IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘සෞඛ්‍ය සේවය විධිමත් කරනවා ‘

(දයාරත්න ඇඹෝගම)

මුදල් තියෙන ඇති,හැකි,අයට   පමණක් ලබාගත හැකි ඒ උසස් පන්නේ සෞඛ්‍ය සේවාව රටේ සාමාන්‍ය ජනතාවටද ලබාගත හැකි ආකාරයට විධිමත් තරන බව සර්ව ජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

අනුරාධපුර,කඩ පනහ පරිශ්‍රයේ පැවති ජන රැලියක් අමතමින් ඒ මහතා මේ බව පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සර්ව ජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා මෙසේද පැවසිය.

“මේ රට පාවා දෙන්න යනවා නම් ඒවට විරුද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න තමයි ඔබ අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හැත්තෑ පස් අවුරුදු දේශපාලනය පළමු වතාවට අපි උපායමාර්ගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙ තියෙනවා අපි ඒක කරන්නේ කොහොමද. කවදද කියලා. මේ රටේ හැම නිවසකම අවම ආදායම ලක්ෂයක් විය යුතුයි. ලක්ෂයේ වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම තහවුරු කරන බව අපි අපේ උපාය මාර්ගික වැඩපිළිවෙළේ කියලා තියෙනවා.”

 “ කන්න තුනක් යනකොට ගොවියන්ගේ ආදායම දෙගුණයකින් වැඩි කරනවා. ඒක අනිවාර්යයෙන්ම තහවුරු  කරනවා. එකට විද්‍යාත්මක හා තාර්කික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. වී වලට යොදලා තියෙන උපරිම සිල්ලර මිල ඉවත් කරලා පිටරටට යන අපේ ආදායම් නවත්තලා ඒ මුදල් ඔබේ නිවසට පොම්ප කරනවා ඒ ක්‍රමය අපි අපේ උපායමාර්ගික සැලැස්මට ඇතුලත් කරලා තියෙනවා. වී වලට හාල්වලට උපරිම සිල්ලර මිලක් දාලා තියෙනවා අනිත් කිසිම වැඩකට නැති භාණ්ඩවලට  මිලක් දාලා නෑ. ඒකෙන්  ගොවියන්ට ගන්න පුළුවන් සොච්චම් මුදලක් විතරයි.එහෙම  කොහොමද ඔබ දියුණු වෙන්නේ.”

“ මම අභියෝග කරනවා මේ රටේ හිටිය දේශපාලනඥයින්ටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ටත් අපි කරමු විවාදයක් අන්න ඕක ගැන. පුලුවන්නම් එන්න. මේව පොරොන්දු නෙවෙයි නිකන් මැතිවරණ වේදිකාවල ඉඳලා කිසිම අගක් මුලක් නැතුව  වැට් අඩු කරනවා, තෙල් මිල අඩු කරනවා කියනවා, කොහොමද අඩු කරන්නේ? ඩොලර් කොහෙන්ද? ඒව කියන්න නෑ. අපි කියන්නේ ගණන් මිමි හදලා. තව කියන්න කැමතියි මේ රටේ ණය කළමනාකරණය ගැන කතා කරන රට ණයෙන් පුරවපු මේ ණය පප්පලට ආයෙමත් ගණන් හදලා බලන්න 2029 දී කොහොමද ඔය ණය ගෙවන්නේ”.

“මේ ගැන ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් කතා කරනවද? ඒ ආදායම මේ රටට ලැබෙන්නේ කොහොමද? ජනතාව සහගතයකින් මැරිලා යනවද? කන්න බොන්න නැතුව යනවද කියලා කතා කරනවද? ඒවා කතා කරන්න නෑ.  මම කියන ඒවා බොරු නම් අපි කරමු විවාදයක්.   අපේ රටේ අධ්‍යාපනය නිර්මාණශීලීත්වය විනාශ කරපු, ව්‍යවසායකත්වය නැති කරපු, මේ අපේ යල්පැන ගිය අධ්‍යාපනය ක්‍රමය වෙනස් කරන්න ,අනුරාධපුරේ දරුවටත් භේදෙයකින් තොරව ඔවුන්ට දැනෙන ඒ ව්‍යවසායකත්වය දියුණු කරන්නෙ කොහොමද කියන ක්‍රමය අපි උපායමාර්ගික වැඩපිළිවෙළේ කියලා තියෙනවා.”

“ අපි ඉදිරිපත් කරලා තියෙන සෞඛ්‍ය ප්‍රතිපත්තිය  ඖෂධ වල ගුණාත්මකභාවය වැඩි කර ගැනීම, මුදල් තියෙන පිරිසකට පමණක් ලබාගත හැකි ඒ උසස් පන්නේ සෞඛ්‍ය සේවාව ඔබට ලැබෙන්නේ කොහොමද කියලා අපි අපේ වැඩපිළිවෙල තුළ කියලා තියෙනවා. මේ රට මේ තත්ත්වයට පත්වෙන්න රටේ ඇති දූෂණය හේතු වුණා. ඒ දූෂණය නවත්තන්න ඔක්කම  කතා කරනවා දූෂණය කරමින්.”

