(යොහාන් භාසුර)
ආණ්ඩුව දිගින් දිගටම දේශපාලන උවමනාවන් සඳහා ‘කොවිඩ්’ නීතිය යොදා ගැනීමෙන් සෞඛ්‍ය නීතීය පිළිබඳව මහජන විශ්වාසය බිඳවැටී ඇති බවත් එය ‘කොවිඩ්’ වසංගතය පාලනයට සෞඛ්‍ය සේවාට පැවරී ඇති කාර්ය කිරීමට බාධාවක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
අරගල එනවිට, ආණ්ඩුවට එරෙහි විරෝධතා එනවිට, ඒවා ඉලක්ක කරගෙන වසංගතයට අදාල ගැසට් නිවේදන සහ නීති පැනවීම මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා දේශපාලන පීඩාවකට ලක්කර ඇති බව කී රවී කුමුදේශ් මහතා ඒ හරහා සමස්ත සෞඛ්‍ය සේවාවම මහජනතාව පිළිනොගන්නා පිරිහීමකට ලක්වන බව ද සඳහන් කළේය.
ජනතාව රටේ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන්නේ නීතියට ඇති බියකට නොව ඒ නීතීය තමන් වෙනුවෙන් පනවන ලද ඒවා යන විශ්වාසය මත බවත් කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ සෞඛ්‍ය නීතී ගැන මහජන විශ්වාසය බිදිලා ‘
කිරි පුතා Tuesday, 16 November 2021 01:59 PM
මිනිසුන් පක්ෂවලට බෙදිලා , N.G.O. නඩවලට නතු වෙලා, වෘත්තිය සමිතිවලට බෙදිලා උද්ඝෝෂණ , වැඩ වර්ජන කරනතාක් කල් කිසිම රජයකට මේ රට ගොඩ ගන්න බෑ. මිනිසුන්ට තියෙන්නේ පක්ෂ විතරයි. රටක් නෑ.
සුරලොව ඇක්මන් Tuesday, 16 November 2021 02:36 PM
කුමුදේශ් මැතිතුමාට තේරුම් ගියත් ලොක්කන්ට නොතේරීම අපේ අභාග්‍යක් ඇත්තටම ඊයේ හවස් වෙනතුරු නොතිබුණු නීතියක් සජබ රැස්වීමක් නිසා ඇති කලා සුලු.පීඩනයක් වසාගෙන සිටියොත් වෙන්නෙ විශාල පිපිරීමකින් කෙලවර වෙන්න පුළුවන්
RatneTuesday, 16 November 2021 03:04 PM
නිවැරදියි
kamal Tuesday, 16 November 2021 02:42 PM
හැබෑට ?විද්වතෙක් කියනකම් අපිට හාන්කවිසියක්වත් දැනුනේ නැහැ නොව
wahaldeepe Tuesday, 16 November 2021 06:34 PM
දේශපාලන වුවමනාවන් සඳහා ‘කොවිඩ්’ නීතිය යොදා ගැනීම... සහතික ඇත්ත.