්න උදව් එපා. ඔය සෙට් එකත් අරගෙන ගිහින් ඇමරිකානුවන්ට නිකන් බෙහෙත් දෙන්න, නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් හොයාගන්න බලන්න. මේ දෙගොල්ලම හොර කථානායකලා.
Nishan Wednesday, 22 January 2025 03:01 PM
දැන් ඔබතුමීගෙන් සද්දයක් නෑ. ගිය ආණ්ඩු කාලේ සහ ජනාධිපතිවරණෙන් ඉස්සෙල්ලා නම් පුදුම කන්දොස්කිරියාවක් තිබුනේ.
Gavin Wednesday, 22 January 2025 04:05 PM
මෙයා අගමැති වගේනෙ.. අම්මෝ ලංකාවට තියන ආදරේ...
[email protected] Thursday, 23 January 2025 09:49 AM
මේ අයව ගෙනාවේ මෙයාලනේ .ඒ නිසා අනිවාර්යයෙන්ම උදව් කරන්න ඕනනේ නේද. පුදුම විදියට මහන්සි උනේ මේ අයව ඔතනට ගන්න
Vithana Thursday, 23 January 2025 05:05 PM
පැලවත්තේ සුදු මැඩම්....
ඩිනිත් දීපාල් Thursday, 23 January 2025 07:05 PM
මේ බෝන් අගේන් පල්ලියේ දූතිකාව ලන්කාවට හතුරුකම් කරන බුද්ධාගම පෙන්නන්න බැරි හෙරව හම්බවෙන්න JVP රිලව් සූට් ගහලා ඇවිල්ලා ලැජ්ජා නැති හීනමානයෙන් පෙලෙන... ද්‍රෝහී JVPපච රැල ...