IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සෞඛ්‍ය සේවකයන්ට හෙට සිට බූස්ටර්

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් රෝගීන් සමඟ ගැටෙන සෞඛ්‍ය අංශ සේවකයන් ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයන්ට තුන්වෙනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීම හෙට (01) සිට ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පළමුවෙන්ම එන්නත හිමිවන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටය. එලෙස ඔවුනට ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා ගෙන මාස 6ක් ගතවූ පසු බූස්ටර් එන්නත ලබා දෙන බවත් මුලින්ම එන්නත ලැබෙන්නේ රෝගීන් සමග ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය අංශ සේවකයන්ට , ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට බවත් ඔහු කීවේය.

ගුවන්තොටුපොළ , වරාය සංචාරක යනාදී ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ඉන්පසු එන්නත ලබා දෙන බව පැවසූ ඒ මහතා ඉන්පසු මෙරට වයස 60ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

ඉන්පසු වයස තිහත් හැටත් අතර විවිධ රෝගාබාධ ඇති අයටද ඊට පසු අවුරුදු 20ට අඩු සියලුම දෙනාටද බූස්ටර් එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව එක් කෝටි තිස් හතර ලක්ෂ හැට දහසකි. එය මෙරට ජනගහණයෙන් සියයට 62.5 ක ප්‍රතිසතයකි.

 



අදහස් (1)

සෞඛ්‍ය සේවකයන්ට හෙට සිට බූස්ටර්

SL Sunday, 31 October 2021 09:45 PM

රාජ්‍ය සේවකයින්ට දෙන්න ඕනේ වගකීමක් ගන්න පුරුදු වෙන බූස්ටර් එකක්... බිලියන ගණන් පාරක් හැදුවොත් මාසයක් යන්න කලින් පාර කපන්න තව රාජ්‍ය සේවකයින් පිරිසක් එනවා. ගමනාගමන මණ්ඩලය පාඩු වෙනකොට පුද්ගලික බස් හිමියන් ලාබ ලබනවා. වී අලෙවි මණ්ඩලය රටට බරක් වෙද්දී, පුද්ගලික වී මෝල් කරුවන් රටේම වී මිල පාලනය කරන්න තරම් ආර්ථික හයියක් ගන්නවා. NMR එකේ ඉන්න හිඟන්නෝ ලංකාවේ නිෂ්පාදනයක් සහතික කරගන්න ගියොත් මාස හය, හත අදිනවා. ප්‍රශ්න කෝටියයි. වැඩේ වෙන තැනට ගන්නේම නැහැ. පරිසරේ කියලා වැඩක් නැහැ... පාර පුරා කාණුවලට වාහන හෝදන තැන්වල වතුර අතහරිනවා. ගංගා ඉස්මත්තේ හෝටල්, කඩ, ගරාජ් හදනවා.. එ්වැයි තියෙන කුණු ඔක්කොම ගඟට දානවා. ඒ වතුර පිරිසිදු කරන්න බිලියන ගණන් වියදම් කරනා ... මේ වගේ රාජ්‍ය සේවකයින්ට ගහන්න ඕනේ වෙනම එන්නතක්..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 658 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 247 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 775 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 71 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 544 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2208 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site