“පසුගියදා ජනාධිපති අපේක්ෂකයන්ගේ මාසික ආදායම ඉදිරිපත්කර තිබුනා.අපට දුක හිතුනා ඒ අයගේ මාසික ආදායම ගැන.  ඕගොල්ලන්ට ජීවත් වෙන්න බැරි ගානටත් ඒගොල්ලෝ ජීවත් වෙන්න ආදායමක් නැහැ. රැපියල් ලක්ෂ දෙකෙන් රැපියල් ලක්ෂ තුනෙන් ජිවත් වෙනවා කියාපු  ඒ කළු ආර්ථිකේ කොටස්කරුවෝ වන පැලවත්ත මුලස්ථානයේ හිටියත් කොළඹ හතේ හිටියත්,පිටකොට්ටේ හිටියත් ඔක්කොම කලු ආර්ථිකයේ ඉන්න පල් හොරැ රැලක්.ඔවුන් දුෂණය නැති කරනවා නම් ඔය වත්කම් ප්‍රකාශයේ තියෙන විදියට ජිවිත් වෙන්න පුලුවන්ද කියලා මම අහන්න කැමතියි.”

“ හෙට අනිද්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාම ගියාට පස්සේ  මම ගානේ පාරිතෝෂික දිමනාවක් ලබා දෙනවා.කොහොමද එතුමා රැපියල් ලක්ෂ දෙකෙන් ජිවිත් වෙන්නේ.බයිසිකලයකට පෙට්ට්‍රල් ටිකවත් ගහ ගන්න බැහැ.  ඔවුන් දූෂණය නවත්තනවා නම් ඔවුන්ගේ වත්කම් ප්‍රකාශනය කියන විදිහට ජීවත් වෙන්න පුළුවන්ද කියලා අපි අහනවා”.  සර්ව ජන රජයක් යටතේ රටේ කිසිවෙකුටවත් කණගාටු විමට ඉඩ නොතබන බවද සර්ව ජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා මෙහිදි පැවසිය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරැන් වන විමල් විරවංශ,ගෙවිදු කුමාරතුංග,ගාමිනි වලේබොඩ හා නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මිහුද මෙහිදි අදහස් දැක්වුහ.

 



අදහස් (9)

‘සෞඛ්‍ය සේවය විධිමත් කරනවා ‘

sachiith Monday, 26 August 2024 12:22 PM

රුපියල් 250 ඇන්ටිජන් කිට් 2500 විකිණපු මනුස්සයෙක් ඇවිත් කියනවා සුව සේවා හදනවා කියලා

:       5       40

thushara Monday, 26 August 2024 12:25 PM

ඇන්ටිජන් කිට් වලින් වෙන්න ඇති...

:       4       34

thshan Monday, 26 August 2024 12:27 PM

ඇන්ටිජන් හොරා සෞඛ්‍ය සේවය විධිමත් කරන්න කතාකරනවා.. එන්න අපි රැවටෙමු..

:       4       37

නිමන්ත Monday, 26 August 2024 12:49 PM

හා විධිමත් කරන්න හැබැයි අපිට සැබෑ වටිනාකම වගේ කීප ගුණයක් ගෙවලා ඇන්ටිජන් කිට් ගන්නනම් සල්ලි නෑ හොඳේ.

:       5       31

kumaraMonday, 26 August 2024 01:05 PM

කියන්න මොකවත් නැතිනම් අපි එහෙමවත් කියමු නේද? හැමදේම පක්සේ ඇතුලේ ඉඳල බලන්න එපා.

:       1       13

Buddika Monday, 26 August 2024 12:59 PM

දිලිත් දන්නේ නැ එයාගෙ ඇපත් කැන්සල් වෙනවා කියලා.අර කැළණියේ මතු වුණු මුචලින්ද කෝ දැන්? මේ බොරු මැව්වෙ දිලිත් කියල මිනිස්සු දන්නවා.

:       4       29

අරවින්ද මොනරවිල Monday, 26 August 2024 01:45 PM

අරක්කු බෙදන්න ගිහිල්ලා මැකෝට නෝන්ඩි වුණා නේද? දැන් බඹරය කැරකෙන්නේ අපේ පැත්තට, ඒනිසා පොල් අතු කඩේකින් රොටියක් කාලා ප්ලේන්ටියක් ගහලා ඉඳපං.. නැත්නම් වැලිකඩ කල්දේරම් බතේ රස බලන්න වෙයි...

:       4       24

Ama Monday, 26 August 2024 02:21 PM

එහෙන් රොටි කනවා... ආයේ සෞඛ්‍ය හදනවාලු...!

:       0       12

sanjeewa Monday, 26 August 2024 03:18 PM

කෝ ණය ?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 201 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1358 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1272 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1285 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1352 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1182 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24085 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23244 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site