(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ජනතාව වෙනුවෙන් තම සේවාව නිබදව ඉටුකරණ සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බවද අමාත්‍යවරයා කීය.
එයින් වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන සෞඛ්‍ය වෘත්තිකයාගෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන් ම ලැබෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන සාකච්ඡාමය වැඩසටහන් අතරතුර දී ය.
වෘත්තීය සමිති සමග පවත්වන විශේෂ සාකච්ඡා මාලාව යටතේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමග අමාත්‍යවරයා සාකච්ඡා පවත්වනු ලැබීය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත් කරනවා’
PGPThilak Tuesday, 14 January 2025 05:58 PM
මෙයාලා සූදානම් වෙන්නේ සල්ලි අච්චු ගහන මැෂින් බෙදා දෙන්න...! දැනටමත් ලක්ෂ ගණන් පඩි, දීමනා ගන්න මේ හැතිකරය මේ රටට ඔරොත්තු දෙන්නේ නැති බව මේ ගොබිලයින්ට නොතේරෙනවා නොවෙයි මොවුන් ඇත්ත කතා කරලා මහජනයා සමග හිට ගන්නවා වෙනුවට වෘත්තීය සමිති මාෆියාවට බියෙන් රටේ ආර්ථික අභිවෘද්ධිය පාවා දෙනවා...!
ලක්විදුTuesday, 14 January 2025 08:04 PM
තිලක් මහත්තයෝ, ඔයාගෙ පුතාට මෙඩිකල් කොලේජ් යන්න බැරිඋනා නේද?
kanishka Wednesday, 15 January 2025 09:34 AM
මේ මෝඩ ආණ්ඩුවත් කළින් ඒවා වගේම සෞඛ්‍ය වෘත්තිකයො විතරක් තෘප්තිමත් කර කර හිටපල්ල. රටේ ආර්තිකය, නිෂ්පාදන කෘෂිකර්මය කරන වෘත්තිකයන් අඩු කුලේ කියල සලකලා රටින් යන්න ඇරපල්ල. ඊට පස්සෙ කලින් වගෙම වෙන රටවලින් ණයට කකා හිටපල්ල. ගොඩ ඒමක් නෑ. වෙන කිසිම රටක මේ වගේ වෘත්තීය භේදය නෑ. සෞඛ්‍ය වෘත්තිකයො තෘප්තිමත් කරන්න නම් මහ බංකුව එයාලට ලියල දෙන්න වෙයි. මොකද ලංකාවෙ දොස්තරල එහෙම කොච්ච්‍ර පඩි දුන්නත් සෑහීමකට පත්වෙන්නෙ නෑනෙ
Saadara Wednesday, 15 January 2025 12:51 PM
නොමිලේ මෙඩිකල් කොලේජ් ගිය අය සල්ලි වලට බෙහෙත් දෙන්නේ ඇයි?
Rajakaruna Wednesday, 15 January 2025 01:30 PM
මේ රටට ඇත්තටම නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය ලැබෙන්න නම් පුද්ගලික ටියුෂන් සහ පුද්ගලික ඩිස්පෙන්සරි තහනම් කරන්න. වෙනත් විසඳුම් පැලැස්තර පමණි .
Namal Wednesday, 15 January 2025 02:02 PM
මේ රටට ඇත්තටම නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය ලැබෙන්න නම් private tution සහ private dispensary තහනම් කරන්න. වෙනත් විසඳුම් පැලැස්තර පමණි.
Kamal Koyrala Wednesday, 15 January 2025 03:23 PM
"සෞඛ්‍ය සේවකයන් තෘප්තිමත්. වර්තමාන සමිති තෘප්තිමත් නැහැ, හැකි නම් වෛද්‍යවරුන්ගේ පැමිණීමේ සටහන් යොදන්න ෆවුසි මහත්තයෙගෙන් ඉගෙන ගන්න."